ට්‍රම්ප්ට එරෙහි නඩුව විභාග කරන විනිසුරු මර්චන් ජනපති බයිඩන්ගේ මැතිවරණ අරමුදලට ඩොලර් මිලියන 35ක් ලබාදුන්නා

371

බයිඩන් පාලනය ඩොලර් මිලියන 7.2 ක අවි ආයුධ ඇෆ්ගනිස්තානයේදී අත්හැරියා – ට්‍රම්ප් හෙළිකරයි

මූල්‍ය අපරාධ චෝදනා 34ක් එල්ල වූ හිටපු ජනපති ඩොනල්ඩ් ට්‍රම්ප් තම ප්‍රතිවාදියා වූ ජෝ බයිඩන්ට නිසි ප්‍රතිචාර දැක්වීමට ක්‍රියාකර ඇත. ට්‍රම්ප් පැවසුවේ ඩොලර් මිලියන 7.2ක අවි ආයුධ වෙඩි උණ්ඩ ගුවන්යානා සහ තවත් විශාල අවි ආයුධ තොගයක් බයිඩන් පාලනය ඇෆ්ගනිස්තානයේදී අත්හැර දැමූ බවයි.

එසේම මැන්හැටන් අධිකරණයේදී තමාට එරෙහි නඩුව විභාගයට ගත් ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු ජුවන් මර්චන්ගේ කැරැට්ටුවද ට්‍රම්ප් හෙළිකර ඇත. 2020 දී ඩිමොක්‍රටික් පක්‍ෂයට විනිසුරු මර්චන් ඩොලර් මිලියන 35ක් පරිත්‍යාග කළා යැයි ට්‍රම්ප් විරෝධී සීඑන්එන් විiුත් නාලිකාව අනාවරණය කළේය. 2020 ජනපතිවරණයේදී මර්චන් ඩොලර් මිලියන 15ක් මුලින්ම ලබාදුන්නා යැයි පෙඩරල් මැතිවරණ කොමිසමද කීවේය.

මෙම මුදල පරිත්‍යාග කරන විට මර්චන් නිව්යෝර්ක් අධිකරණයේ විනිසුරුවෙකි. බයිඩන්ගේ මැතිවරණ අරමුදලට ඩොලර් මිලියන 15ක් ලබාදීමට මර්චන්ට මෙපමණ මුදලක් ලබාදුන්නේ කවුද? පෙඩරල් අධිකරණ වාර්තාවේ මර්චන්ගේ නම හැර වෙනත් නිව්යෝර්ක් විනිසුරුවකුගේ නමක් සඳහන් වී නැත.

මේ තොරතුරු හෙළිවීමත් සමගම මර්චන්ගේ කාර්යාල බලධාරීහු නිහඬවී තිබේ. ඊට අමතරව 2020 ජූලි 27 දා මර්චන් තවත් පක්‍ෂ දෙකකට ද ඩොලර් මිලියන 10ක මුදලක් ලබාදී තිබේ.

බෙන් කම්හාර් සහ ඇඩම් රෙයිස් යන මාධ්‍යවේදීන් දෙදෙනා මෙතෙක් යටපත්වී තිබූ මෙම තොරතුරු හෙළිකර තිබේ. ඇක්ට් බ්ලු නමැති අන්තර්ජාල ඔන්ලයින් ක්‍රමය ඔස්සේ මෙම මුදල පරිත්‍යාග කර ඇත. විනිසුරු මර්චන්ට අමතරව වෙනත් අධිකරණ විනිසුරුවරු 30,000ක් ඩොලර් 10,000 බැගින් බයිඩන්ගේ මැතිවරණ ප්‍රචාරක කටයුතුවලට මුදල් ලබාදී තිබේ. එසේම ජනපතිවරණයට තරග කළ සෙනෙට් මන්ත්‍රිනි කමලා හැරිස්ගේ මැතිවරණ ප්‍රචාරක කටයුතු සඳහා විනිසුරු මර්චන්ගේ දියණිය ද සහය වී ඇත.

මේ බව හිටපු ජනපති ට්‍රම්ප් දැඩි විවේචනයට ලක්කර ඇත. මේ අතර ට්‍රම්ප් පැවසුවේ මර්චන් පවුල තම තරහකරුවන් බවයි. මෙයට පෙර ට්‍රම්ප් ඕගනයිශේෂන් සංවිධානයේ බදු වංචා ගැන විභාග කළේද මර්චන්ය.

මර්චන්ට අමතරව ට්‍රම්ප්ට එරෙහි බදු වංචා නඩුව මෙහෙයවන දිනය නඩු අධ්‍යක්‍ෂක ඇල්වින් බ්‍රැගන්ද ට්‍රම්ප් විරෝධියෙකි. මේ පසුබිම මැද සමාජ මාධ්‍යවල ට්‍රම්ප් හිතවතුන් විසින් මරණය සහ විනාශය යනුවෙන් දක්වන තර්ජන ප්‍රකාශයට පත්වී ඇත. මේ තර්ජන ජූරි සභාවට ඍජුව එල්ල කළ තර්ජනයට සහකාර දිස්ත්‍රික් නඩු අධ්‍යක්‍ෂ ක්‍රිස්ටෝපර් කොන්රෝයි පවසා ඇත. මේ පිළිබඳව ට්‍රම්ප්ගේ නීතිවේදි ටොඩ් බැලැන්කට් සඳහන් කළේ ට්‍රම්ප්ට එරෙහිව අසාධාරණ ක්‍රියා සිදුවන බවයි.

ඔහු ප්‍රශ්න කරන්නේ බයිඩන් හිතවාදී විනිසුරුවරයෙක් ට්‍රම්ප්ට එරෙහි නඩුව විභාග කරන්නේ කෙසේද යන්නයි. බයිඩන්ගේ ඡන්ද අරමුදලට ඩොලර් මිලියන 35ක් ලබාදුන් විනිසුරු මර්චන්ට මෙම නඩුව විභාග කිරීමට නිසි හිමිකමක් නැතැයි ද ඔහු තර්ක කර ඇත. මේ අතර ට්‍රම්ප් හිතවාදීන් විනිසුරු මර්චන්ට තර්ජනය කරමින් අපි නුඹව අල්ලාගෙන මරණවා යැයි ප්‍රකාශ කර තිබේ. මේ පසුබිම මැද ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මර්චන් ගැන ජනතාව තුළ තිබූ ප්‍රසාදය බිඳවැටී ඇත.

විනිසුරුවරු හොරෙන් දේශපාලනය කරන බව ට්‍රම්ප් පවසා තිබුණි. ඇමරිකානු පෙඩරල් නීතිය අනුව අධිකරණ විනිසුරුවරුන්ට දේශපාලකයකුට අරමුදල් සැපයීම තහනම් වේ. ඇමරිකානු ඒ. බී. සී. ප්‍රවෘත්ති සේවය විනිසුරු මර්චන්ගේ දේශපාලන ක්‍රියාදාමය ගැන අධිකරණ බලධාරීන්ගෙන් විමසුවත් ඊට ප්‍රතිචාර දක්වා නැත.

● කීර්ති වර්ණකුලසූරිය

advertistmentadvertistment
advertistmentadvertistment