ටයර් – බැටරි නැතිව ලංගම බස් 1000ක් කොට උඩ

136

ලංගම බස් රථවලට අවශ්‍ය ටයර්, බැටරි හා අනෙකුත් උපාංගවල මිල ගණන් ඉහළයෑම නිසා මේ වනවිට ශ්‍රී ලංගම බස් රථ දහසකට ආසන්න සංඛ්‍යාවක් ධාවනයෙන් ඉවත් කර ඇත.මේ සම්බන්ධයෙන් ශ්‍රී ලංගම සභාපති නීතීඥ කිංස්ලි රණවක මහතාගෙන් දිවයින කළ විමසීමේදී ඒ මහතා කියා සිටියේ ඩොලරයට සාපේක්‍ෂව රුපියල පිරිහීම නිසා මෙම වසරේ මුල් කාලයේ දී අදාළ සැපයුම්කරුවන් ඉදිරිපත් කර තිබූ මිල ගණන් පසුව වෙනස් කිරීමට සිදුවූ බවයි. ඊට හේතුවී ඇත්තේ ඩොලරයේ මිලට සාපේක්‍ෂව උපාංගවල මිල ඉහළ යෑම යැයිද සභාපතිවරයා කියා සිටියේය.

ලංගමට අදාළ උපකරණ මිලදී ගනු ලබන්නේ කැබිනට් මණ්ඩල අනුමැතිය මතය. ඒ අනුව යළිත් වතාවක් කැබිනට් මණ්ඩල අනුමැතිය ලබාගෙන නව මිල ගණන්වලට අනුව සැපයුම්කරුවන්ගෙන් අදාළ උපකරණ මිලදී ගැනීමට ටෙන්ඩර්පත් කැඳවන බවද ඒ මහතා කීය.මේ වනවිට බස් රථයක ටයරයක මිල රුපියල් 75,000 සිට 165,000 දක්වා වැඩිවී ඇත. කෙසේ වෙතත් ඉදිරි සති දෙක තුන තුළ ලංගම බස්රථවලට අවශ්‍ය අදාළ උපාංග මිලදී ගන්නා බවද ලංගම සභාපති නීතීඥ කිංස්ලි රණවක මහතා කියා සිටියේය.

ශිරාන් රණසිංහ සහ ප්‍රදීප් ප්‍රසන්න සමරකෝන්

advertistmentadvertistment
advertistmentadvertistment