ටී 56 ගිනි අවියක් හා පතරොම් 562 ක් සහිත පතරොම් ගැබ් 19ක් ද රැුගෙන තිරුක්කෝවිල් පොලිසියේ සාතන් රජකළ හෝරාව!

1743

ඔවුනටද සිදුවන්නේ කුමක්දැයි කියා එකවරම අදහා ගැනීමට නොහැකි විය. තම රිවෝල්වරය ඇදගත් කාදර් පොලිස් සැරයන්වරයාද ඝාතකයා දෙසට වෙඩි කීපයක් එල්ල කරන්නට විය. ඒ සමගම ඔවුන් පොලිසිය තුළ විදුලි බල්බ නිවා දමන්නේ ඝාතකයාගේ ඉලක්කය බේරීම සඳහාය. මොහොතකින් ඝාතකයාගේ වෙඩි පහරට  ලක් වූ නවීනන් සහ කාදර්  ලේ විලක් මැද  වැටී සිටින්නට විය.

නත්තල් දින උදා වීමට තව තිබුණේ හෝරා එකහමාරක් පමණි. ඒ වෙනවිටත් තිරික්කෝවිල් ප‍්‍රද්ශවාසීන් බෝහෝ දෙනකු නිදි යහනේ පසුවූහ.

ටී 56 ගිනි අවියක් හා පතරොම් 562 ක් සහිත පතරොම් ගැබ් 19ක් ද රැුගෙන තිරුක්කෝවිල් පොලිසියේ සාතන් රජකළ හෝරාව!

එක්වරම තිරික්කෝවිල් පොලිසිය දෙසින් විටින් විට ඇසෙන්නා වූ වෙඩි පහර සමගම නින්දෙහි පසු වූවන් පිබිද වෙන්නේ කුමක්දැයි සිතාගත නොහැකිව දැඩිසේ බියට පත් වන්නට වූහ. නමුත් පොලිසිය තුළ සිදු වන්නේ කුමක්දැයි ඒ වෙනවිටත් කිසිවෙක් දැන සිටියේද නැත.

අම්පාර දිස්ත‍්‍රික්කයට අයත් තිරික්කෝවිල් පොලිස් බල ප‍්‍රදේශයේ 43 දෙනකු පමණ නිලධාරීන් පිරිසක් සේවය කරනු ලැබේ. 24 වන දින වනවිටද 34 දෙනකු පමණ සේවය කළ අතර රාත‍්‍රී වන විට පොලිසිය තුළ සිටියේ නිලධාරීන් දහයකටත් අඩු ප‍්‍රමාණයකි. ඊට පසු දින නත්තල බැවින් ඉතුරු පිරිස් බොහෝ දෙනකු පොලිසිය පිට රාජකාරි සඳහා යොදවා තිබුණේ ප‍්‍රදේශයේ ආරක්ෂාව වෙනදාට වඩා තර කර තිබූ බැවිනි.

ටී 56 ගිනි අවියක් හා පතරොම් 562 ක් සහිත පතරොම් ගැබ් 19ක් ද රැුගෙන තිරුක්කෝවිල් පොලිසියේ සාතන් රජකළ හෝරාව!

පොලිසිය ගේට්ටුව භාර රාජකාරි කරමින් සිටියේ පො.කො. (44386) කන්දසාමි නිලධාරි වරයාය. රාත‍්‍රි දහයයි තිහ පමණ වෙන විට ඔහු සිටි තැනට පොලිස් සැරයන් (40685) එම්. එම්. ඞී. රවින්ද කුමාර පැමිණ කථා කරමින් සිටින්නට විය. එක්වරම රවින්ද කන්දසාමිගේ ටී. 56 ගිනි අවිය උදුරා ගන්නට විය. සිදුවූ දෙයින් විමතියට පත් වූ කන්දසාමි සිය ගිනි අවිය රවින්දගෙන් ලබා ගන්නට උත්සාහ කළ ද එය අසාර්ථක වූ අතර රවින්ද පෙරළා කන්දසාමි දෙසට ගිනි අවිය අමෝරා ගන්නට විය. ඒ මොහොතේ කන්දසාමි කෙසේ හෝ රවින්දගෙන් බේරී පලා යද්දී වෙඩි තැබූවත් කන්දසාමිගේ වාසනාවට මෙන් වෙඩි උණ්ඩයට ඔහු ගොදුරු නොවුණි.

