ටයර් එක ගියා… දරුවෝ කාලා හමාරයි

902

බළන්ගොඩ නගරයෙන් කිලෝමීටර් දහයක් පමණ දුරින් පිහිටි ගමක පුද්ගලයකු බඩු ගන්න රුපියල් 2000 ක් ඉතා අපහසුවෙන් සොයා ගෙන සිය යතුරුපැදියෙන් නගරය වෙත යද්දී පිටුපස රෝදයේ හුළං බැස්සේය. ඉතා අමාරුවෙන් කිලෝ මීටර් එකහමාරක් පමණ යතුරුපැදිය තල්ලු කරගෙන ටයර් කඩයකට ඔහු ගියේය. මෙය ගලවා බැලීමේදී ටියුබ් එක පැච් දැමීමට නොහැකි සේ පලුදු වී තිබිණි. ටියුබ් එකක් අලුතින් යෙදීමට රුපියල් එක්දහස් අටසිය පනහක් වැය විය. ටයර් ටියුබ් මිල වැඩි වී ඇති බව වෙළෙන්දා පැවසීය. පසුව ගෙදරට බඩු මිලදී ගැනීම අතහැර දමා නිවසට ගොස් සිද්ධිය බිරිඳට පැවසූ විට ඇයගේ කරාබු දෙක ගලවා අතට දී මෙය උකසට තබා ළමයින්ට කන්න දෙන්න හාල් බඩු ටිකක් ගේන්නැයි ඇය ඉල්ලා සිටියාය.

බළන්ගොඩ – එන්. එච්. පියසේන

advertistmentadvertistment
advertistmentadvertistment