ට්‍රම්ප් නීතිපති දෙපාර්තමේන්තුවේ විමර්ශනයන් මඟහරී

189

හිටපු ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් සතු වත්කම්වල සැබෑ වටිනාකම හෙළිදරව් නොකිරීම සම්බන්ධයෙන් නිව්යෝක් ප්‍රාන්තයේ නීතිපති දෙපාර්තමේන්තුව විසින් අරඹා ඇති විමර්ශනයට සහය නොදක්වන බව ට්‍රම්ප් ප්‍රකාශ කර තිබේ. 11 දා දිනයේ නිව්යෝක් ප්‍රාන්ත නීතිපති දෙපාර්තමේන්තුවේ පැවැති විමර්ශනයේදී බලධාරීන් විසින් අසන ලද ප්‍රශ්නවලට පිළිතුරු දීම ට්‍රම්ප් විසින් ප්‍රතික්ෂේප කර ඇත. ඒ සම්බන්ධයෙන් ට්‍රම්ප්ට එරෙහිව නඩු පැවරීමට බලධාරීන් පියවර ගෙන තිබේ.

නිව්යෝක් නීතිපති දෙපාර්තමේන්තුව මගින් හිටපු ජනපති ට්‍රම්ප් විසින් සිය පවුලේ ව්‍යාපාර සතු වත්කම්වල සැබෑ වටිනාකම පිළිබඳව බලධාරීන්ට වැරදි තොරතුරු ලබා දී සිය ව්‍යාපාර සඳහා වාසිදායක ණය හා බදු සහන ලබා

ගැනීමට උත්සාහ දරා ඇති බවට චෝදනා කර තිබේ. කෙසේ වුවද තමා විසින් සිය වත්කම් පිළිබඳව තොරතුරු සැපයීමේදී කිසිදු වරදක් සිදු කර නොමැති බව පවසා ඇති හිටපු ඇමරිකානු ජනපතිවරයා නිව්යෝක් නීතිපති දෙපාර්තමේන්තුව විසින් ඔහුට එරෙහිව අරඹා ඇති විමර්ශනය මායාකාරී දඩයමක් ලෙස හඳුන්වා දී තිබේ.

සංස්කරණය
ඒමන්ති මාරඹේ

advertistmentadvertistment
advertistmentadvertistment