ටී 56 ගිනි අවියක් හා පතරොම් 562 ක් සහිත පතරොම් ගැබ් 19ක් ද රැුගෙන තිරුක්කෝවිල් පොලිසියේ සාතන් රජකළ හෝරාව!

දැන් තිරුක්කෝවිල් පොලිසියට උදා වී ඇත්තේ සාතන්ගේ හෝරාව බව කිසිවෙක් නොසිතන්නට විය. විටෙක මෙය ඉන්දියාවේ සිනමාපටයක් දැයි කිසිවකුටත් සිතෙන්නට පුළුවන. එසේ නැත්නම් ඇමරිකාව වැනි රටක දිගින් දිගටම සිත්පිත් නැති ආකාරයෙන් වුණ සිදුවීමක් දැයි සිතෙන්නට පුළුවන.

ටී 56 ගිනි අවිය සමග පොලිසියේ ඉදිරිපිටට ගිය රවින්ද්‍ර එම අවස්ථාවේ සේවය කළ උප සේවා භාර නිලධාරී පො. කො. (8861) නවීනන්ට සහ කාර්ය භාර නිලධාරි ලෙස කටයුතු කර පො. කො. (44132) කාදර් දෙසට වෙඩි පිට වෙඩි තබන්නට විය.

ඔවුනටද සිදුවන්නේ කුමක්දැයි කියා එකවරම අදහා ගැනීමට නොහැකි විය. තම රිවෝල්වරය ඇදගත් කාදර් පොලිස් සැරයන්වරයාද ඝාතකයා දෙසට වෙඩි කීපයක් එල්ල කරන්නට විය. ඒ සමගම ඔවුන් පොලිසිය තුළ විදුලි බල්බ නිවා දමන්නේ ඝාතකයාගේ ඉලක්කය බේරීම සඳහාය. මොහොතකින් ඝාතකයාගේ වෙඩි පහරට ලක් වූ නවීනන් සහ කාදර් ලේ විලක් මැද වැටී සිටින්නට විය.

ඉන්පසු වෙඩි ප‍්‍රහාරය නැවතීමත් සමඟම මඳ වේලාවකින් පොලිසිය තුළට ගිය රවින්ද්‍ර නම් පොලිස් ඝාතකයා ආරක්ෂිත පෙට්ටියේ යතුර ගෙන ගිනි අවියක් සහ පතුරම් 562 දෙකක් සහිත පතුරම් ගැබ් දහ නවයක් ගන්නා ලදී.

පොලිසිය පිටත ආරක්ෂක රාජකාරි කටයුතු සඳහා හය දෙනෙක් සහිත පිරිසක් පොලිස් ජීප් රථයේ නැඟී ඒ වන විටත් පොලිසිය දෙසට එමින් සිටින ලදී. රාජකාරි නිමා වීම නිසා අතරමඟදී තිදෙනෙක් ජීප් රියෙන් බැසගත් අතර පොලිස් ගේට්ටුව ඉදිරිපිටදී පොලිස් පොලිස් පරීක්ෂකවරයෙකුද ජීප් රථයෙන් බැස ගන්නා ලදී. ඒ වෙන විට ජීප් රියෙහි සිටියේ පොලිස් කොස්තාපල් රියැදුරු (17382) තුෂාර සහ පිටුපස අසුනේ වාඩි ව සිටි පො. කො. (78851) ප‍්‍රබුද්ධ යන දෙදෙනා පමණි.

