ටයිල් මිල හතර ගුණයකින් නැගලා: – ඉදිකිරීම් ක්‍ෂේත‍්‍රය හාන්සියි

1347

* ටයිල් ආනයනකරුවන්ගේ  සංගමයේ සභාපති

ටයිල් මිල ගණන් හතර ගුණයකින් ඉහළ යෑමත් සමඟ ඉදිකිරීම් ක්‍ෂේත‍්‍රය බරපතළ අර්බුදයකට ලක්ව ඇතැයි ටයිල් ආනයනකරුවන්ගේ සංගමයේ සභාපති කාමෙල් හුසේන් මහතා ‘දිවයින’ ට පැවැසීය.

කොරෝනා වසංගතය හමුවේ දේශීය ටයිල් කර්මාන්ත නැංවීමේ අරමුණින් මීට වසර දෙකකට පමණ පෙර පිටරටින් ටයිල් ආනයනය නතර කිරීමට පියවර ගැනිණ.

නමුත් දේශීය වශයෙන් නිෂ්පාදනය කරන ටයිල් මෙරට ඉල්ලූමට ප‍්‍රමාණවත් නොවන නිසා ටයිල් මිල ගණන් ඉකුත් මාස කිහිපයක තුළ හතර ගුණයකින් ඉහළ ගිය බවද ඒ මහතා කීය.

මහල් නිවාසවල ඉදිකිරීම් කටයුතු මේ වනවිට අඩාල වී තිබෙන අතර ඊට අමතරව කොමඞ් හා ටයිල් දමා කුඩා වැසිකිළියක් හදාගැනීමට උත්සාහ කළ සාමාන්‍ය ජනතාවටද එය ඉටුකරගත නොහැකි තැනට පත්ව ඇතැයිද කාමෙල් හුසේන් මහතා පැවැසීය.

ටයිල් වෙළෙඳාමේ හා එම කර්මාන්තයේ නිරතව සිටින ලක්‍ෂයකට අධික පිරිසකට මේවනවිට ජීවනෝපාය අහිමිව තිබෙන බවත් ඔවුන් වෙනත් වෙනත් රැුකියාවලට යොමුවීම නිසා එම කර්මාන්තයේ නිපුණ වෘත්තිකයන්ගේ අඩුවක්ද අනාගතයේ නිර්මාණය වනු ඇතැයි ඒ මහතා කීය.

මේ වනවිට 2ං2 බිම අතුරන ටයිල් එකක මිල රුපියල් 600 සිට 1600 දක්වාත් වෝල් ටයිල් එකක මිල 250 සිට 800 ඉක්මවා ඉහළ ගොස් ඇතැයිද ඒ මිල ගණන්වලටවත් ටයිල් සොයාගත නොහැකිවී ඇති බවත් පැවැසීය.

ඩොලර් නොමැති වුවත් වසරකට ණය පදනම මත ටයිල් ආනයනය කළ හැකි බවත් නොඑසේනම් යම්කිසි සීමාවකට යටත්ව ආනයනයට අවස්ථාව සලසා දෙන ලෙස මෙම සංගමය රජයෙන් ඉල්ලා ඇත.

ශිරාන් රණසිංහ

advertistmentadvertistment
advertistmentadvertistment