ජෝන් ටාබට් අභියෝග පලිහ තරගාවලියට දින නියම වේ

129

මෙවර ‘ශ්‍රීමත් ජෝන් ටාබට් අභියෝග පලිහ’ ප්‍රදානය වෙනුවෙන් සංවිධානය කර ඇති ජ්‍යෙෂ්ඨ තරගාවලිය නොවැම්බර් මස දී ද කනිෂ්ඨ තරගාවලිය සැප්තැම්බර් මස දී ද හෝමාගම, දියගම මහින්ද රාජපක්ෂ ක්‍රීඩාංගණයේ දී ක්‍රියාත්මක කිරීමට පියවර ගෙන ඇත.

සුපුරුදු පරිදිම මෙවර කනිෂ්ඨ තරගාවලියේ මුල් අදියර කලාප 05 කදී පැවැත්වේ. යාපනය, මඩකලපුව, මහනුවර, බෙලිඅත්ත සහ බණ්ඩාරගම දී මෙහි මුල් අදියර ක්‍රියාත්මක කෙරෙන අතර එහිදී සුවිශේෂ දක්ෂතා ප්‍රදර්ශනය කරන ක්‍රීඩක ක්‍රීඩිකාවන්ට අවසන් අදියරට පිවිසීමේ අවස්ථාව හිමිවේ.

‘ශ්‍රීමත් ජෝන් ටාබට් අභියෝග පලිහ’ වෙනුවෙන් වාර්ෂිකව ක්‍රියාත්මක කෙරෙන කනිෂ්ඨ ශූරතා තරගාවලිය සහ ජ්‍යෙෂ්ඨ ශූරතා තරගාවලියට අමතරව සහාය දිවීමේ තරගාවලියක් පැවැත්වීමට

ශ්‍රී ලංකා පාසල් මලල ක්‍රීඩා සංගමය අවධානය යොමු කර තිබීම මෙවර ඇති විශේෂත්වයකි.

ආසියාතික සහ දකුණු ආසියාතික මට්ටමේ තරග ආශ්‍රිතව ජයග්‍රාහී සහාය දිවීමේ කණ්ඩායම් නිර්මාණය කර

ගැනීමේ ආරම්භක පියවරක් ලෙස හා විධිමත් යෂ්ටි හුවමාරුව පාසල් අවධියේ සිට ප්‍රගුණ කිරීමට අවස්ථාව සලසා දීම මෙහි අදහස වී තිබේ. එමෙන්ම කණ්ඩායම් හැඟීම මලල ක්‍රීඩක ක්‍රීඩිකාවන් අතරේ යහපුරුද්දක් කිරීම තවත් අභිලාශයකි.

මෙම තරගාවලිය මැයි – ජුනි කාලය තුළ කොළඹ දී පැවැත්වීමට නියමිතය.
අනුරුද්ධ හේරත් බණ්ඩාර

advertistmentadvertistment
advertistmentadvertistment