තම සහෝදර නිලධාරියෙකුම යක්ෂාවේෂ වී දුටු දුටු පොලිස් නිලධාරීන්ට වෙඩි තබන බව නොදත් මේ අහිංසක නිලධාරීන් දෙදෙනා පොලිසිය ඉදිරිපිට ජීප් රථය නවතනවාත් සමඟ අඳුර තුළින් ආ වෙඩි උණ්ඩ වර්ෂාවකට ජීප් රථය හිල් පෙනේරයක් බවට පත්වෙද්දී ඔවුන් දෙදෙනා ලේ විලක් මැද එම අසුන් මතම වැටුන ඇද වැටෙන්නට වූහ.

මෙයින් නොනැවතුණු මේ කෲර ඝාතකයා අඳුරේ සැඟවෙමින් තවත් ඝාතනයකට කුරුමානම් අල්ලනට වූවේය. අඳුර මැදින් පොලිසිය තුළට යතුරුපැදියක් පැමිණෙන්නට විය. එහි පැමිණියේ තිරික්කෝවිල් පොලිසියේ ස්ථානාධිපති ප‍්‍රධාන පොලිස් පරීක්ෂක දෙහිගම මහතාය.

එම දෙසට දිගින් දිගටම වෙඩි තබද්දී දෙහිගම මහතාද වෙඩි පහරට ගොදුරු වන්නට විය.

තවත් මොහොතක් ගතවෙද්දී පොලිසියෙන් පිටතට රාජකාරි කටයුතු සඳහා ගිය පො. සැ. (14787) ගුණවර්ධන සමගින් පො. කො. රි. (89730) කුමාර නම් නිලධාරිවරයා ත‍්‍රිරෝද රියකින් පැමිණෙන්නන්ට වූහ. කිසිත් නොදන්නා ඔවුන් දෙදෙනා පොලිසිය තුළට ගිය විට දුටුවේ සහෝදර පොලිස් නිලධාරීන් දෙදෙනකු වෙඩි වැදී වැටී සිටින අයුරුය. කිසිවෙකු පොලිස් ස්ථානයට පැන සිය නිලධාරීන්ට වෙඩි තබා තිබෙනු දුටු මොවුන් දෙදෙනා පොලිසිය තුළ ආරක්ෂිත පෙට්ටියේ තිබූ ගිනි අවි ගෙන යන්නට උත්සාහ කරත් ඉබි යතුරු දමා තිබීම නිසා එම යතුරු සොයාගැනීමට නොහැකිව එහි ඉබ්බා කඩා ගිනි අවි දෙකක් ගන්නා ලදී.

පොලිස් ඝාතකයා සිත්පිත් නැති ආකාරයෙන් පොලිස් බැරැක්ක ඇතුළු පොලිස් ස්ථානය පුරා  ගමන් කරමින් පොලිස් නිලධාරීන් ඉලක්ක කර  ගන්නට ඉව අල්ලමින් සිටින ලදී.

ගතවූයේ මොහොතකි. ගුණවර්ධන සහ කුමාර යන පොලිස් නිලධාරීන් දෙසටද වෙඩි පිට වෙඩි එල්ල වන්නට වූහ. වෙඩි පහරට ලක්ව ඔවුන්ගේ සිරුරු සිදුරු වෙද්දී ලේ ගලන තුවාල සහිතව වෙඩි තැබූ දෙසට ඔවුන්ද ප‍්‍රහාර එල්ල කරන්නට විය. ඒ වන විටද අරවින්ද නම් සිත් පිත් නැති ඝාතකයාගේ වෙඩි පහරට ලක්ව සහෝදර පොලිස් නිලධාරීන් අට දෙනකුට පමණ වෙඩි වැදී ලේ විලක් මැද ජීවිතයත් මරණයත් අතර පොරබදිමින් සිටින්නට වූහ.

