ටජ්මහලේ කුටි අගුලු දමා තිබෙන්නේ ඇයි..?

979

17 වන සියවසේදී අග්‍රා නගරයේ යමුනා නදිය අද්දර වෙන්නට ඉදිකරන ලද ටජ්මහල ආදරයේ සංකේතයක් ලෙසින් සලකනු ලබනවා. මූගල් අධිරාජ්‍ය ෂා ජහාන් විසින් දරු ප්‍රසුතියේදී මියගිය බිරිඳ සිහිපත් වීම වෙනුවෙන් මෙම මන්දිරය ඉදි කරනු ලැබුවා. ගඩොලින්, රතු වැලි ගලින් සහ සුදු කිරිගරුඬෙන් නිර්මාණය කරන ලද මෙම ගොඩනැඟිල්ලේ ගරාදි සංචාරකයන්ගේ ආකර්ෂණයට පත් වී තිබෙනවා.

● මෙය ද්‍රෝහීන් විසින් ඉදිකරන ලද්දක්…

නමුත් 2017 වසරේදී භාරතීය ජනතා පක්ෂයේ නායක සංගීත් සෝම් විසින් සඳහන් කර තිබුණේ ටජ්මහල යනු ද්‍රෝහීන් විසින් ඉදිකරන ලද්දක් වන අතර එය ඉන්දියානු සංස්කෘතියට කැළැලක් වන බවයි. භාරතීය ජනතා පක්ෂයේ මන්ත්‍රිනී දිසා කුමාරි සඳහන් කරන්නේ ෂා ජහන් රජ පවුලට අයත්ව තිබුණ ඉඩමක් බලහත්කාරයෙන් අල්ලා ගෙන මෙම මන්දිරය ඉදිකර තිබෙන බවයි. ඒ වගේම ටජ්මහලේ සමාධිය නිමැවීමෙන් පසුව ෂා ජහාන් විසින් එම ගෘහ නිර්මාණ ශිල්පියා සහ සේවකයන්ට මරණ දඬුවම පනවන ලද බවටත් යම් පිළිගැනීමක් තිබෙනවා.

ඒ අතරම දැනට පවතින සමාධියට විරුද්ධ දෙසින් “කළු ටජ්මහලක්” ඉදිකිරීමටත් ෂා ජහාන් රජතුමා විසින් සැලසුම් කර තිබුණ බවටත් විශ්වාස කෙරේ.

ටජ්මහල යනු අතීතයේ ශිව දෙවියන් වෙත කැපකළ හින්දු දේවස්ථානයක් යැයි වූ අදහස ඉන්දියාවේ පවතින මිථ්‍යා අදහසකි. 1761 වසරේදී සුරාජ් මල් නැමැති හින්දු රජෙකු විසින් අග්‍රා නගරය අත්පත් කර ගැනීමෙන් පසුව ටජ්මහල හින්දු දේවස්ථානයක් බවට පත් කරන්නැයි රාජසභාවේ පූජකයෙකු විසින් යෝජනා කළ බවත් කියැවේ.

ඉන්දීය ඉතිහාසය නැවත ලිවීම සඳහා ආයතනයක් පිහිටු වූ පී. එන්. ඕක් විසින් සඳහන් කරන්නේ ටජ්මහල යනු නිසැකයෙන්ම හින්දු කෝවිලක් බවයි. බටහිර විද්වතුන් සඳහන් කරන්නේ මුස්ලිම් සමාජය තුළ කාන්තාවන්ට එතරම් තැනක් ලබා දී නොමැති නිසා මෙය කාන්තාවන් වෙනුවෙන් ඉදිකරන ලද ගොඩනැඟිල්ලක් ලෙසින් සැලකීම අපහසු බවයි.

● දක්ෂිණාංශික අදහස් පමණයි..

පසුගිය දශකය හෝ ඊට ආසන්න කාලයේ පටන් දක්ෂිණාංශික මත දරණ පිරිස් අතර මෙවැනි න්‍යායන් පැතිරීම වේගවත් වූ අතර ඔවුන්ගේ අදහස වී තිබෙන්නේ හින්දුන්ගෙන් බොහෝ දේ උදුරා ගත් බවට වූ ව්‍යාජ ඉතිහාසයක් නිර්මාණය කිරීමයි. ඉන්දීය ආණ්ඩුවේ සංස්කෘතික කටයුතු පිළිබඳ අමාත්‍ය මහේෂ් ශර්මා කියා සිටියේ ටජ්මහල හින්දු පූජස්ථානයක්ව පැවැති බවට සනාථ කිරීමට කිසිදු සාක්ෂියක් නොමැති බවයි.

● අගුළු ලු කාමර

ටජ්මහලෙහි ස්ථිරව අතුළු දමා ඇති කාමර 20 කට අධිකයි. ඉන්දියාවේ පාලක භාරතීය ජනතා පක්ෂයේ සාමාජිකයකු වන රනීෂ් සිං අධිකරණයට පෙත්සමක් ගොනු කරමින් මෙම කාමර විවෘත කරන ලෙස ඉල්ලා සිටියත් අධිකරණය විසින් එම පෙත්සම නිෂ්ප්‍රභ කරන ලදී.

