ටියුෂන් ගිය දැරිය වවුනියාවේ ළිං පතුලක සැඟවෙයි

241

පෞද්ගලික උපකාරක පන්තියකට ගිය වවුනියාවේ ගණේෂපුරම් ප්‍රදේශයේ වයස අවුරුදු 15 ක දැරියකගේ මළසිරුර ඇගේ නිවසට ආසන්නයේ පිහිටි ළිඳක තිබී නෙලුකුලම පොලිසිය විසින් ඊයේ (31 දා) ගොඩ ගෙන තිබේ.

දැරිය පෙර දිනයේදී පෞද්ගලික උපකාරක පන්තියකට ගොස් ඇති අතර ඇය රාත්‍රිය වන තුරුම ආපසු නොපැමිණීම නිසා ඇගේ මව්පියන් ඒ පිළිබඳ නෙලුකුලම පොලිසියට පැමිණිලි කොට තිබේ.

පොලිසිය හා ගම්වාසීන් එක්ව මුළු රැය පුරාම අතුරුදන් වූ සිසුවිය සෙවීමේ නිරත වූවත් ඔවුන්ට ඇයව සොයා ගැනීමට නොහැකි වී තිබේ.

පසුව පොලිසිය හා යුද හමුදාව විසින් පොලිස් නිල සුනඛයකු යොදවා සිදුකළ පරීක්ෂාවකදී අතුරුදන් වූ සිසුවියගේ මළසිරුර නිවසට මඳක් දුරින් පිහිටි ළිදක තිබියදී සොයා ගෙන ඇත.

මෙසේ මළසිරුර හමු වී ඇත්තේ වවුනියාවේ

ගම්මානයේ පදිංචිව සිටි රසේන්ද්‍රන් යදුෂී නමැති 15 හැවිරිදි දැරියකගේය.

දැරියගේ මළසිරුර තිබූ ස්ථානයට නුදුරින් ඇගේ සෙරෙප්පු හා ඇඳුම්ද බෑගයක්ද මත්පැන් පානය කොට ඉතිරි කරන ලද අවශේෂ කොටස්ද පොලිසියට හමු වී තිබේ.

අධිකරණ නියෝග මත මළසිරුර පශ්චාත් මරණ පරීක්ෂණ කටයුතු සඳහා නෙලුකුලම පොලිසිය විසින් වවුනියාව මහ රෝහලට භාරදී ඇති අතර සිසුවිය මියගිය ආකාරය පිළිබඳව මෙතෙක් තොරතුරු අනාවරණය වී නොමැත. නෙලුකුලම පොලිසිය සිද්ධිය සම්බන්ධයෙන් පරීක්ෂණ පවත්වයි.

දිනසේන රතුගමගේ

advertistmentadvertistment
advertistmentadvertistment