ටින් මාළු සඳහා අඩු මිලට කෙළවල්ලන් දෙන්න හදනවා නම් ගන්න එපා – කමල් අද්දරආරච්චි

1942

ටින් මාළු නිෂ්පාදනය කිරීම සඳහා කිසිවකු මැකරල්වලටත් වඩා ඉතා අඩු මිලට කෙළවල්ලන් මාළු විකිණීමට තැත් කරන්නේ නම් ඒ පිළිබඳ සිතා බලා මිලදී ගැනීමෙන් වළකින ලෙස ටින් මාළු නිෂ්පාදකයන්ගේ සංගමයේ ක්‍රියාකාරි සාමාජික ප්‍රවීණ රංගන ශිල්පි කමල් අද්දරආරච්චි මහතා ඉල්ලා සිටී. කෙළවල්ලන් මගින් ටින් මාළු නිෂ්පාදනය කරන්නේ කලාතුරකින් බව ද වෙළෙඳපොළේ තිබෙන මැකරල් ටින් එකට කෙළවල්ලන් යෙදුවොත් එවැනි ටින් මාළු එකක් රු. දහස ඉක්මවනු ඇතැයි ද ඒ මහතා කියා සිටී.

කුණු මාළු කන්ටේනර් පිළිබඳව මේ දිනවල අසන්නට ලැබෙන අතර මෙම කුණු මාළු ඉතා අඩු මිලට ටින් මාළු හෝ කරවල සඳහා විකිණීමට සැලසුමක් තිබෙන බව පොලිස් පරීක්ෂණවලට හෙළි වී ඇත.

මෙම කුණු මාළු කන්ටේනර් 98ක් අතරින් 14ක් හොයාගෙන තිබූ අතර ඒවා පොහොර නිෂ්පාදනය සඳහා පෑලියගොඩ මත්ස්‍ය වෙළෙඳ සංගමයට භාරදීමට පොරොන්දු වී තිබුණත් මෙතෙක් එම පොරොන්දුව ඉටු වී නැතැයි මත්ස්‍ය වෙළෙඳ සංගමය කියයි.

නෝමල් පලිහවඩන, චමින්ද සිල්වා

advertistmentadvertistment
advertistmentadvertistment