ටාෂියා පාකිස්ථානයට ගිය හේතුව මෙන්න…

715

අඩු වයසකින් රංගනයට ප‍්‍රවේශ වෙලා පේ‍්‍රක්ෂක ආදරය නොඅඩුව ලබන සුන්දර තරුණියක් තමයි ටාෂියා කාලිදාස කියන්නේ.මේ දිනවල ස්වර්ණවාහිනිය ඔස්සේ විකාශය වන චලෝ ටෙලි නාට්‍යයේ සඳලිගේ චරිතයත් එක්ක ටාෂියාව නිතර පේ‍්‍රක්ෂකයන්ට මුණගැහෙනවා.ඒ වගේම අලූත් නිර්මාණ එක්ක ඉදිරියේදී ටාෂියා දැකබලා ගැනීමට අවස්ථාව තියෙනවා . ඒ ගැන ඇය මීවිතට කීවේ මේ වගේ කතාවක්.
 

* ටාෂියා මේ දවස්වල මොකද වෙන්නේ?

මම පාකිස්ථානයට ඇවිල්ලා ඉන්නේ අලූත් ටෙලිනාට්‍යක රූපගත කිරීම් සඳහා. මේ දවස් වල ඒ ටෙලිනාට්‍යයේ රූපගත කිරීම් සිදු කරනවා.

* මේ ඔබ විදේශ රටක රූපගත කරන නිර්මාණයක රංගනය සඳහා සහභාගි වුණු පළවැනි අවස්ථාව ද?

ඇත්තටම රූපගත කිරීමක් කරන්න විදේශ රටකට ආපු පළවැනි අවස්ථාව.මේ අවස්ථාව හම්බුණේ ශ‍්‍රී ලංකා යුද හමුදාව නිසා. මේක ශ‍්‍රී ලංකාවේ යුද හමුදාවත් පාකිස්තානයත් එකතුවෙලා කරන නිර්මාණයක්. ඒ සඳහා ලංකාව නියෝජනය කිරීමට ශ‍්‍රී ලංකා යුද හමුදාව මට ආරාධනා කළා.මම ඒ ආරාධනාව බොහොම සතුටින් භාර ගත්තා .ලංකාව නියෝජනය කරමින් මේ වගේ නිර්මාණක රංගනයට අවස්ථාව ලැබීම මට ලොකු භාග්‍යයක්. විශේෂයෙන් සඳහන් කළ යුතුයි මෙම නිර්මාණය සඳහා ලංකාවෙන් සහභාගී වෙන එකම පුද්ගලයා මම. ඒ නිසා මේ අවස්ථාව වගේම නිර්මාණයත් මට සුවිශේෂී.ඒ වෙනුවෙන් අවස්ථාව ලබා දුන්න ශ‍්‍රී ලංකා යුද හමුදාවට වෙමු මම ස්තුතිවන්ත වෙනවා.

ටාෂියා පාකිස්ථානයට ගිය හේතුව මෙන්න...

* විදේශ රටක රූපගත කිරීම් එක්ක එකතු වෙද්දි ලැබුණු අත්දැකීම් ගැනත් මතක් කරමු ?

වෙනස් අලූත් අත්දැකීම් රාශියක් ලබා ගන්න පුළුවන්. තාම රූපගත කිරීම් නිමා වෙලා නෑ.මේ නිර්මාණය ගැන වැඩි විස්තර ඉදිරියේදී මගේ රසිකයන්ට දැනගන්න පුළුවන්. ප‍්‍රවීණ අධ්‍යක්ෂවරයෙකු සහ කණ්ඩායමක් සමඟ එකතු වෙලා තමයි මේ අලූත් නිර්මාණය කරන්නේ. අපේ රටේ නොවුණත් මේ නිර්මාණයට සහභාගි වන හැමදෙනෙක්ම මාත් එක්ක සහයෝගයෙන් කටයුතු කරනවා. ඒ වගේම මගේ රංගනය සඳහා උදව් කරනවා .වෙන රටක නුහුරු රංගන ශිල්පීන් සමඟ කටයුතු කිරීම වෙනස් විදිහේ අත්දැකීමක්.

* ටාෂියා රංගනයට එන්නේ ඒ සම්බන්ධයෙන් හැදෑරීමක් කරල ද ?

මම රංගනය සම්බන්ධයෙන් හැදෑරීමක් කරල නෑ.අහම්බෙන් තමයි මම රඟපෑමට එකතු වුණේ . ඉන්ස්ටර්ග‍්‍රෑම් එකේ මගේ ඡුායාරූප දැකලා තමයි මට මුලින්ම රංගනය සඳහා ආරාධනාවක් ලැබුණේ. ඒ නිසා මේ වෙනකම් රංගනය ගැන හැදෑරීමක් කරල නැහැ .ඒ සම්බන්ධයෙන් වැඩිදුර හැදෑරීමක් කරන්න බලාපොරොත්තුවකුත් නෑ.

* රංගනයට ආධුනික ඔබව ටෙලිනාට්‍ය කලාවට ගෙනාවේ දුලීකා මාරපන මහත්මියද ?

