ටිරෝන් හැබෑවටම චිත‍්‍රපටයක වැඩ කළම්බො වලින් එපිට චතුරගේ කතාව  

158

පුංචි කාලෙ ඉඳන් තිබුණ හීනයක් සැබෑ කරගන්න පුළුවන් වෙන්නෙ කීයෙන් කී දෙනාටද. ඔහු අද ඔහුගේ හීනය හැබැහින් දකිනව. මේ චතුර රාජපක්‍ෂ. කළම්බො හි ටිරෝන් වගේම රැුල්ල වෙරළට ආදරෙයි හි ජූඞ්ගේ චරිතයෙන් ඔබ හමුවට එන චතුර ඔහුගේ ගමන් මග ගැන කියන්න මීවිතත් එක්ක මේ විදිහට එකතු වුණා.


 චතුර කලා ක්‍ෂෙත‍්‍රයේ ගමන පටන්ගන්නෙ කොතැනින්ද?

 පාසල් කාලයේ ඉඳන්ම මගේ ලොකු ආසාවක් තිබුණ නළුවෙක් වෙන්න. නමුත් මුලින්ම කටයුතු කරන්නෙ නිරූපණ ශිල්පියෙක් හැටියට. එතැනින් පස්සෙ මැක්ස් ටීවී ආයතනයේ නිවේදකයෙක් හැටියට කටයුතු කරනව. එතැනින් පස්සෙ අනෝජා වීරසිංහ මහත්මියගේ අභින වැඩමුළුවට සම්බන්ධ වෙනව. අවසානයේ මහේන්ද්‍ර පෙරේරා මහත්මයාගෙන් ගුරුහරුකම් ලබනව. එතනදි මට තේරෙනව රංගනය කියන්නෙ විෂයයක් බව. අදටත් මම ඒ විෂය හොයාගෙන යනව.

 ටිරෝන් මුණගැහෙන්නෙ කොහොමද?

 මගේ ගම මරදාන. ඒ නිසාම කළම්බො නාට්‍යයට පෞද්ගලිකවම ලොකු ආසාවක් තිබුණ වගේම ඒ නාට්‍යයට සම්බන්ධ වෙන්නත් ආසාවෙන් හිටියා. කොහොම හරි එක දවසක චමිල් අයියා මට කතා කරනව. දෙපාරක් හිතන්න දෙයක් නෑ. ඒ මොහොතෙ එක පයින්ම මම වැඬේට කැමති වුණා.

 මේ චරිතය ඔබේ පුද්ගලික ජීවිතයට සම්බන්ධයිද?

 ඔව්. මම පොඩිකාලෙ ඉඳන් අහපු දැකපු දේවල් එක්ක” ටිරෝන්ගේ චරිතය මගේ ජීවිතයට සම්බන්ධ වෙනව.

 කොහොමද ලැබෙන ප‍්‍රතිචාර?

 ඇත්තටම බොහොම හොඳ ප‍්‍රතිචාර ලැබෙනව. විශේෂයෙන්ම අපේ රටේ වගේම විදේශ රටවල ඉන්න ලාංකිකයන් පවා කතාකරනව. අධ්‍යක්‍ෂවරයාටත් ලොකු උවමනාවක් තිබුණ මේ චරිතය වෙනස් ආකාරයකට කරන්න. මම ඒ උත්සාහය ගත්තා. සමහර අය බනිනවා” සමහර අය හොඳ කියනව. මම ඒ හැමදේම සතුටින් භාර ගන්නවා. කෙනෙක් තරහෙන් බනිනව කියන්නෙත් ඒ චරිතයේ සාර්ථකත්වයක් තියෙන නිසා කියලයි මම හිතන්නෙ.

 අධ්‍යක්‍ෂවරයා මොකද කියන්නෙ?

 මේ චරිතය කරන්න කලින් මම චමිල් අයියත් එක්ක කතා කළා කොහොමද වෙන්න ඕන කියන දේ. ඇත්තටම අද වෙනකොට ඔහු මේ චරිතය ගැන ගොඩක් සතුටුයි.

 රංගනයට යොමු නොවුණා නම්?

 රංගනයට වගේම ක‍්‍රිකට් වලටත් මගේ ආසාවක් තිබුණ. සමහර විට අපනයන ක්‍ෂෙත‍්‍රයේ හරි” ගුවන් හෝ යුද හමුදාවට සම්බන්ධ වෙයි කියල හිතෙනව.

 මරදානෙ ගෙවුණ ජීවිතය මොනවගේද?

 තාත්තාගේ රැුකියාවෙන් ලැබුණ ස්ථානමාරුවත් එක්ක අපිට බණ්ඩාරවෙල යන්න සිදු වුණා. නමුත් මගේ ජීවිතයෙන් බොහෝ කාලයක් ගෙවුණෙ මරදානෙ. ඇත්තටම මරදාන කියන්නෙ හැමදේම තියෙන ප‍්‍රදේශයක්.

 චතුර රාජපක්‍ෂ මොන වගේ චරිතයක්ද?

 මම ඇත්තටම අභියෝග වලට කැමතියි. ඒ වගේම අලූත් අත්දැකීම් ලබන්න” බොහෝ දේවල්

 හොයාගන්න” ඉගෙන ගන්න” මිනිස්සුත් එක්ක සුහදව ඉන්න සහ තමන් කවුද කියන දේ හොයාගෙන යන කෙනෙක් විදිහට හඳුන්වන්න පුළුවන්.

 වැඩිපුර කතාබහට ලක් වුණේ?

