ජෝශප් මයිකල්ගේ දේහයට පාර්ලිමේන්තුවේදී ජනපතිගෙන් අවසන් ගෞරව

69

ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවේ හිටපු කථානායකවරයකු සහ කැබිනට් අමාත්‍යවරයකු වූ අභාවප්‍රාප්ත ජෝශප් මයිකල් පෙරේරා මහතාගේ දේහයට කථානායක මහින්ද යාපා අබේවර්ධන සහ ජනාධිපති රනිල් වික්‍රමසිංහ යන මහත්වරු ඊයේ (30දා) පාර්ලිමේන්තු සංකීර්ණයේ දී අවසන් ගෞරව දැක්වූහ.

එමෙන්ම නියෝජ්‍ය කථානායක අජිත් රාජපක්ෂ, විරුද්ධ පාර්ශ්වයේ නායක සජිත් ප්‍රේමදාස යන මහත්වරු ද, කැබිනට් අමාත්‍යවරු, පාර්ලිමේන්තු මන්ත්‍රීවරු සහ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරු රැසක් ද අවසන් ගෞරව දැක්වීමට එක්ව සිටියහ.

එසේම හිටපු ජනාධිපතිවරුන් සහ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන මහින්ද රාජපක්ෂ සහ මෛත්‍රීපාල සිරිසේන, පාර්ලිමේන්තුවේ හිටපු කථානායක කරු ජයසූරිය යන මහත්වරු ද මෙම අවස්ථාවට එක්වූහ. ඒ මහතාගේ අවසන් කටයුතු ඉරිදා සවස ජාඇල කණුවන සුසාන භූමියේදී සිදුකෙරේ.

රනිල් ධර්මසේන, අකිත පෙරේරා

advertistmentadvertistment
advertistmentadvertistment