ට්‍රක් එකකින් රුමේනියා පනින්න ගිය ශ්‍රී ලාංකිකයෝ අත්අඩංගුවට

175

ට්‍රක් රථයක සැඟවී රුමේනියාවට ඇතුළුවීමට ගිය ශ්‍රී ලාංකිකයින් පිරිසක් එරට බලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන ඇත.

මෙම ට්‍රක් රථයේ සිටි ශ්‍රී ලාංකිකයින් සහ පාකිස්තාන ජාතිකයින් 10 දෙනකු හමුව තිබේ.

භාණ්ඩ ප්‍රවාහන ට්‍රක් රථ දෙකක් රුමේනියානු දේශසීමාවේදී පරීක්ෂා කිරීමේදී එහි සැඟවී සිටි සංක්‍රමණිකයින් 27 දෙනකු පොලිස් භාරයට ගෙන ඇත. මේ එක් රථයක ලාංකිකයින් සිට ඇත. අනෙක් ට්‍රක් රථයේ එරිත්‍රියානු සහ බංග්ලාදේශ ජාතිකයින් 17 දෙනකු සොයාගෙන තිබේ.

මේ අය අවුරුදු 21ත් 42ත් අතර වයසේ පසුවන්නන් බව සඳහන් ය.

සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන කටයුතු ආරම්භ කර ඇති බව රුමේනියානු පොලිසිය සඳහන් කරයි.
චතුර පමුණුව

advertistmentadvertistment
advertistmentadvertistment