ජෝන් ටාබට් පළමු දිනයේ නව තරග වාර්තා දෙකක්

152

ශ්‍රී ලංකා පාසල් මලල ක්‍රීඩා සංගමයේ මෙහෙයවීමෙන් දියගම මහින්ද රාජපක්ෂ ක්‍රීඩාංගණයේ දී දැන් ක්‍රියාත්මක 51 වැනි ශ්‍රීමත් ජෝන් ටාබට් අභියෝග ශූරතා මලල ක්‍රීඩා තරගාවලියේ පළමු දිනය වූ ඊයේ (28) නව තරග වාර්තා දෙකක් බිහි වීම කැපී පෙනුණි.

මහනුවර ධර්මරාජ විද්‍යාලය නියෝජනය කරමින් තරග වැදුණු එස්. බී. හෙට්ටිආරච්චි වයස අවුරුදු 12 න් පහළ බාලක මීටර් 80 ජය ගනිමින් ප්‍රදර්ශනය කළ දක්ෂතාවය නව තරග වාර්තාවක් ලෙස සටහන් විය. එම දක්ෂතාවය තත්පර 10.1 කි.

2009 වසරේදී දමිත් වීරසිංහ විසින් පිහිටුවා තිබූ 10. 4 ක තරග වාර්තාව අභිබවා යාමක් ලෙස එය සටහන් විය.

ඉන් අනතුරුව පැවැති වයස 15 න් පහළ බාලක උස පැනීමේ ඉසව්ව ජයගත් වත්තල ලයිසියම් ජාත්‍යන්තර පාසලේ තරුෂ මෙන්ඩිස් නව තරග වාර්තාවක් බිහි කිරීමට සමත් විය. ඔහු ප්‍රදර්ශනය කළ දක්ෂතාවය මීටර් 1.93 කි.

සිලෝන් බිස්කට් සමාගමේ ‘රිට්ස්බරි’ අනුග්‍රාහක ශක්තිය ඇතිව දැන් ක්‍රියාත්මක මෙවර තරගාවලියේ දෙවන දින තරග අද (29) පෙරවරු 7.00 ට ආරම්භ කිරීමට නියමිතව තිබේ. අද පැවැත්වීමට නියමිත අවසාන තරග ඉසව් සංඛ්‍යාව 32 කි.
අනුරුද්ධ හේරත් බණ්ඩාර

advertistmentadvertistment
advertistmentadvertistment