ට්‍රම්ප් හෙට අත්අඩංගුවට?

244

හිටපු ඇමෙරිකානු ජනපති ඩොනල්ඩ් ට්‍රම්ප් හෙට (21දා) අත්අඩංගුවට ගැනීමට නියමිත බව එරට මාධ්‍ය වාර්තා කියයි. මේ නිසා තම නායකයා අත්අඩංගුවට ගැනීමට එරෙහිව මහජන විරෝධතා දියත් කරන ලෙස රිපබ්ලිකන් ආධාරකරුවන් වෙත ඉල්ලිමක්ද ඉදිරිපත් වී ඇත.

කෙසේ වෙතත් හිටපු ඇමෙරිකානු ජනපති ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ නීතිඥවරයා කියා සිටියේ මේ අත්අඩංගුවට ගැනීම ගැන අදාළ අංශ කිසිදු සන්නිවේදනයක් සිදු කර නොමැති අතර මේ සියල්ල මාධ්‍ය වාර්තා මත පදනම් වී ඇති බවයි.

හිටපු ජනපතිවරයාට අධිචෝදනා ගොනු කළහොත් එය හිටපු ඇමරිකානු ජනාධිපතිවරයකුට එරෙහිව පනවා ඇති පළමු අපරාධ නඩුව වනු ඇත. මෙම නඩුවෙන් අවධානය යොමු කරන්නේ 2016 ජනාධිපතිවරණයට පෙර ට්‍රම්ප් මහතා වෙනුවෙන් ඔහුගේ නීතිඥයා විසින් කාමුක තරුවක් වන ස්ටෝමි ඩැනියෙල්ස් වෙත ගෙවන ලදැයි කියන මුදල් සම්බන්ධයෙනි.

කවරක් නමුත් 2024 ජනාධිපතිවරණයේ රිපබ්ලිකන් අපේක්ෂකයා බවට පත්වීම සඳහා සිය මැතිවරණ ව්‍යාපාරය දිගටම කරගෙන යෑමට 76 හැවිරිදි ට්‍රම්ප් ප්‍රතිඥා දී ඇත.

චතුර පමුණුව

advertistmentadvertistment
advertistmentadvertistment