ජොනී ආගිය අතක් නෑ අල්ලන්න දිගටම මෙහෙයුම්

430

ගාලුමුවදොර සාමකාමී අරගල භූමියට ප්‍රහාර එල්ල කිරීමේ සිද්ධියේ ප්‍රධාන සැකකරුවකු බව කියන පාර්ලිමේන්තු මන්ත්‍රී, ජොන්ස්ටන් ප්‍රනාන්දු අත්අඩංගුවට ගැනීමේ මෙහෙයුම් දිගින් දිගටම ක්‍රියාත්මක කළද කිසිදු තොරතුරක් නොමැති බව පොලිස් ආරංචිමාර්ග පවසයි.

ජොන්ස්ටන් ප්‍රනාන්දු සැගවී සිටින බවට තොරතුරු ලැබුණු ස්ථාන කීපයක්ම විශේෂ පොලිස් කණ්ඩායම් යොදා පරික්‍ෂා කළද සැකකරු අත්අඩංගුවට ගැනීමට මේ වනතුරුත් හැකි වී නොමැති බව එම ආරංචිමාර්ග වැඩිදුරටත් පවසයි.

ගාලුමුවදොර අරගලයට ප්‍රහාර එල්ල කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් අධිකරණය විසින් ජොන්ස්ටන් ප්‍රනාන්දු සැකකරුවකු ලෙස නම් කර තිබිණි.

මෙම ප්‍රහාරයට සම්බන්ධ තවත් සැකකරුවන් පිරිසක් අත්අඩංගුවට ගැනීමට පොලිසිය විමර්ශන පවත්වාගෙන යයි.

හේමන්ත රන්දුණු

advertistmentadvertistment
advertistmentadvertistment