 මං ගැන වැඩිපුර කතාබහට ලක් වුණේ කළම්බො ටෙලි නාට්‍යයේ ටිරෝන්ගෙ චරිතය හරහා සහ රැුල්ල වෙරළට ආදරෙයි ටෙලි නාට්‍යයේ ජූඞ්ගේ චරිතය හරහා. ඒ වගේම රාවණා ටෙලි නාට්‍යයේ ධූමරක්ත ගේ චරිතය කළා. නමුත් එතනදි ඒ මම ද කියල බොහෝ දෙනෙක් හඳුනා ගත්තෙ නැහැ. කොහොම වුණත් ඒ හරහා තමයි මට ගොඩක් අළුත් චරිත ලැබුණෙ.

 මහේන්ද්‍ර පෙරේරාගෙන් ලැබෙන සහයෝගය මොන වගේද?

 එතුමා මගේ හොඳ දේ වගේම වැරදි දේත් එවෙලෙම පෙන්නල දෙනව. ඇත්තටම කිව්වොත් රංගනය විතරක් නෙමෙයි” මගේ ජීවිතයම වෙනස් කරන්න එතුමා ලොකු බලපෑමක් කළා. ඉලක්කයක් ඇතිව ගමනක් යන්නෙ කොහොමද කියන දේ එතුමා මට පෙන්නල දුන්නා.

 චතුරත් ක්‍ෂේත‍්‍රයට එන්න කට්ට කාපු කෙනෙක්ද?

 2009 වසරේ උසස් පෙළ විභාගය කළාට පස්සෙ මේ වන තුරු ක්‍ෂේත‍්‍රය ගැන අධ්‍යයනය කරමින් හිටියෙ. ඇත්තටම කට්ටක් කෑවෙ. නමුත් මට විශ්වාසයක් තිබුණ දවසක මේ කට්ට ඇතුළෙ මදයක් තියෙයි කියල.

 කලකිරුණ අවස්ථා?

 මුල් කාලයේදී මූල්‍ය ප‍්‍රශ්නත් එක්ක එවැනි අවස්ථා නැති වුණේ නැහැ. නමුත් මගේ ඉලක්කය ඊට වඩා ප‍්‍රබල තැනක තිබුණා. හරියට නිකං පිස්සුවක් වගේ. ඒ නිසා ප‍්‍රශ්නවලදි මාව වැටුණ තැනදිත් තව තවත් දිරිමත් වුණා.

 ප‍්‍රවීණයන්ගෙන් ලැබෙන සහයෝගය?

 ඇත්තම කිව්වොත් මම පොඩිකාලෙ ආසාවෙන් බලපු ටෙලි නාට්‍යවල රංගනයේ යෙදුන ප‍්‍රවීණයන් එක්ක අද මට කරට කර රඟපාන්න අවස්ථාව ලැබිල තියෙනව. ඔවුන්ගෙන් ලැබන සහයෝගය ප‍්‍රශංසනීයයි. ඔවුන්ගේ ගුරුහරුකම් එක්ක මං හිමිහිට මගේ ගමන යනව.

 ක්‍ෂේත‍්‍රය තුළ තරගය ඔබට බලපාන්නෙ කොහොමද?

 තරගය තියෙන තරමට තමයි අපි තව තවත් දිරිමත් වෙන්නෙ. ලැබීම් නොලැබීම් සාපේක්‍ෂයි. නමුත් මෙතනදි වාසනාවට වඩා මම විශ්වාස කරන්නෙ හැකියාව.

ටිරෝන් හැබෑවටම චිත‍්‍රපටයක වැඩ කළම්බො වලින් එපිට  චතුරගේ කතාව  



 ඔබේ හැකියාවට නිසි වටිනාකමක් ලැබිල තියෙනවද?

 ඔව්. මගේ හැකියාවට වටිනාකමක් ලැබෙමින් පවතිනව කියල මම විශ්වාස කරනව. ඒ වගේම වෘත්තීයමය නළුවෙක් හැටියට මගේ ජීවිතය ගෙවාගන්න පුළුවන් වෙලා තියෙනව.

 නිර්මාණ තෝරාබේරා ගන්නවාද?

 නිර්මාණයක් භාරගැනීමේදී මම ටිකක් සැළකිලිමත් වෙනව. මොකද මගේ ආසාව චරිතාංග නළුවෙක් වීම. එතනදි මගේ හැකියාවන් පෙන්වන්න පුළුවන් චරිත කැමැත්තෙන් භාර ගන්නවා.

ටිරෝන් හැබෑවටම චිත‍්‍රපටයක වැඩ කළම්බො වලින් එපිට  චතුරගේ කතාව  



 අලූත් වැඩකටයුතු මොනවද?

 සිරසෙ හාස්‍යෝත්පාදක වැඩසටහනකට ආරාධනා ලැබුණා. ඒ වගේම සුනිල් කොස්තා මහත්මයාගේ පනම් බඳින ගස් ටෙලි නාට්‍යයට සහ ඉරේෂ් ලොකුබණ්ඩාර මහත්මයාගේ නාට්‍යයකට වගේම තවත් නිර්මාණ කිහිපයකට ආරාධනා ලැබිල තියෙනව.

 සිනමාවට සම්බන්ධ වෙන්න ඔබට අවස්ථාව ලැබෙනව?

 ඔව්. මගේ පළමු වැනි සිනමා නිර්මාණයේ රූගත කිරීම් වලට මේ දිනවල සහභාගී වෙනව. මේක කලණ ගුණසේකර මහත්මයාගේ පිටපතක්.



 මහේෂ් එදිරිසිංහ

advertistmentadvertistment
advertistmentadvertistment