ටවර් හෝල් නාට්‍ය උළෙල අද – මාරක ළිඳේ සවාරියක් සහ බක්මහ අකුණු

248

ටවර් හෝල් රඟහල පදනම මගින් ඉදිරිපත් කරනු ලබන ‘අපේක්‍ෂාවේ වේදිකා මංගල්‍යය ටවර් නාට්‍ය උළෙල 2023’ මෙම මස 24 වැනිදා දක්වා දිනපතා සවස 3.30 ට සහ 6.30 ට කොළඹ එල්ෆින්ස්ටන් සහ ටවර් රංග ශාලාවන්හිදී පැවැත්වේ.

මේ යටතේ අද (10 දා) චාලක රණසූරිය අධ්‍යක්‍ෂණය කළ ‘මාරක ළිඳේ සවාරියක්’ එල්ෆින්ස්ටන් රඟහලේදී ද දයානන්ද ගුණවර්ධනයන්ගේ ‘බක්මහ අකුණු’ ටවර් රඟහලේදී ද වේදිකා ගත කෙරේ.

‘අපේක්‍ෂාවේ වේදිකා මංගල්‍යය ටවර් නාට්‍ය උළෙල 2023’ හි මුද්‍රිත මාධ්‍ය අනුග්‍රහය ‘දිවයින’ සහ ‘දි අයිලන්ඩ්’ පුවත්පත් මගිනි.

advertistmentadvertistment
advertistmentadvertistment