ජොන්ස්ටන්ට, සතොස හිටපු ලොක්කන් 2 කට අල්ලස් කොමිසම නඩු පවරයි

234

හිටපු සමුපකාර හා අභ්‍යන්තර වෙළෙඳ අමාත්‍ය ජොන්ස්ටන් ක්ෂේවියර් ප්‍රනාන්දු, සතොස හිටපු සභාපති පොන්නගේ එරාජ් ටි්‍රයන්තා ප්‍රනාන්දු සහ සතොස හිටපු ක්‍රියාකාරී අධ්‍යක්‍ෂ කාජා මොහිදීන් මොහොමඩ් සකීර් යන විත්තිකරුවන් තිදෙනාට අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිෂන් සභාව විසින් ඊයේ (30 දා) කොළඹ මහාධිකරණය හමුවේ අධිචෝදනා ගොනුකර වෙන් වෙන්ව නඩු 5 ක් පවරනු ලැබීය.

2010.01.01 වැනිදා හා 2014.12.31 වැනිදා කාලය අතරතුරදී කුරුණෑගලදී සතොස සේවකයන් 153 දෙනකු ඔවුන්ගේ නිල රාජකාරිවලින් බැහැර කර වෙනත් කටයුතු සඳහා යොදවා

ගැනීමෙන් රජයට රුපියල් කෝටි 04 කට ආසන්න පාඩුවක් සිදුකිරීම හා රජයේ සේවකයන් ලෙස එලෙස කිරීමෙන් දූෂණය නමැති වැරැද්ද සිදුකළේ යැයි මොවුන්ට චෝදනා නඟා තිබිණි. එකී චෝදනා යටතේ අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිෂන් සභාව විසින් කොළඹ ප්‍රධාන මහෙස්ත්‍රාත් අධිකරණය හමුවේ වෙන් වෙන්ව නඩු පහක් පවරා තිබිණි.

එකී නඩු පැවරීම් සිදුකර ඇත්තේ අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිෂන් සභාවේ කොමසාරිස්වරුන් තිදෙනාගේම ලිඛිත අවසරය නොමැතිව වන බව පෙන්වා දෙමින් සැකකරුවන්ගේ නීතිඥවරුන් ඉදිරිපත් කළ විරෝධතා පිළිගත් මහාධිකරණ නඩු දෙකකින් එකී සැකකරුවන් නිදොස් කොට නිදහස් කිරීමට නියෝග කොට තිබූ අතර එකී පදනම මත අල්ලස් කොමිෂන් සභාව විසින් සෙසු නඩු කිහිපයද ඉල්ලා අස්කර ගැනීමට පියවර ගෙන තිබිණි.

ඒ. ජේ. ඒ. අබේනායක

advertistmentadvertistment
advertistmentadvertistment