ටෙඩී උණවටුනේදී  ජාත්‍යන්තර වැඩක

172

ටෙඩී, මොකද මේ දවස්වල වෙන්නෙ?

පසුගිය දවස්වල ගුත්කර්ම කියන බි‍්‍රතාන්‍ය චිත‍්‍රපටයකට සම්බන්ධ වෙලා වැඩ කළා. ඒකෙ බි‍්‍රතාන්‍ය, ප‍්‍රංශ, ඉන්දියන් වගේම ශ‍්‍රී ලංකාවේ නළුනිළියන් පවා චරිත කරනවා. මේ රූගතකිරීම් සිදු කළේ ලංකාවේ.

මේ චිත‍්‍රපටයේ අත්දැකීම මොන වගේද?

මේක ජාත්‍යන්තර චිත‍්‍රපටයක්. ඇත්තටම මෙවැනි චිත‍්‍රපට වලට සහභාගී වීමෙන් විශාල අත්දැකීම් ප‍්‍රමාණයක් අපිට එකතුකරගන්න පුළුවන්. මේ වගේ චිත‍්‍රපට ගණනාවක වැඩ කරන්න මට අවස්ථාව ලැබිල තියෙනව. මේ චිත‍්‍රපටයේ වෙනස වෙන්නෙ කි‍්‍රයාදාම අධ්‍යක්‍ෂවරයෙක් හිටියෙ නැහැ. නමුත් ක‍්‍රියාදාම ගොඩක් තිබුණා. මෙතෙක් කලක් සිදු වුණේ ක‍්‍රියාදාම වලට ඔවුන්ගෙන් කෙනෙක් එනවා. අපේ රටෙන් මාව ඒ සඳහා තෝරා ගන්නවා. මෙතනදි ඔවුන්ගෙන් කෙනෙක් ආපු නැති නිසා මේ චිත‍්‍රපටයේ ක‍්‍රියාදාම අධ්‍යක්‍ෂවරයා හැටියට කටයුතු කරන්න සිදු වුණේ මට. මේක සුවිශේෂී අවස්ථාවක්. මෙතනදි මගේ නම හොලිවුඞ් ක‍්‍රියාදාම අධ්‍යක්‍ෂවරුන්ගේ ලේඛනයට ඇතුළත් වෙනවා. මේ අවස්ථාව මුලින්ම ලැබුණෙ ‘ඉන්දියානා ජෝන්ස් ටෙම්පල් ඔෆ් ද ඩූම්. චිත‍්‍රපටයෙන්. මේක ස්පිල්බර්ග් අධ්‍යක්‍ෂණය කළ එකක්. මේ චිත‍්‍රපටය රූගත කළේ ලංකාවේදී. ඒ දැනට අවුරුදු තිස් පහකට විතර කලින්. මේතනදි මම ක‍්‍රියාදාම නළුවෙක් හැටියට කටයුතු කළා. ඉන් පස්සෙ ‘බ්ලඞ් ස්පොට්., ‘අයන් ට්රෑන්ගල්., ජන්ගල් හේට්. වගේ විදේශීිය චිත‍්‍රපට පහළොවක පමණ වැඩ කරන්න අවස්ථාව ලැබුණා.

ඒ අත්දැකීම ලංකාවේ චිත‍්‍රපට සමග සංසංදනය කිරීමක් කළොත්?

ලංකාවේ චිත‍්‍රපට කරන්නෙ බොහොම පොඩි පිරිවැයක් දරල. අධ්‍යක්‍ෂවරයා සමග කතා කළාට පස්සෙ යොදවන මුදල අනුව තමයි අපි අපේ කොටස හදාගන්න ඕන. එතනදි අපේ හිතේ හැටියට නිර්මාණයක් කරන්න අමාරුයිි. නමුත් ජාත්‍යන්තරයේ චිත‍්‍රපට වලට ඩොලර් කෝටි දෙසියයක් තුන්සියයක් යොදවන අවස්ථා තියෙනව. ඒවායේ ක‍්‍රියාදාම දර්ශනයක් කරන්න කලින් අපිට පිටපත දෙනව අධ්‍යයනය කරන්න කියල. ඉන් පස්සෙ ඒකට උචිත නිර්මාණයක් අපි හදනව. ඒක කොටසින් කොටස ඇඳල එයාලට යවන්න ඕනා. ඉන් පස්සෙ පෙරහුරු වීඩියෝ එකක් කරල එවන්න කියනව. එතනදි අපේ සටන් නළුවො දෙන්නෙක් තුන්දෙනෙක් යොදාගෙන ඒ කොටස කරල යවනව. වෙනස් වෙන්න ඕනා තැන් තියෙනව නම් එයාල කියනව. නැතිනම් ෆයිනල් එක කරල එවන්න කියනව. එතැනින් පස්සෙ රූගතකිරීම් කරද්දි ගිලන් රථයේ පටන් හැම පහසුකමක්ම දෙනව.