පොලිස් නිලධාරීන්ගේ වෙඩි ප‍්‍රහාරයත් සමගම පැය භාගයකට ආසන්න කාලයක් තුළ දකින දකින පොලිස් නිලධාරීන්ට වෙඩි තබමින් සාහසික අපරාධයක් සිදුකර රවින්ද සිය අංක  UP- DAE – 6675  දරන බොලරෝ වර්ගයේ ජීප් රථයට නැගී වේගයෙන් තිරික්කෝවිල් පොලිසියෙන් පිට වන්නට වූවේය.

අම්පාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි ජයන්ත රත්නායක මහතා පසුදින නත්තල් දිනය වූ බැවින් විශේෂ ආරක්ෂිත වැඩසටහනක් අම්පාරේ ක‍්‍රියාත්මක කරමින් රාත‍්‍රී 11 පමණ වන විට සිය නිලධාරීන් සමග ආරක්ෂක තත්ත්වය පරීක්ෂා කරමින් සිටින්නට වූහ. ඒ අවස්ථාවේ රාත‍්‍රියේ එකොළහ පමණ වන විට තිරික්කෝවිල් පොලිසියේ ස්ථානාධිපති ප‍්‍රධාන පොලිස් පරීක්ෂක දෙහිගම මහතා විසින් සිය පොලිසියට කිසියම් පුද්ගලයෙකු විසින් වෙඩි ප‍්‍රහාරයක් එල්ල කරන බවත් තමන්ට වෙඩි වැදී තුවාල සිදු වූ බවත් ජයන්ත රත්නායක මහතා හට දැනුම් දෙන ලදී. ඉතා දක්ෂ අත්දැකීම් සපිරි ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී ජයන්ත රත්නායක මහතා ඉතාම වේගයෙන් තිරික්කෝවිල් පොලිසිය වෙත පැමිණෙන්නට පිටත් විය. ඒ අතරවාරයේදී තිරික්කෝවිල් යුද හමුදා කඳුවුරටත්, සාගම විශේෂ කාර්ය බළකාය නිලධාරීන්ට මේ බව දැනුම් දෙන්නටද ජයන්ත රත්නායක මහතා කටයුතු කරන්නට විය.

විනාඩි තිහක් වැනි කෙටි කාලයකින් ජයන්ත රත්නායක මහතා පොලිසිය අසලට පැමිණෙන ලදී. ඔහුගේ උපදෙස් මත අක්කරපත්තුව පොලිසියේ ස්ථානාධිපති ප‍්‍රධාන පොලිස් පරීක්ෂක බණ්ඩාර විජේතුංග මහතා ඇතුළු නිලධාරීන් පිරිසක් තිරුක්කෝවිල් පොලිසිය පිටුපසින් ඇතුළු වන්නට වූහ. ඉදිරිපසින් ජයන්ත රත්නායක මහතා ඇතුළු යුද හමුදාව, විශේෂ කාර්ය බළකායේ නිලධාරීන් ඇතුළු වූහ. ඒ වනවිටත් පොලිසිය තුළ වෙඩි තැබූ ඝාතකයා නොසිටි අතර එක් පුද්ගලයෙකු කළ ප‍්‍රහාරයක් බව පොලිස් අධිකාරිවරයාට අවබෝධ වන්නට වූයේ අතරමගදී ඔහුට ලැබුණු දුරකථන ඇමතුම් අනුව පොලිසියේ රාජකාරි කළ රවින්ද්‍ර නමැති පුද්ගලයා මේ ආකාරයෙන් පොලිසිය තුළ වෙඩිතබා ඔහුගේ ජීප් රියෙන් පොතුවිල දෙසට පලා යන බවය.

