ජොන්ස්ටන්ගෙන් පැය 5 ක් ප්‍රශ්න කරයි

113

ගාලුමුවදොර පැවැති සාමකාමී අරගලයට මැර ප්‍රහාර එල්ල කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් විමර්ශන පවත්වන අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව, හිටපු ඇමැති ජොන්ස්ටන් ප්‍රනාන්දුගෙන් ඊයේ (24 දා) පැය 5ක් ප්‍රශ්න කර ප්‍රකාශ ලබාගෙන ඇත.

මෙම ප්‍රහාරය සම්බන්ධයෙන් ප්‍රශ්න කිරීම සඳහා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව හමුවේ පෙරේදා (23 දා) පෙනී සිටින ලෙස ජොන්ස්ටන් ප්‍රනාන්දුට දැනුම් දීමක් කර තිබිණි. එහෙත් ඒ මහතා එදින නොපැමිණි අතර ඊයේ පෙරවරුවේ සිය නීතිඥයන් මාර්ගයෙන් පෙනී සිටියේය.

ගාලුමුවදොර සිද්ධිය සම්බන්ධයෙන් හිටපු අමාත්‍යවරුන් ඇතුළු 22 දෙනකු අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කරන ලෙස නීතිපතිවරයා පොලිස්පතිවරයාට නියෝග කර තිබිණි.

ඒ අනුව හිටපු අමාත්‍යවරුන් වන නාමල් රාජපක්ෂ, රෝහිත අබේගුණවර්ධන, පවිත්‍රා වන්නිආරච්චි, සී. බී. රත්නායක, ඉන්දික අනුරුද්ධ ඇතුළු පිරිසකගෙන් ප්‍රශ්න කර ප්‍රකාශ සටහන් කර ගැනීමට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව කටයුතු කර තිබේ.

හේමන්ත රන්දුණු

advertistmentadvertistment
advertistmentadvertistment