ටී.එන්.ඒ. ඇතුළේ ගිනි එළියට: සම්පන්දන්ගේ සාකච්ඡාවට සුමන්දිරන්ට ආරාධනා නෑ

280

ජිනීවා මානව හිමිකම් මණ්ඩලයට යවන ලද ලිපියකට අත්සන් තැබීම නිසා දෙමළ ජාතික සන්ධානය තුළ හටගෙන තිබෙන අර්බුදය තවත් වර්ධනය වීමේ ප‍්‍රතිපලයක් වශයෙන් එම පක්ෂයේ මන්ත‍්‍රී එම්.ඒ. සුමන්තිරන් මන්ත‍්‍රීවරයාට සම්පන්දන් මන්ත‍්‍රීවරයාගේ ප‍්‍රධානත්වයෙන් 29 දා කොළඹ පැවැති සාකච්ඡාවට ආරාධනය කර නොතිබුණි.

ශ‍්‍රී ලංකාවේ වගවීම ඇතුළු කරුණු පිළිබඳව එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කොමසාරිස්වරයාට මිත‍්‍ර පාර්ශ්ව විසින් ලියන ලද ලිපියකින් පසුව දෙමළ ජාතික සන්ධානය තුළ දීර්ඝ කාලයක් තිස්සේ පැවැති ආරවුල් හෙළිදරව් වී තිබේ.

මෙහි ප‍්‍රතිඵලයක් වශයෙන් සුමන්තිරන් මන්ත‍්‍රීවරයාට එරෙහිව දෙමළ ජාතික සන්ධානයේම මන්ත‍්‍රීවරුන් කීපදෙනකුම ප‍්‍රසිද්ධියේ දෝෂාරෝපණය කිරීමට පටන් ගත් අතර ජිනීවා නුවරට යවන ලද ලිපිය සම්බන්ධයෙන් දෙමළ ජාතික සන්ධානයේ පිරිස විසින් දක්වන ලද අදහස් එකිනෙක පරස්පර විය. කෙසේ වෙතත් මේ අර්බුද හා දෙමළ ජාතික සන්ධානය විසින් මීළ`ගට ගනු ලබන තීන්දු තීරණ සාකච්ඡා කිරීම සඳහා කොළඹ පිහිටි සම්පන්දන් මන්ත‍්‍රීවරයාගේ නිවසේ පැවැති සාකච්ඡාවට සුමන්තිරන් මන්ත‍්‍රීවරයාට ආරාධනය කර නොතිබුණි.

 දිනසේන රතුගමගේ

advertistmentadvertistment
advertistmentadvertistment