ටෙඩී උණවටුනේදී  ජාත්‍යන්තර වැඩක



ඔබට මුහුණ දෙන්න සිදු වුණ බිහිසුණු අත්දැකීම් විස්තර කළොත්?

ගාල්ල උණවටුණේදී ගුත්කර්ම චිත‍්‍රපටයේ රූගත කිරීම් කරද්දි මෙහෙම දෙයක් සිදු වුණා. චිත‍්‍රපටයේ සර්කස් එකක දර්ශනයකදි ඒක කරන ගැහැණු ළමයා කඹයක එල්ලිලා ගිහින් ලිස්සලා වැටෙන දර්ශනයක් තියෙනවා. දර්ශනයේ හැටියට එතනදි එදා මැරෙනවා. මේ දර්ශණය කරන්න සිදු වුණේ අපේ රටේ ක‍්‍රියාදාම නිළියකට. මොකද ඔවුන්ගේ රටේ නළු නිළියෝ ලොකු මුදලකට ඉන්ෂුවරන්ස් කරල තියෙන්නෙ. ඒ ආයතනයේ නියෝජිතයෙක් පවා පැමිණ සිටියා. ඔවුන්ට එවැනි අවධානම් දර්ශන වලට සහභාගී වෙන්න නළු නිළියන්ට ඉඩ දෙන්නෙ නැහැ.

අපේ රටේ ක‍්‍රියාදාම නළුවෙක් වන ඔබට එවැනි රක්‍ෂණයක් තියෙනවද?

ඇත්තටම ඔවුන් අපිව රක්‍ෂණය කළා. මොකද එහෙම දෙයක් නැතිව අපිටවත් එවැනි ජවනිකා කරන්න ඔවුන් ඉඩ දෙන්නෙ නැහැ.

සටන් කලාව ගැන ලංකාවේ චිත‍්‍රපටවල තියෙන්නෙ ඇල්මැරුණ ස්වාභාවයක්?

සටන් කලාව ගැන පිබිදීමක් ඇති වෙන්න නම් සටන් කලාවට සම්බන්ධ චිත‍්‍රපට හැදෙන්න ඕනෑ. ලංකාවට ආවේනික සටන් කලාවකුත් තියෙනවනේ. ඒ පිළිබඳව හරි විදේශීය රටක සටන් කලාවක් පිළිබඳව හරි අපේ රටේ චිත‍්‍රපට හැදෙන්නෙ නැහැ. අපේ ඒවායේ කොල්ලයි කෙල්ලයි ආදරේ කරනව. ඒ මැදට කවුරු හරි ආවොත් එතනදි ගහගන්නවා. මේ තැන්වලදි අපි දන්න ශිල්ප දැම්මොත් බලන කෙනාට මේක මොකක්ද කියල හිතාගන්න බැහැ. නමුත් පිටරට චිත‍්‍රපටවල ජැකී චෑන් වගේ නළුවෙක් ගත්තොත් සටන් කලාව කියන්නෙ මොකක්ද කියන එක මුලසිටම පැහැදිලි වෙන විදිහට පෙන්වල දීලා තමයි සටන් ජවනිකා වලට යන්නෙ.

ටෙඩී උණවටුනේදී  ජාත්‍යන්තර වැඩක



ලංකාවේ චිත‍්‍රපට කලාව ගැන ඔබ කලකිරීමෙන්ද? ඔබට ආරාධනා ලැබෙන්නෙ නැද්ද?

ඇත්තටම කලකිරීමක් තියෙනව. මට ආරාධනා නැතිව නෙමෙයි. ආරාධනා ලැබුණත් ඒවාට මහන්සි වීමේ ප‍්‍රථිපලයක් නැති නිසා ප‍්‍රතික්‍ෂේප කරන ප‍්‍රමාණය වැඩියි. ලංකාවේ චිත‍්‍රපට සියයක් ගත්තොත් අසූවකම තියෙන්නෙ පාළු පිට්ටනියක ගහගන්න දර්ශණ. අඩුම තරමින් කැඩෙන්න බිඳෙන්න කිසිම දෙයක් නැහැ. ඇමරිකන් චිත‍්‍රපටයක් ගත්තාම කැඩෙන බිඳෙන දේවල් කොච්චර තියෙනවද. වාහන කීයක් හප්පනවද. අපේ ඒ මුකුත්ම නැහැ.

