ඥානසාර හිමියන්ට එරෙහි නඩුව විභායට දින නියමවේ

260

බොදු බල සේනා සංවිධානයේ ලේකම්ල ගලගොඩඅත්තේ ඥානසාර හිමියන්ට එරෙහිව ගොනුකර තිබෙන නඩුව ලබන වසරේ ජනවාරි මස 21 දා විභාගයට ගැනීමට කොළඹ මහෙස්ත්‍රාත් අධිකරණය අද නියම කළේය.

මෙම නඩුව අද කොළඹ අතිරේක මහෙස්ත්‍රාත් කාංචනා නෙරංජනා ද සිල්වා මහත්මිය ඉදිරියේ කැඳවනු ලැබීය.

එදින සාක්ෂිදීම සඳහා අධිකරණය හමුවේ පෙනී සිටින ලෙස සාක්ෂිකරුවන්ට ද මහෙස්ත්‍රාත්වරිය විසින් සිතාසි නිකුත් කළේය.

2017 වසරේ වැලිකඩ පොලිස් වසම තුළ මත්ද්‍රව්‍ය වැටලීමක් සිදුකිරීමට ගිය පොලිස් විශේෂ කාර්ය බළකායේ නිලධාරීන්ගේ රාජකාරියට බාධා කළේ යැයි ඥානසාර හිමියන්ට චෝදනා එල්ලවී ඇත.

advertistmentadvertistment
advertistmentadvertistment