ටික්ටොක් නොවේ පරණ කෝන්තරයක්

416

ග‍්‍රෑන්ඞ්පාස් මාදම්පිටිය ප‍්‍රදේශයේදී 17 හැවිරිදි තරුණයකුට පහරදී පිහියෙන් ඇන ඝාතනය කිරීමේ සිද්ධියට සම්බන්ධ පාසල් ශිෂ්‍යයන් තිදෙනෙක් ඇතුළු ලාබාල තරුණයන් හය දෙනෙකු ග‍්‍රෑන්ඞ්පාස් පොලිසිය මගින් පෙරේදා (04 ද) රාත‍්‍රී අත්අඩංගුවට ගෙන ඇත.

සැකකාර තරුණයන් හයදෙනා හෙට (07 දා) හඳුනාගැනීමේ පෙරෙට්ටුවක් සඳහා ඉදිරිපත් කරන ලෙස නියෝග කළ කොළඹ අලූත්කඬේ අංක 04 මහේස්ත‍්‍රාත් කාංචනා ද සිල්වා මහත්මිය එම තරුණයන් රැුඳවුම් මධ්‍යස්ථානයක රඳවා තබන ලෙසද නියෝග කළාය.

ටික් ටොක් වීඩියෝවක් සම්බන්ධයෙන් ඇති වූ ආරවුලක් මත මෙම ඝාතනය සිදු වූ බවට මාධ්‍ය ඔස්සේ ප‍්‍රචාරය වුවද මෙම ඝාතනයට හේතු වී ඇත්තේ පරණ ආරවුලක් බව පොලිසිය පවසයි.

ඝාතනයට ලක් වූ තරුණයා ටික් ටොක් වීඩියෝ පටිගත කර අන්තර් ජාලයට මුදාහැරීම සම්බන්ධයෙන් ග‍්‍රෑන්ඞ්පාස් ප‍්‍රදේශයේ ප‍්‍රසිද්ධියට පත්ව සිටි අයකු බව ද පොලිසිය කියා සිටියි.

මීට මාස දෙකකට පමණ උඩ දී මෝදර වැල්ලේ දී ඇති වූ ආරවුලක් මුල්කර ගෙන සිදු කළ පහරදීමක් සහ පිහි ඇණුමකින් 17 හැවිරිදි මොහොමඞ් ලතීෆ් නමැති තරුණයා ඝාතනයට ලක් වූයේ ඉකුත් 03 වැනිදාය.

මෙම තරුණයා සහ මිතුරන් පිරිසක් මීට මාස 2 කට පමණ උඩදී මෝදර මුහුදු තීරයට ගිය අවස්ථාවේ තවත් තරුණයන් පිරිසක් සම`ග ආරවුලක් ඇති කරගෙන ඇත.

එම ආරවුල පසුව සමථයකට පත් වූ අතර මෙම දෙපාර්ශ්වය ඉකුත් 03 වැනිදා ග‍්‍රෑන්ඞ්පාස් මාදම්පිටිය ප‍්‍රදේශයේදී නැවත එක්කෙනා මුණගැසී ඇත.

එහිදී දෙපාර්ශ්වය අතර ගැටුමක් හටගත් අතර අබ්දුල් ලතීෆ් නමැති තරුණයා පිහි ඇණුම් කා ඇත. එම තරුණයා රෝහල් ගත කිරීමෙන් පසු මියගොස් තිබිණි.

මෙම සිද්ධිය සම්බන්ධයෙන් විමර්ශන පැවැත් වූ ග‍්‍රෑන්ඞ්පාස් පොලිසියේ අපරාධ අංශයේ ස්ථානාධිපති පොලිස් පරීක්‍ෂක පී. ජේ. බී. හේරත් මහතා ඇතුළු නිලධාරීන් විසින් ග‍්‍රෑන්ඞ්පාස් හේනමුල්ල සහ පුත්තලම ප‍්‍රදේශවල සැ`ගවී සිටි තරුණයන් අත්අඩංගුවට ගෙන ඇත.

මෙම තරුණයන් අතර සිටි අවුරුදු 12, 14, 15 වයසේ පසුවන අය පාසල් අධ්‍යාපනය ලබන අතර අවුරුදු 17, 16 වයස් සීමාවල පසුවන තරුණයන් තිදෙනෙකු පාසල් අධ්‍යාපනය නිමකර සිටින අය බව පොලිසිය පවසයි.

කොළඹ දිසාව භාර නියෝජ්‍ය පොලිස්පති චන්ද්‍ර කුමාර, ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි අමල් එදිරිමාන්න, සහකාර පොලිස් අධිකාරි නලින් ජයසුන්දර යන මහත්වරුන්ගේ උපදෙස් මත ග‍්‍රෑන්ඞ්පාස් පොලිසියේ වැඩබලන ස්ථානාධිපති නිශ්ශංක, අපරාධ අංශයේ ස්ථානාධිපති පී. ජේ. බී. හේරත් යන මහත්වරුන්ගේ මෙහෙයවීමෙන් විමර්ශන පැවැත්වෙයි.

හේමන්ත රන්දුණු

advertistmentadvertistment
advertistmentadvertistment