ඔහු ඇතිමලේ නවදා හංදිය ගැමුණුපුර ප‍්‍රදේශයේ පදිංචි කරුවෙකු බැවින් පොලිස් අධිකාරි ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි ජයන්ත රත්නායක මහතා පොතුවිල සියඹලාණ්ඩුව මාර්ගයේ මාර්ග බාධක වලට මේ පිළිබඳව දැනුම් දෙමින් අත්අඩංගුවට ගන්නා ලෙස පවසා සිටියේය. ඝාතකයා ඇතැම් මාර්ග බාධකවල සිටි නිලධාරීන්ගේ ඇඟට ජීප් රිය කපා දමමින් වෙට්ටු දමමින් අතුරු මාර්ග වලින් යමින් ඒ වන විට ද ඇතිමලේ ප‍්‍රදේශයට ළඟා වෙමින් තිබුණි.

මේ වන විටත් පොලිසිය තුළ පොලිස් ස්ථානාධිපතිවරයා ඇතුළු නිලධාරීන් හත් දෙනකු ඝාතකයාගේ කුරිරු වෙඩි පහරට ලක්ව ලේ විලක් මැද වැටී ජිවිතය ක් මරණයත් සමඟ පොර බදමින් සිටින්නට වූහ. කඩිනමින් තිරික්කෝවිල්, අක්කරපත්තු සහ කල්මුණ අශ්රොප් රෝහල් වෙත තුවාලකරුවන් යවන්නට ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී ජයන්ත රත්නායක මහතා කටයුතු කරන්නට වූවේය. ඒ වනවිටත් නිලධාරීන් දෙදෙනකු මියගොස් තිබුණු අතර රෝහලට ගෙනයන අතරවාරයේදී තවත් නිලධාරියෙකු මරු තුරුළට නික්ම යන ලදී.

පසුදා උදෑසන කාර්යභාර නිලධාරිවරයා ලෙස කටයුතු කළ කාදර් පොලිස් සැරයන්වරයාද අවසන් හුස්ම හෙළුවේ රාජකාරි සහෝදරයකුගේ සැහැසිකම නිසාවෙනි.

මේ අයුරින් මෙම කෲර වෙඩි ප‍්‍රහාරයෙන් පොලිස් නිලධාරීන් සිව් දෙනකු දිවිය අවසන් වන්නට වූහ.

ඒ බිබිල පිටකුඹුර පදිංචි පො. කො. (78851) කසුන් ප‍්‍රබුද්ධ, පාන්ඩිරුප්පු පිල්ලේයාර් කෝවිල් ප‍්‍රද්ශයේ පදිංචි පො. කො. (8961) නවිනන්, සියඹලාණ්ඩුව අම්පාර පාර ප‍්‍රදේශයේ පදිංචි පො. කො. රි. (17382) තුෂාර සහ චෙන්කලඩි පාර ඔලූවිල් 06 පදිංචි එම අවස්ථාවේ කාර්ය භාර නිලධාරි ලෙස කටයුතු කළ පො.සැ. (44132) කාදර් යන නිලධාරීන් සිව් දෙනා රටම කම්පාවට ලක්කරමින් මරු තුරුළට ගොස් ඇත.

තිරික්කෝවිල් පොලිසිය පොලිස් ස්ථානාධිපති ප‍්‍රධාන පොලිස් පරීක්ෂක දෙහිගම මහතා ඇතුළු පො. සැ. (14787) ගුණවර්ධන, පො. කො. රි. (89730) කුමාර, පො. කො. (44386); කන්දසාමි යන නිලධාරීන් මේ සටහන් තබන විට කල්මුණේ අෂ්රප්, අක්කරපත්තුව සහ තිරික්කෝවිල් යන රෝහල්වල ප‍්‍රතිකාර ලබා ගනිමින් සිටිති.

