‘ජෝතිගේ’ නොවන ජෝති හඬ

470

විනෝදයට ගායනා කර සමාජ මාධ්‍යවලට මුදා හැරි ගීතයට ඉහළ රසික ප‍්‍රතිචාර ලැබේවි යැයි ඔහුද කිසිදා නොසිතන්නට ඇත. එච්. ආර්. ජෝතිපාලයන් නැවත ඉපදී ඇතැයි ඇතමුන් පවසන්නේ ඔහුගේ හඬ සැබෑවටම එච්. ආර්. ජෝතිපාල ශූරීන්ගේ හඬට සමාන නිසාය. හඬ පමණක් නොව රුවින්ද ඔහු ජෝතිපාලට සමාන යැයි කීවොත් නිවැරදිය. ජෝති හඬ යළිත් ජීවමාන කරමින් රසික සිත් නිවා සනසන මේ අපූරු තරුණයා නමින් සුනෙත් උදයරත්නයි.

‘ජෝතිගේ’ නොවන ජෝති හඬ

මම කවදාවත් කියන්නේ නෑ මගේ හඬ ජෝතිපාල මහත්තයාගේ හඬ වගේ කියලා. එතුමාගේ නම පාවිච්චි කරලා ජනප‍්‍රිය වෙන්න උවමනාවක් මට නැහැ. එතුමා වගේ වෙන්න කටවත් බෑ. මම ඒ හඬ අනුකරණය නොකළට ඒ මෙලඩි අනුරණය කරලා ගීත ගායනා කරනවා. ඉතින් මේ හඬ මගේ රසිකයන්ට ඇහෙද්දි ජෝතිපාල මහත්තයා මතක් වෙනවා කියලා ඔවුන් කියනවා.

 බොහෝ රසික ප‍්‍රතිචාර ලැබුණද ජෝති හඬ අනුකරණය කරනවා යැයි ඇතැමුන් ඔහුට චෝදනා කරන බව ද ඔහු කියා සිටියි. වසර 13 කට වැඩි කාලයක් විදේශගතව සිට ලංකාවට පැමිණි ඔහු මේ වනවිට ඔහුගේ ව්‍යාපාර කටයුතු වලට අමතරව ගීත ගායනයටද මූලික තැනක් දී කටයුතු කරයි.

 ‘‘මට තියෙන්නේ අනුකාරක හඬක් නොවෙයි. මේ මගේ හඬ. ක්‍ෂේත‍්‍රයේ ප‍්‍රවීණයන් පවා මගේ ගායනයන් අගය කරලා තියෙනවා. ජෝති හඬ අමරණීයයි. කොයි තරම් පිරිසක් එතුමාව අනුකරණය කරන්න හැදුවත් එතුමා වෙන්න කාටවත් බෑ’’

 දවසක ප‍්‍රසිද්ධ වේදිකාවේ ජෝතිපාල මහත්මයාගේ ගීත ගායනා කරන්න අරාධනා ලැබුණොත් අනිවාර්යෙන්ම මම අදාළ පාර්ශ්වයන්ගෙන් ඒ සඳහා අවසර ලබා ගන්නවා.

 සුනෙත් මේ වනවිට ඔහුගේම ගීත නිර්මාණ කිහිපයක් අවසන්කර ඇති අතර තවත් ගීත කිහිපයක් කිරීමට සූදානමින් සිිටියි.

 සමාජ මාධ්‍ය වලට මුදාහල ගීතයකින් මේ තරම් දුරක් එන්නට ඔහුගේ හඬ අගය කර වටිනාකමක් ලබාදුන් සියල්ලන්ටම ස්තූති කරන්නටත්, ඉදිරියටත් ඔහු සමඟ රැුඳෙන්නටත් ආරාධනා කරන්නටත් මේ අපූර්ව හඬෙහි උරුමකරුවා අමතක කළේ නැත.

 * නිරෝෂා වාසල

advertistmentadvertistment
advertistmentadvertistment