ජොන්ස්ටන් අද සීඅයිඩීය හමුවට

309

ගාලුමුවදොර විරෝධතාකරුවන්ට ඉකුත් 09 වැනිදා පහරදීමේ සිද්ධිය සම්බන්ධයෙන් ප්‍රකාශ සටහන් කරගැනීමට හිටපු ඇමැති ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතාට අද (23දා) අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුවට පැමිණෙන ලෙස දැනුම්දී ඇත.

ඒ මහතාට අමතරව අද තවත් පිරිසකගෙන් ප්‍රශ්න කිරීමට නියමිතව ඇතැයි රහස් පොලිසියේ ජ්‍යෙෂ්ඨ ප්‍රකාශකයෙක් ‘දිවයින’ ට පැවැසීය. මෙම සිද්ධිය සම්බන්ධයෙන් හඳුනාගත් පුද්ගලයන් අත්අඩංගුවට ගැනීම සඳහා ප්‍රදේශ රැසකට රහස් පොලිස් නිලධාරීන් යවා ඇතැයිද එම නිලධාරියා වැඩිදුරටත් සඳහන් කළේය.

නෝමන් පලිහවඩන

advertistmentadvertistment
advertistmentadvertistment