ට‍්‍රැෆික් කිලෝමීටරයකින් 103.50ක පාඩුවක්-මහින්ද අමරවීර

348

වාහන තදබදය ඇති අවස්ථාවල ධාවනය වන වාහනයකින් එක් කිලෝමීටරයක් සඳහා රජයට රුපියල් 103.56ක වියදමක් දැරීමට සිදුව ඇති බව විද්වතුන් විසින් සිදු කරන ලද සමීක්ෂණයකින් අනාවරණය වී ඇතැයි පරිසර අමාත්‍ය මහින්ද අමරවීර මහතා සඳහන් කළේය.

ප්‍රවාහණයේ දී පාපැදි භාවිතා කිරීම ප්‍රවර්ධනය කිරීම සඳහා සුව දිවියට පාපැදිය වැඩ සටහන සම්බන්ධව සාකච්ඡාවකින් පසු අද (26) පෙරවරුවේ පැවැති මාධ්‍ය හමුවක දී අමාත්‍යවරයා මේ බව සඳහන් කළේය.

නමුත් පාපැදිය භාවිතා කිරීම මගින් කිලෝමීටරයකට රුපියල් 236.48ක් ඉතිරි කර ගත හැකි වන අතර රජයට සිදුවන ලාභය රුපියල් 339.98ක් බවත් අමාත්‍යවරයා සඳහන් කළේය.

advertistmentadvertistment
advertistmentadvertistment