ටින් මාළු නිෂ්පාදනය තාවකාලිකව නතර කළා – කමල් අද්දරආරච්චි

729

ඇතැම් ටින් මාළු කර්මාන්ත නිෂ්පාදන කටයුතු තාවකාලිකව නතර කළ බව ටින් මාළු නිෂ්පාදකයන්ගේ සංගමයේ සාමාජික රංගන ශිල්පී කමල් අද්දරආරච්චි මහතා ‘දිවයින’ට පැවසීය.

ටින් මාළු මිල ස්ථාවර කරගැනීම සඳහා මෙම තීරණය ගත් බව ද කමල් අද්දආරච්චි මහතා කීවේය.

මේ අනුව මෙම කර්මාන්තශාලාවල තාවකාලික සේවකයන්ට කැමැති නම් ඉල්ලා අස්වීමට හැකි බව ද ඒ වෙනුවෙන් ඔවුන්ට මාස තුනක දීමනාවක් ලබාදෙන බව ද කමල් අද්දආරච්චි මහතා කියා සිටියේය.

මේ හේතුවෙන් ධීවරයන්ට ගැටලු සහගත තත්ත්වයකට පත්වීමට සිදුවිය හැකි බවත් පැවසූ අද්දරආරච්චි මහතා ටින් මාළු කර්මාන්තශාලා සියල්ලම මෙම එකඟතාවට පත්වී තිබේදැයි තමාට කිව නොහැකි බව ද කියා සිටියේය.
නෝමන් පලිහවඩන

advertistmentadvertistment
advertistmentadvertistment