ටී එකත් 100ට

108

වෙළෙඳපොළේ ආනයනික කිරිපිටි මිල ඉහළ නැංවීම හේතුවෙන් ඊයේ (20 වැනිදා* මධ්‍යම රාති‍්‍රයේ සිට කිරි තේ එකක මිල රුපියල් 100 දක්වා ඉහළ දැමූ බව සමස්ත ලංකා ආපනශාලා හිමියන්ගේ සංගමයේ සභාපති අසේල සම්පත් මහතා ‘දිවයින’ ට පැවසීය.

ආපනශාලාවල මීට පෙර කිරි තේ එකක් අලෙවි වූයේ රුපියල් 80 කට බවත්, කිරිපිටි මිල ඉහළ නැංවීම හේතුවෙන් කිරි තේ එකක මිල රුපියල් 20 කින් ඉහළ දැමූ බවත් හෙතෙම පැවසීය.

මෙහිදී තවදුරටත් කතා කළ අසේල සම්පත් මහතා මෙසේද කියා සිටියේය.

‘‘කිරි තේ එක රුපියල් 100 ට ඉහළ දැම්මා. මේක අවුරුද්දක කාලයකට වෙනස් නොවන ලෙස පවත්වාගෙන යන ලෙසට ආපනශාලා හිමියන්ට දැනුම් දුන්නා. සෑම කිරි තේ එකක්ම මිලි ලීටර් 200 ක් අඩංගු කිරි කෝප්පයක් පාරිභෝගිකයාට ලබාදෙන්න ඕනෑ. ඒ සඳහා ග‍්‍රෑම් 10 ක් හෝ 15 ක් අඩංගු කිරි පිටි තේ හැඳි තුනක් මිශ‍්‍ර කළ යුතුයි. දැන් අපේ ආපනශාලා හිමියෝ ගෑස් සිලින්ඩරය ගන්නේ කළු කඩෙන් රුපියල් 4500 ක් දීලා. සීනි ගන්නෙත් ගිනි ගාණට. මේ වගේ මාෆියාවකට යටවෙලා ආපනශාලා හිමියෝ අමාරුවෙන් ඉන්න වෙලාවක තමයි මේ කිරිපිටි මිල ඉහළ දැම්මේ.

ප‍්‍රදීප් ප‍්‍රසන්න සමරකෝන්

advertistmentadvertistment
advertistmentadvertistment