බැතිමතුන් සහ ඉතිහාසඥයන් විසින් සඳහන් කරන හින්දුන්ගේ ශිව දේවස්ථානයක් මෙම ස්ථානයේ පිහිටි කුටි තුළ ඇතැයි වූ අදහස සනාථ කර ගැනීමේ අවශ්‍යතාවය ඔහුට ඇති බව රනීෂ් සිං විසින් අධිකරණය වෙත කරුණු ගොනු කරමින් කියා සිටියේය.

නමුත් මේ පිළිබඳව අධ්‍යයනයේ යෙදුන බොහෝ විශේෂඥයන් සඳහන් කරන්නේ අගුළු දැමූ කුටි වලින් බහුතරයක් සමාධියේ භුගත ගර්භයන්හි පිහිටා තිබෙන බවයි. ඒවායේ විශේෂ යමක් අන්තර්ගත නොවන බැව් ඔවුන් පෙන්වා දෙනවා. මූගල් ගෘහ නිර්මාණ ශිල්පය පිළිබඳව ප්‍රාමාණික විද්වතියක වන තාජ් මහල් පිළිබඳ විදග්ධ අධ්‍යනයක යෙදෙන වියනා විශ්වවිද්‍යාලයේ ආසියාතික කලා පිළිබඳ මහාචාර්ය “එබා කොක් ” ඇගේ අධ්‍යයනය වෙනුවෙන් මෙම ටජ්මහල් සමාධිය වෙත ගොස් එහි කුටි හා කොරිඩෝ ඡායාරූප ගත කරන ලද තැන්තත්තියෙකි. බොහෝ අවස්ථාවන්හිදී ෂා ජහාන් රජතුමා බෝට්ටුසමාධියට ඇතුළු වී තිබෙන බැව් ඇය විසින් සඳහන් කර තිබෙනවා.

මෙම කුටි උණුසුම් හා ග්‍රීෂ්ම මාස වෙනුවෙන් තැනුන භූගත ගර්භයක කොටසක් ලෙසින් පැවැති (ටෙහෙකානාවක) කොටසක් ලෙසින් පැවැතුණි. මෙහි ගංගාවට මුහුණ ලා පිහිටි ටෙරසයේ ගැලරිය කාමර පෙළකින් යුක්ත වූ අතර ඒවාට කොරිඩොවකින් ළඟා වීමේ හැකියාව තිබුණි. ගඟට සමාන්තරව කාමර 15 ක් ඇය විසින් සොයා ගන්නා ලදී.

ටජ්මහලේ දෙපස වූ කුඩා කුටිර මගින් වඩාත් පුළුල් කාමර සතක්, හතරැස් කාමර සයක් සහ අෂ්ටාඝ්‍ර හැඩයේ කාමර දෙකක් විය. මේ කාමර උදාර පෙනුමක් ඇති ආරුක්කු හරහා යමුනා නදිය දැක ගත හැකි ලෙසින් නිර්මාණය වී තිබුණි. එහි ආරුක්කුවල සුදු පින්තාරුවට යටින් වර්ණවත් මෝස්තරවල අංශු මාත්‍රයක් දක්නට ලැබුන අතර තාරකාවලින් සැදුන ඒකකේන්ද්‍රීය කවයන් අතර ජාලාකාර රටා සහ ඒ මධ්‍යයේ පදක්කමක් දක්නට ලැබුණි.

● භූගත ගැලරි සාමාන්‍ය දෙයක්

වියනා විශ්වවිද්‍යාලයේ ආසියාතික කලා පිළිබඳ මහාචාර්ය කොක් පෙන්වා දෙන අන්දමට මෙවැනි භූගත ගැලරි මූගල් ගෘහ නිර්මාණ ශිල්පයට සාමාන්‍ය තත්ත්වයක්. පකිස්ථානයේ ලාහෝර් නගරයේ පිහිටි එක් මූගල් බළකොටුවක ජලතලයට මුහුණලා පිහිටි මෙවැනි කාමර ශ්‍රේණියක් දක්නට ලැබෙනවා.

ඉතිහාසඥ රානා සාෆ්වි දැනට දිල්ලියේ පදිංචිව සිටියත් ඇය 1978 වසරේදී අග්‍රා නගරයේ වාසය කළා යත ඒ කාලයේදී ටජ්මහලේ භූගත කාමර සංචාරකයන් වෙනුවෙන් විවෘතව තිබුණ බැව් ඇය සඳහන් කරන අතර අතීත මතකයන් ආවර්ජනය කරමින් රානා සඳහන් කරන්නේ මේ කාලයේදී සමාධිය ඇතුළට වතුර ගලලා තිබුණා. ඊට පසුව සංරක්ෂකයන් විසින් ඒවා වසා දැම්මා. මේ කුටිවල කිසිදු විශේෂයක් නැහැ. සංරක්ෂණ කටයුතු වෙනුවෙන් විටින් විට මේ කුටි විවෘත කරනවා.

ඉන්දීය පරිසර සංරක්ෂණවේදිනියක වන අමිතා බෙග් සඳහන් කරන්නේ මම ටජ්මහලට ගිය අවස්ථාවක අලංකාර කොරිඩෝවක් දුටුවා. එය අනිවාර්යෙන්ම අධිරාජ්‍යයා වාසය කළ කොරිඩෝව විය යුතුයි.

පුන්‍යා චාන්දනි ද සිල්වා

advertistmentadvertistment
advertistmentadvertistment