ටී-20 ලෝක කුසලානයේ  ශ්‍රී ලංකා කාල සටහන නිකුත් වෙයි

501

2022 පන්දු වාර විස්සයි විස්ස ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේදී ශ්‍රී ලංකා කණ්ඩායම සමගින් මූලික වටයේදී තරග වදින ප්‍රතිවාදී කණ්ඩායම් කවුරුන්ද යන්න තහවුරු වී තිබේ. ඒ තරගාවලිය සඳහා සුදුසුකම් ලබා ගැනීම වෙනුවෙන් පැවැති තරගාවලිය අවසන් වීමත් සමගිනි.

 මෙවර විස්සයි විස්ස ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලිය සඳහා සුදුසුකම් ලබා ගැනීම වෙනුවෙන් සිම්බාබ්වේ හිදී පැවැති අදාළ තරගාවලියේ ශූරතාව හිමිකර ගැනීමට සත්කාරක ශ්‍රී ලංකාවට හැකියව ලැබිණි. ඒ අවසන් තරගයේදී නෙදර්ලන්තය පරාජයට පත් කිරීමට සමත්වීමත් සමගිනි. ඒ අනුව ඔස්ටේ්‍රලියාවේදී ක්‍රියාත්මක වීමට නියමත 2022 පන්දු වාර විස්සයි විස්ස ක්‍රිකට් තරගාවලියේ මූලික වටය සඳහා ‘බී’ කාණ්ඩයෙන් ක්‍රීඩා කිරීමේ අවස්ථාව උදාකර ගැනීමට සිම්බාබ්වේ කණ්ඩායම සමත්වූ අතර ‘ඒ’ කාණ්ඩය යටතේ ක්‍රීඩා කිරීමේ අවස්ථාව නෙදර්ලන්ත කණ්ඩායමටත් හිමිවිය.

 මෙවර ලෝක කුසලාන තරගාවලියේ මූලික වටයේ ‘ඒ’ කාණ්ඩය සඳහා ශ්‍රී ලංකාව ද ඇතුළත්ව ඇති අතර ඒ අනුව එම කාණ්ඩය යටතේ ශ්‍රී ලංකාව නැමීබියාව, එක්සත් අරාබි එමීර් රාජ්‍යය සහ නෙදර්ලන්තය සමගින් තරග වැදීමට නියමිතව තිබේ.

 තරගාවලිය ආරම්භ කරමින් ලබන ඔක්තෝබර් මස 16 වැනිදා ශ්‍රී ලංකාව මූලික වටයේ පළමු තරගයට ක්‍රීඩා කරන අතර එම තරගය නැමීබියාව සමගින් පැවැත්වේ. දෙවැනි තරගය 18 වැනිදා එක්සත් අරාබි එමීර් රාජ්‍යය සමගින් පැවැත්වෙන අතර තෙවැනි තරගය 20 වැනිදා නෙදර්ලන්ත කණ්ඩායම සමගින් පැවැත්වේ. එම තරග සියල්ලම ජීලෝන්ග් හිදී ක්‍රියාත්මක වේ.

 තරගාවලියේ සුපිරි 12 වටය සඳහා පිවිසීමට නම් ශ්‍රී ලංකාව අදාළ කාණ්ඩයේ පළමු ස්ථාන දෙක අතර සිටීම අනිවාර්යය වේ.

advertistmentadvertistment
advertistmentadvertistment