ජෝ බයිඩන්ගෙන් ශ්‍රී ලංකාවට කොළ එළියක් : ඩොලර් මිලියන 20 ක අතිරේක ආධාරයක්

273

ශ්‍රී ලංකාවේ ආහාර සුරක්‍ෂිතතාව තහවුරු කිරීම සඳහා ඇමෙරිකානු ඩොලර් මිලියන 20 ක අතිරේක ආධාරයක් ලබාදීමට ඇමෙරිකාව තීරණය කර ඇත.

මේ බව ඊයේ (28 දා) පැවැති ජී 7 සමුළුවේදී ඇමෙරිකානු ජනාධිපති ජෝ බයිඩන් මහතා විසින් නිවේදනය කර ඇත.

මෙම ආධාර මුදල් වත්මන් ආර්ථික අර්බුදය තුළ වඩාත්ම අවශ්‍යතා ඇති ශ්‍රී ලාංකිකයන් ඉලක්ක කරන බව ශ්‍රී ලංකාවේ ඇමෙරිකානු තානාපති කාර්යාලය පවසයි.

ඉදිරි මාස 15 තුළ ශ්‍රී ලාංකික දරුවන් 300,000 කට වැඩි පිරිසකට ආහාර ලබාදෙන පාසල් පෝෂණ වැඩසටහනට සහාය වීම සහ 27000 කට අධික ගර්භණී සහ කිරිදෙන මව්වරුන් සඳහා ආහාර වවුචර ලබාදීම මෙම අරමුදල්වල අරමුණ වේ.

ශ්‍යාම් නුවන් ගනේවත්ත

advertistmentadvertistment
advertistmentadvertistment