අහස පොළොව නුහුලන මේ අපරාධය සිදුකළ පොලිස් සැරයන් රවින්ද්‍ර ඇතිමලේ සිය නිවසට ගොස් ඉන්පසුව ඇතිමලේ පොලිසියට බාරවී තිබේ. තිරික්කෝවිල් පොලිසියෙන් රැගෙන ගිය ටී 56 ගිනි අවි දෙක සහිත පතුරන් සහ පතුරන් ගැබ් සමග ආරක්ෂිත පෙට්ටියේ යතුරද ඇතිමලේ පොලිසිය වෙත භාරදී තිබේ.

නිවාඩු ලබා නොදීම නිසා මේ ඝාතනය සිදු කළ බව පොලිස් අත්අඩංගුවට පත් රවින්ද්‍ර පවසා තිබේ.

17 දින රවීන්ද කෙටි නිවාඩුවක් ලබා නිවසට පැමිණ තිබේ. උතුරුකරේ පොලිසියක රාජකාරි කරමින් සිට මීට මාස නමයකට පෙරදී මොහු තිරික්කෝවිල් පොලිසියට පැමිණි තිබේ. තවමත් අවිවාහක ලෙසින් සිටින රවින්ද්‍රගේ සහෝදරයෙකුද පානම පොලිසියේ සේවය කරනු ලබයි. මෙම සිදුවීමට පෙරදී ඔහු රාජකාරි කටයුතු කළ රථවාහන අංශයේ ස්ථානාධිපති ලෙස කටයුතු කළ පොලිස් සැරයන්වරයාගෙන් තමන්ට නිවාඩු අවශ්‍ය බව වාචිකව ඉල්ලා තිබේ. ඒ අවස්ථාවේදී රථවාහන අංශයේ පස් දෙනකු පමණක් සේවය කරන බැවින් එක් අයකු නිවාඩු ලබා සිටින බැවින් ඔහු පැමිණි පසු නිවාඩු ලබා දෙන බවට අදාළ නිලධාරියා පවසා තිබෙන බව පැවසේ. නමුත් නිවාඩු ලබාගැනීම සඳහා ඔහු නිවාඩු ඉල්ලූම් පත‍්‍රයක් හෝ ලබාදී නොමැතිව තිබේ.

එවන් තත්ත්වයක් මත මෙවන් විනාශයක් කිරීම යුක්ති සහගත නොවන බව කොයි කාටත් වැටහෙන සත්‍යයකි.

මේ පිළිබඳ අක්කරපත්තු මහෙස්ත‍්‍රාත් මොහොමඞ් හසාම් හම්සා මහතාගේ ප‍්‍රධානත්වයෙන් 25 වැනි දින මහෙස්ත‍්‍රාත් පරීක්ෂණය පවත්වන ලදී. මේ සටහන් තබන විටත් මිය ගිය පොලිස් නිලධාරීන්ගේ දේහයන් අධිකරණ වෛද්‍ය කටයුතු සඳහා අම්පාර මහා රෝහලේ මෘත ශරීරාගාරයේ තබා තිබේ.

මෙම ඝාතනය සිදු කළ ඝාතකයා ජනවාරි මස 6 තෙක් රක්ෂිත බන්ධනාගාරගත කර තිබේ.

මෙහි පරීක්ෂණ කටයුතු  නැගෙනහිර භාර නියෝජ්‍ය පොලිස්පතිගේ නීතිඥ කමල් සිල්වා මහතාගේ උපදෙස් මත අම්පාර නියෝජ්‍ය පොලිස්පති සෙනවිරත්න මහතාගේ මඟ පෙන්වීමෙන්, අම්පාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී ජයන්ත රත්නායක මහතාගේ උපදෙස් මත අම්පාර කොට්ඨාස 2 භාර සහකාර පොලිස් අධිකාරී වාහිඞ් මහතාගේ මෙහෙයවීමෙන් උහන පොලිසියේ ස්ථානාධිපති ප‍්‍රධාන පොලිස් පරීක්ෂක කරුණාරත්න මහතා ඇතුළු නිලධාරීන් විසින් සිදු කරමින් සිටිති.


