ටෙක්සාස්හි පාසලකදී  ඝාතනය වූ දරුවන් වෙනුවෙන් ඇමරිකානු ජනාධිපතිවරයා සහ ආර්යාව සොව පළ කරති

141

ඇමරිකාවේ ටෙක්සාස් ප්‍රාන්තයේ උවාල්ඩේ පාසලක වෙඩි තැබීමකින් ඝාතනයට ලක්වූ පාසල් සිසුන් 19 දෙනා සහ ගුරුවරුන් දෙදෙනාගේ පවුලේ සාමාජිකයන් හමුවී ශෝකය ප්‍රකාශ කිරීමට ඇමරිකානු ජනාධිපති ජෝ බයිඩන් සහ ජනාධිපති ආර්යා ජිල් බයිඩන් එක්වූහ.

 ඝාතනයට ලක්වූවන් වෙනුවෙන් ඉකුත් ඉරිදා (29 දා) පැවැති විශේෂ දේව මෙහෙයට එක්වූ ජනාධිපතිවරයා සහ ජනාධිපති ආර්යාව එම පවුල්හි සාමාජිකයන් පෞද්ගලිකව හමුවී සිය ශෝකය පළ කළහ.

 ප්‍රචණ්ඩත්වය ඕනෑවට වඩා තිබේ. බිය සහ ශෝකයද අසීමිතව පවතී යැයි පැවසූ ජනාධිපතිවරයා එය පාලනය කළ යුතු යැයි සඳහන් කළේය.

 මියගිය පාසල් දරුවන් සිහිකරමින් ජනාධිපති ආර්යාව විශාල සුදු රෝස මල් කළඹක් රැගෙන ආ අතර ඇය එය පාසල ඉදිරිපිට පුවරුව මත තැබුවාය.

 ජනාධිපතිවරයාද නිහඬව මොහොතක් සිට කුරුසියේ සලකුණක් තබා කඳුළු පිස දැමුවේය.

 කලු ඇඳුමින් සැරසී පැමිණි ජනාධිපතිවරයා සහ ආර්යාව මෙම පිරිස සමග දහවල් කාලය ගත කළහ.

advertistmentadvertistment
advertistmentadvertistment