ඥානසාර හිමියන්ගේ මෙහෙයවීමෙන් කැලණිය විහාරයේදී පිංකම් මාලාවක්

1296

කැලණිය රජමහා විහාරාධිපති මහාචාර්ය කොල්ලූපිටියේ මහින්ද සංඝරක්ඛිත ස්වාමීන් වහන්සේගේ අනුශාසනාව යටතේ ‘එක රටක් එක නීතියක්’ ජනාධිපති කාර්ය සාධක බළකායේ සභාපති ශාස්ත‍්‍රපති පණ්ඩිත

 ගලගොඩඅත්තේ ඥානසාර ස්වාමීන්වහන්සේගේ මෙහෙය වීමෙන් කැලණිය රජමහා විහාරස්ථානයේදී ඉකුත් 28 වැනිදා පිංකම් මාලාවක් පැවැත්විණි.

 තිකෝ සමූහ ව්‍යාපාරයේ අධිපතිනි තිලිණි පි‍්‍රයමාලි මහත්මියගේ ඡුන්ම දිනය වෙනුවෙන් මේ පිංකම් මාලාව සංවිධානය කෙරිණි. පිරිවෙන් සහ මෙහෙණින් වහන්සේලා අධ්‍යාපනය ලබන ආයතන 20 ක් සඳහා අවශ්‍ය ද්‍රව්‍ය පූජා කිරීමත්, දෙසිය පනස් නමක් වූ භික්‍ෂු භික්‍ෂුණීන් වහන්සේලාට ගිලන් පස දානය පූජා කොට ජාතික යුතුකමක් සේ සලකා කොරෝනා වසංගතයෙන් මියගිය සැමට පැන් වඩා පිං අනුමෝදන් කිරීමත්, අසිරිමත් තිසැත්තෑඥාන වන්දනාව සහ පූජාව පවත්වා රට වැසි ලෝවැසි සැමට සෙත් පැතීමක් සිදුවිය. එමෙන්ම කැලණිය මහා වෙහෙර වහන්සේ සහ විහාර මන්දිරය විදුලි ආලෝකයෙන් ආලෝකවත් කිරීමක් සිදුවිය.

 මීට ආචාර්ය ඉසුරු බණ්ඩාර, ප‍්‍රවීණ රංගන ශිල්පි ජීවන් කුමාරතුංග, රංගන ශිල්පිණී සේමිණී ඉද්දමල්ගොඩ, නිවේදක පේශල මනෝජ් සහ පූර්ණිකා පීරිස්, පොදුජන පෙරමුණේ ප‍්‍රධාන සංවිධායක අජිත් සුභසිංහ, කාන්තා කි‍්‍රකට් කණ්ඩායමේ සභාපතිනි අප්සරා තිලකරත්න, ප‍්‍රවීණ චිත‍්‍රපටි අධ්‍යක්‍ෂ සුනිල් ටී. ප‍්‍රනාන්දු, ආචාර්ය අරෝෂ ප‍්‍රනාන්දු යන මහත්ම මහත්මීන් ඇතුළු පිරිසක් සහ කිරිවෙහෙර විහාරාධිපති කොබවක දම්මින්ද කිරම විමලජෝති සහ කැලණි විශ්වවිiාලයේ මහාචාර්ය ඉඳුරාගාරේ ධර්මරතන නායක වහන්සේලාද සහභාගි වූහ.

advertistmentadvertistment
advertistmentadvertistment