මගේ පුතා පොලිස් නිලධාරීන්ගේ මානසික වද හිංසාවලට  ලක්වී සිටියා – මව කියයි

ටී 56 ගිනි අවියක් හා පතරොම් 562 ක් සහිත පතරොම් ගැබ් 19ක් ද රැුගෙන තිරුක්කෝවිල් පොලිසියේ සාතන් රජකළ හෝරාව!

තම පුතා වුණත් කරපු වැඬේ වැරදි බව තමා පිළිගන්නා බව තිරුක්කෝවිල් පොලිසියේ සිදුකළ වෙඩි තැබීමේ සිද්ධියට සම්බන්ධ පොලිස් සැරයන්වරයාගේ මව වන ඒ. එම්. දයාවතී (62) මහත්මිය ‘දිවයින’ ට ඊයේ කීවාය.

තම පුත‍්‍රයා පවුලේ බාලයා බවද ඔහුට සහෝදරයන් තිදෙනකු ද සහෝදරියක් සිටින බවද ඇය කීවාය.

පවුලේ තවත් පුතෙකු පානම පොලිසියේ සේවය කරන බවද කී දයාවතී මහත්මිය තිරුක්කෝවිල් පොලිසියේ සේවය නිරත පොඩිපුතා මෙවැනි දෙයක් සිදුකරන බව කලින් තමා දැන සිටියේ නම් එය වළක්වන බවද ස`දහන් කළාය.

තම පොඩි පුතා වව්නියාව පුලියන්කුලම් මාන්කුලම් වැනි පොලිස් ස්ථානවලත් සේවය කළ අතර, පොලිස් ස්ථානයක කුස්සියේ පවා සේවය කළ බවද ඇය ස`දහන් කළාය.

තම පුතා කාලයක් තිස්සේ කකුලේ අබාධයකින් පෙළී සිටි අතර කකුලේ තුවාලයකට විෂබීජයක් ඇතුල්වී බරපතළ තත්ත්වයෙන් පසුවූ අතර ඔහු මෙම කකුලේ ආබාධය නිසා විවාහ නොවූ බවද කීවාය.

මේ හේතුව මත වෛද්‍ය වාර්තා අනුව ඔහුගේ රාජකාරියට බරපතළ වගකීම් පවරා නොතිබුණු නිසා ඔහු යන යන පොලිස් ස්ථානවලදී ඇතැම් පොලිස් නිලධාරීන්ගේ මානසික වදහිංසාවලට පවා ලක්වූ බවද ඇය කීවාය.

නිකම් ඉදලා පඩි ගන්නවා යැයි කියමින් සමහරු ඔහුට ඇනුම්පද පවා එල්ල කළ බව ඇය කීවාය.

ඔහු නිතර මානසික වශයෙන් පීඩා වින්ද බවද ඇය කීවාය.

පානම පොලිසියේ සේවය කරන පොලිස් කොස්තාපල් ඩබ්ලිව්. වනසිංහ මහතා කීවේ තම සොහොයුරා තමාගේ නිවසේ සිට පොලිසියේ රාජකාරි කිරීමට ගිය බවද ඔහු තමා දන්නා තරමට දරුණු පුද්ගලයකු නොවන බවද ඔහු මෙවැන්නක් කරාවි යැයි තමාට සිහිනයකින්වත් හිතන්න බැහැ යැයිද, තුවාලයට බෙහෙත් ගැනීමට නිවාඩු ලබාගැනීමට යද්දී ඇති වූ ප‍්‍රශ්නයක් බවත් පසුව තමා දැනගත්තේ යැයිද කීවේය.

කළින් දැනගත්තා නම් මෙවැනි අපරාධයක් කිරීමට තමා ඉඩදෙන්නේ නැතැයිද හෙතෙම කීය.

නෝමන් පලිහවඩන

සුසන්ත අමරබන්දු

advertistmentadvertistment
advertistmentadvertistment