ටැන්සානියාවේ මගී ගුවන් යානයක් කඩා වැටී 19ක් මරුට

217

ටැන්සානියාවේ වික්ටෝරියා විලට මගී ගුවන් යානයක් කඩා වැටීමෙන් සිදුවූ අනතුරෙන් මගීන් 19දෙනකු ජීවිතක්ෂයට පත්ව ඇති බව එරට අග්‍රාමාත්‍ය කාසිම් මජලිවා පවසයි.

පැවති අයහපත් කාලගුණික තත්ත්වයත් සමග අදාළ ගුවන්යානය බුකෝබා නගරයේ පිහිටි ගුවන්තොටුපළ වෙත පෙරේදා (06දා) ගොඩබෑමට යෑමේ දී අනතුරට ලක්ව තිබුණි.

ගුවන් යානයේ සිටි මගීන් 26දෙනකු සහන කණ්ඩායම් විසින් බේරාගෙන ඇති බව වාර්තා වෙයි.

කෙසේ වෙතත් යානයේ මගීන් කොපමණ සිටියේ ද යන්න සම්බන්ධයෙන් මෙතෙක් නිශ්චිත තොරතුරු අනාවරණය වී නොමැති බව වාර්තා වෙයි.

advertistmentadvertistment
advertistmentadvertistment