ජොන්ස්ටන් හා මහජන ආරක්‍ෂක ලේකම්ගෙන් සී අයි ඩීය ප්‍රශ්න කරයි

177

ගාලුමුවදොර අරගල භූමියට ප්‍රහාර එල්ල කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් විමර්ශන පවත්වන අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුව හිටපු ඇමැති ජොන්ස්ටන් ප්‍රනාන්දු සහ මහජන ආරක්‍ෂක අමාත්‍යාංශයේ

ලේකම් මේජර් ජෙනරාල් (විශ්‍රාමික) ජගත් අල්විස් මහත්වරුන්ගෙන් ඊයේ (23 වැනිදා) ප්‍රශ්න කර ප්‍රකාශ ලබාගෙන ඇත.

අරගල භූමියට ප්‍රහාර එල්ල කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් චෝදනා ලැබ සිටින හිටපු අමාත්‍යවරුන් ඇතුළු 22 ක් සම්බන්ධයෙන් විමර්ශන පවත්වා ඔවුන් වරදක් කර ඇත්නම් අත්අඩංගුවට ගන්නා ලෙස නීතිපතිවරයා මීට පෙර පොලිස්පතිවරයාට නියෝග කර තිබිණි.

එසේ චෝදනා ලැබූ පිරිස අතර ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතාගේ නමද සඳහන් වී තිබිණි. ඒ අනුව ඊයේ පෙරවරුවේ හිටපු ඇමැතිවරයා අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුව හමුවේ පෙනී සිටි අතර දහවල්වනතුරුම ප්‍රකාශ ලබා ගැනීම් සිදු කෙරිණි. මේ අතර අරගල භූමියට එල්ල වූ ප්‍රහාරය වළක්වා ගැනීම සඳහා කලහකාරි පිරිස්වලට කඳුළු ගෑස් සහ ජල ප්‍රහාර එල්ල නොකරන ලෙස නියෝග කළ බවට චෝදනා එල්ල වී ඇති මහජන ආරක්‍ෂක අමාත්‍යාංශ ලේකම් ජගත් අල්විස් මහතාගෙන් ද ඊයේ ප්‍රකාශ ලබා ගන්නා ලදී.

හේමන්ත රන්දුණු

advertistmentadvertistment
advertistmentadvertistment