ජෝෂප් මයිකල් පෙරේරාගේ දේහය අද පාර්ලිමේන්තුවට

68

අභාවප්‍රාප්ත හිටපු කථානායක ජෝෂප් මයිකල් පෙරේරා මහතාගේ දේහය අද (30 දා) පෙරවරු 09 සිට 10 දක්වා පාර්ලිමේන්තුවේ තැන්පත් කිරීමට නියමිතය.

පාර්ලිමේන්තුව ඉදිරිපස පිහිටි උත්සව ශාලාවේ දී ඒ මහතාගේ දේහය මැති ඇමැතිවරුන්ගේ සහ පාර්ලිමේන්තු සේවකයන්ගේ ගෞරවය පිණිස තැන්පත් කෙරේ.

ඒ මහතාගේ දේහය පිළිබඳ අවසන් කටයුතු සෙනසුරාදා සවස 04 ට ජා-ඇලදී සිදු කෙරෙනු ඇත.
අකිත පෙරේරා

advertistmentadvertistment
advertistmentadvertistment