ටියුෂන් ඇවිත් ලැගුම්හල්වලට රිංගූ ලාබාල යුවළ 3ක් සමග 7ක් අත්අඩංගුවට

1351

දෙමාපියන් ගෙන්වා අවවාද කර යුවළ 3 මුදාහරී : අනාචාරයේ යෙදුනැයි ඉතිරි සිවිදෙනා උසාවියට

ටියුෂන් ආ දැරියන් ලැගුම්හල් වලට යන බවට ලද තොරතුරකට අනුව කළ සෝදිසියකදී ගණිකා වෘත්තියේ යෙදි සිව් දෙනෙකු හා ලාබාල වයසේ යුවළ තුනක් අත්අඩංගුවට ගැනීමට කුලියාපිටිය පොලිසියට හැකිවිය. උපකාරක පන්තිවලට සහභාගී වන්නට නිවෙස්වලින් පැමිණෙන ලාබාල වයසේ තරුණ තරුණියන් එම පන්ති මගහැර ලැගුම්හල්වලට ඇතුල්වන බවට දිගින් දිගට ලද තොරතුරු අනුව කුලියාපිටිය මහෙස්ත්‍රාත්වරයාගෙන් ලබාගත් සෝදිසි වරෙන්තු අනුව කළ හදිසි මෙහෙයුමකදී මෙම පිරිස අත්අඩංගුවට ගෙන තිබිණ.

උපකාරක පන්ති සඳහා පැමිණ ලැගුම්හල්වලින් අත්අඩංගුවට ගෙන තිබූ ඉතාමත් ලාබාල වයසේ යුවළ 3ක් ඔවුන්ගේ දෙමාපියන් කැඳවා දැඩිලෙස අවවාද කර මුදා හැරීමට පොලිසිය පියවරගෙන තිබිණ. එමෙන්ම ලැගුම්හල් හිමියන්ටද එහිදී රතු එළි දැල්වූ පොලිසිය ඔවුන්ටද අවසන් නිවේදන නිකුත් කරන බැව් පැවසීය. එසේ අත්අඩංගුවට ගෙන තිබූ අවකල් ක්‍රියාවේ යෙදුනු තිදෙනා සහ කළමනාකාරීත්වය දරා තිබූ කත අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව ඇත.

කුලියාපිටිය කොට්ඨාස භාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකරි නෙරංජන් අභයවර්ධන, සහකාර පොලිස් අධිකරි සමන් දිසානායක යන මහත්වරුන්ගේ උපදෙස් මත කුලියාපිටිය මූලස්ථාන ප්‍රධාන පොලිස් පරීක්ෂක බණ්ඩාර විජේසූරිය, උප පොලිස් පරීක්ෂකවරුන් වූ රංජන් හේරත්, පොලිස් සැරයන් වරුන් වූ කොස්වත්ත (33892), ගාමිණී (36384), එදිරිසිංහ (29586), ශෙල්ටන්(21354), නිශාන්ත (53315), කොස්තාපල් වරුන් වූ පාලිත (59474), ලක්ෂාන් (100578), කාන්තා සැරයන් ඉන්දිකා (4141), සැරයන් රියදුරු චන්දන (39678), ඉන්දික (52192) යන නිලධාරීන් කණ්ඩායම් කිහිපයක් ලෙසින් ගොස් අදාළ වැටලීම් කර තිබිණ.
කුලියාපිටිය උපේන්ද්‍ර සේරසිංහ

advertistmentadvertistment
advertistmentadvertistment