ට්‍රයිකෝ මැරිටයිම් පැවරූ නඩුවට – එක්ස්ප්‍රස් පර්ල් නැවේ හිමිකරු ඇතුළු 7 ක් උසාවි කැඳවා නොතිසි

145

ශ්‍රී ලංකා මුහුදු සීමාවේදී ගිනි ගැනීමට ලක්වූ එම්. වී. එක්ස්ප්‍රස් පර්ල් නෞකාවේ හිමිකරුට, මෙරට දේශීය නියෝජිත හා නැව් කළමනාකරු ඇතුළු වගඋත්තරකරුවන් හත්දෙනකුට ලබන අගෝස්තු 10 වැනිදා අධිකරණය හමුවේ කරුණු දක්වන ලෙස දන්වා නොතිසි යැවීමට කොළඹ වාණිජ මහාධිකරණ විනිසුරු ප්‍රදීප් හෙට්ටිආරච්චි මහතා ඊයේ (05 දා) නියෝග කළේය.

විදේශ රටවල සේවය කරන ගෘහසේවිකාවන් ඇතුළු ශ්‍රමිකයන් පිරිසක් එම නෞකාවෙන් ශ්‍රී ලංකාවට එවනු ලැබූ භාණ්ඩ ගිනිබත් වීමෙන් සිදුවූ හානියට රුපියල් ලක්ෂ 62 ක වන්දියක් අයකර දෙන ලෙස ඉල්ලා එම භාණ්ඩ ප්‍රවාහනය කිරීම භාරගත් ට්‍රයිකෝ මැරිටයිම් සමාගම විසින් පවරනු ලැබූ නඩුවක් සලකා බැලූ විනිසුරුවරයා එම නියෝගය කළේය.

දෝහා කටාර් රාජ්‍යයේ සේවය කරන ශ්‍රී ලාංකික ගෘහසේවිකාවන් ඇතුළු ශ්‍රමිකයන් සිය පවුල්වල ඥාතීන් වෙත එවන ලද කන්ටේනර් හයක අඩංගු වී තිබූ භාණ්ඩ ගිනි ගැනීමට ලක්වී ඇති බව පැමිණිලිකාර සමාගම වෙනුවෙන් කේ. පී. නීතිඥ සමාගමේ උපදෙස් පරිදි පෙනී සිටි ජ්‍යෙෂ්ඨ නීතිඥ ආචාර්ය ඩෑන් මාලික ගුණසේකර මහතා අධිකරණයට පෙන්වා දුන්නේය.
ඒ. ජේ. ඒ. අබේනායක

advertistmentadvertistment
advertistmentadvertistment