ට්‍රම්ප්ට එරෙහි අපරාධ චෝදනා විභාගයට

115

ඇමරිකාවේ හිටපු ජනාධිපතිවරයකු විසින් ප්‍රථම වරට අධිකරණය හමුවේ මුහුණ දුන් අපරාධ චෝදනා මුල් කරගත් නඩු විභාගයට ඇමරිකාවේ හිටපු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් විසින් ඊයේ (04දා) මුහුණ දුන්නේය. 2016 වසරේ පැවති ඇමරිකානු ජනපතිවරණ මැතිවරණ ව්‍යාපාරය ඇරඹීමට පෙර කාමුක රංගනයේ යෙදෙන නිළියක හා සබඳතා පැවැත්වීම සඳහා හොර රහසේ මුදල් ලබා දීම ට්‍රම්ප්ට එරෙහිව එල්ල වී ඇති චෝදනාවයි.

හිටපු ඇමරිකානු ජනාධිපති ට්‍රම්ප් ඔහුට එල්ල වී ඇති චෝදනාව ප්‍රතික්ෂේප කර තිබේ. හිටපු ඇමරිකානු ජනාධිපතිවරයාට එරෙහි නඩු විභාගය ඊයේ (04දා) නිව්යෝක් ප්‍රාන්තයේ මැන්හැටන් අධිකරණයේදී ඇරඹුණු අතර ට්‍රම්ප් හිටපු ජනපතිවරයාට සහය පළ කරමින් අධිකරණය ඉදිරි පිට, මහජන උද්ඝෝෂණ පැවැත්වීමට ද නියමිතව තිබිණි. ට්‍රම්ප් ඔහුට එල්ල වී ඇති චෝදනා සම්බන්ධයෙන් නිවැරදිකරු වී ඇප මත නිදහස් වෙනු ඇතැයි ඔහුගේ නීතිවේදීන් සඳහන් කර තිබේ.

advertistmentadvertistment
advertistmentadvertistment