ටියුෂන් යමින් සිටි නිවුන් දැරියන් දෙදෙනා අපහරණය කරලා

734

දෙනියාය ප‍්‍රදේශයේදී උපකාරක පන්තියකට යමින් සිටි බව කියන 15 හැවිරිදි නිවුන් දැරියන් දෙදෙනකු නීත්‍යනුකූල භාරකාරත්වයෙන් අපහරණය කිරීම සහ ඊට ආධාර අනුබල දීම යන චෝදනා මත දෙනියාය පොලිසියට ලද පැමිණිල්ලක් අනුව වහාම ක‍්‍රියාත්මක වූ පොලිසිය සැකපිට කිහිපදෙනෙකු අත්අඩංගුවට ගෙන ඇත.

සැකකරුවෝ දියදාව සහ මිරිස්ස පදිංචිකරුවෝ ය. දැරියන් ගෙන ගිය බවට කියන ත‍්‍රිරෝද රථය ද අත්අඩංගුවට ගෙන ඇත.

මව පොලිසියට පවසන පරිදි මිත්තනිය ළඟ දරුවන් සිට අධ්‍යාපන කටයුතු කර ඇත. සිද්ධිය වූ දින උපකාරක පන්තියට යදීදී ත‍්‍රිරෝද රථයකින් පැමිණි කිහිපදෙනෙකු දැරියන් වැලිගමට ගෙන ගොස් ඇති බවට ආරංචි වූ බව ද මව පවසා ඇත. දෙනියාය පොලිසිය වැඩිදුර පරීක්‍ෂණ පවත්වයි.

චන්‍ද්‍රදාස කොඩිතුවක්කු
 

advertistmentadvertistment
advertistmentadvertistment