දුලීකා මාරපන මහත්මිය තමයි මට ඉන්ටර්නැෂනල් ටෙලිනාට්‍යයේ රඟපෑමට අවස්ථාව ලබා දුන්නේ. .එතුමියට ඒ වෙනුවෙන් මම ස්තූතිවන්ත වෙනවා. ඉන්ටර්නැෂනල් ටෙලිනාට්‍යයේ මීනු කියන චරිතය තමයි මම ටෙලිනාට්‍යයක රඟපාපු කරපු පළවෙනි චරිතය.මීනුගේ චරිතයට අදටත් හොඳ පේ‍්‍රක්ෂක ප‍්‍රතිචාර ලැබෙනවා.සමහරු මට කෝල් කරලා අහනවා ඉන්ටර්නැෂනල් 2 පටන් ගන්න ගන්නෙ කවදද කියලා .ඒකෙත් මම රඟපෑවේ නැත්තං කතාව බලන්නෙ නෑ කියන තරමටම හොඳ ප‍්‍රතිචාර මට හම්බ වෙනවා.

* චලෝ ටෙලිනාට්‍යයේ සඳලිගේ චරිතය ගැන මොකද හිතෙන්නේ?

මම හරිම කැමැත්තෙන් රඟපාන චරිතයක් තමයි සඳලිගේ චරිතය. මම හිතෙන්නේ ඒ චරිතය මට බොහොම සමානයි කියලා.මොකද සඳලි කියන්නේ අවුරුදු 18 ක ගැමි ගැහැණු ළමයෙක්.මටත් අවුරුදු 18යි. වයස් මට්ටම් සමාන නිසා මට ඒ චරිතයට උපරිම සාධාරණයක් කරන්න පුළුවන් වුණා .ගැමි පරිසරයක ගැමි චරිතයකට පණ පොවනවා කියන එක සුන්දර අත්දැකීමක් .සමනල්ලූ පස්සේ යන ,වටපිටාව එක්ක ඉන්න ගැමි ගැහැණු ළමයගේ චරිතයට මම ගොඩක් කැමැතියි .ඒ වෙනුවෙන් මට හොඳ පේ‍්‍රක්ෂක ප‍්‍රතිචාර ලැබෙනවා.

* ටාෂියාට සිනමා නිර්මාණවල රංගනයට ආරාධනා ලැබිලා නැද්ද ?

මම මේ වෙද්දි හැපී බර්ත්ඬේ ෆිල්ම් එකේ රඟපාල තියෙනවා.කොවිඞ් වසංගතය නිසා ඒ ෆිල්ම් එක තවමත් ප‍්‍රදර්ශනය කළේ නැහැ .ඉදිරියේදී පේ‍්‍රක්ෂකයන්ට ඒ නිර්මාණය රසවිඳින්න අවස්ථාව තියෙනවා.ඒ වගේම තවත් නිර්මාණ බොහොමයකට ආරාධනා ලැබෙනවා .

* රඟපාන්න චරිත භාරගන්නේ තේරීමක් කරලද ?

අනිවාර්යෙන්ම මම චරිත තෝරා බේරාගෙන තමයි රඟපාන්නේ .විශේෂයෙන්ම මම පිටපත අනිවාර්යෙන්ම කියවලා අවබෝධයක් ලබාගෙන මට රඟපාන්න පුළුවන් කියලා හිතෙන චරිත විතරයි භාර ගන්නේ .කොවිඞ් වසංගතයත් එක්ක මට ආරාධනා ලැබුණු බොහෝ නිර්මාණවලට සහභාගි වීමට නොහැකි වුණා .

* ටාෂියාගේ අධ්‍යාපන වැඩකටයුතු අතරමඟ නතර වෙලාද ?

මම 2023 වර්ෂයේ පෞද්ගලික අංශයෙන් උසස් පෙළ විභාගය සඳහා මුහුණ දීමට බලාපොරොත්තු වෙනවා. මේ දවස් වල ඔන්ලයින් ක‍්‍රමයට අධ්‍යාපන වැඩකටයුතුත් කරගෙන යනවා .

* රංගනයට පැමිණීමත් එක්ක ගුවන් සේවිකාවක් වෙන්න තිබුණ හීනය නැතිවෙලා ගිහිල්ලද ?

මම රඟපෑමට ආවේ අහම්බයෙන් .කවදාවත් රඟපෑම වෘත්තියක් කර ගැනීමේ අදහසක් මට නැහැ.පොඩි කාලේ හීන දැක්කේ වෛද්‍යවරියක් වෙන්න.ඒත් පස්සේ මට ගුවන් සේවිකාවක් වෙන්න කැමැත්තක් ඇති වුණා . තවමත් මගේ හීනය ගුවන් සේවිකාවක් වෙන්න එක. රංගනය කිසිම දේකට බාධාවක් කර ගන්නේ නැහැ.

* කවදාද නැවත ලංකාවට එන්න බලාපොරොත්තු වෙන්නේ.

මේ අලූත් නිර්මාණයේ රූපගත කිරීම් නොවැම්බර් වල තමයි ඉවර වෙන්නේ .ඊට පස්සෙ මම ලංකාවට එනවා.

නිරෝෂා වාසල
 

advertistmentadvertistment
advertistmentadvertistment