බයික් එකක් පැදගෙන ආවත් අනේ මේකට හානි කරන්න එපා” ස්ටෑන්ඞ් එක ගහල බහින්න කියනව. කාර් එකක ආවත් ඒකට අතක්වත් තියන්න එපා” එළියෙ ගහගන්න කියනව. ඒ වගේ තත්ත්වයක් තියෙන්නෙ. මම ලැබෙන ආරාධනා බොහොම සීමිතව තමයි භාර කීයක් හප්පනවද. අපේ ඒ මුකුත්ම නැහැ. බයික් එකක් පැදගෙන ආවත් අනේ මේකට හානි කරන්න එපා” ස්ටෑන්ඞ් එක ගහල බහින්න කියනව. කාර් එකක ආවත් ඒකට අතක්වත් තියන්න එපා” එළියෙ ගහගන්න කියනව. ඒ වගේ තත්ත්වයක් තියෙන්නෙ. මම ලැබෙන ආරාධනා බොහොම සීමිතව තමයි භාරගන්නෙ. මොකද අපිට කණ්ඩායමක් ඉන්නව. ඔවුන්ටත් ගෙවීම් කරන්න ඕන. ඒකට සුදුසු මුදලක් ලැබෙන්නත් ඕනනෙ.

ලංකාවේ චිත‍්‍රපට ක්‍ෂේත‍්‍රයට කණ්ඩායම් සටන් කලාව ගෙනාවෙ කවුද?

ඇලෙක්සැන්ඩර් ප‍්‍රනාන්දු” රොබින් ප‍්‍රනාන්දු” බන්දු මුණසිංහ වගේ ශිල්පීන් එයාල එයාල ගහගත්තා. නමුත් ඒ කවුරුවත් සටන් නළුවන් බිහි කළේ නැහැ. එතනදි මම තමයි ඉදිරිපත් වෙලා සටන් නළුවන් බිහි කිරීම ආරම්භ කළේ. මේ වන විට ලංකාව තුළ සටන් නළුවන් පන්දහසකට වඩා බිහිකරල තියෙනව. ඇත්තටම මේ කලාවේ නිර්මාතෘවරයා මම තමයි.

නමුත් ඔබව නිසි අගැයීමකට ලක් වෙන්නෙ නැහැ?

මෙහෙමයි” ඒ අගැයීම මම බලාපොරොත්තු වෙන්නෙ නැහැ. ඒ වගේම ලොකු ප‍්‍රසිද්ධියක් ලබාපොරොත්තු වෙන්නෙත් නැහැ. මුල ඉඳන්ම මගේ චිත‍්‍රපට බලන අය මේ කවුද කියල හෙව්වා. එහෙම හැදුන නමක් තමයි මට තියෙන්නෙ. ජනප‍්‍රියත්වය නෙමෙයි” හරියට වැඬේ කරනව නම් ඒක තමයි කලාව.

විදේශීය රටවල හා ලංකාවේ කලා ක්‍ෂේත‍්‍රය සංසංදනය කිරීමේදී ඔබට දැනෙන්නෙ මොන වගේ හැඟීමක්ද?

ඇත්තටම මට දැනෙන්නෙ ලංකාවේ ඉපදුන එක අපරාධයක් කියල. ඒ රටවල කලාවට තියෙන පහසුකම්” චිත‍්‍රපට වෙනුවෙන් කරන ආයෝජනය” කැපවීම දකිනකොට එහෙම හිතෙන එකේ වරදක් නැහැ.

එහෙමනම් ලංකාව අතහැර යන්න ඔබට පුළුවන් නේද?

ඒක ටිකක් අමාරු දෙයක්. මොකද වීසා ගන්න වගේ දේවල් කරදරයිනෙ. අද හොලිවුඞ් චිත‍්‍රපටවල ස්කොට් අද්කින්ස් වගේ නළුවන් ර`ගපාන දර්ශන මීට අවුරුදු දහයකට දොළහකට කලින් අපි කරල තියෙනව. අපිට ඒ ඉදිරි දැක්ම තිබුණා. ඒවාට උදාහරණ වුණත් දෙන්න පුළුවන්. ඉස්සර ගොඩක් අය කිව්වා මේවා ඇත්තට කරන්න බැහැ කියල. දැන් හොලිවුඩය ඒ දේවල් කරනව.

ක‍්‍රියාදාම දර්ශණ වලදි අනතුරුවලට මුහුණ දුන් අවස්ථා තියෙනවද?

එක වතාවක් පාකිස්ථානයේ චිත‍්‍රපටයක රූගත කිරීම් ලංකාවේ සිදු කළා. ඒක එක දර්ශණයක ප‍්‍රධාන නළුවා නානු ඔය දුම්රිය පළ ළඟ ඉඳන් දුම්රිය පිටත් වෙනකොට පාළම උඩ ඉඳන් ඒකෙ වහලය නැති පෙට්ටියකට පනින්න ඕන. වන් ටේක් ගමු කියල මම පැන්න” නමුත් පෙට්ටියේ දාල තිබුණ කුෂන් එක මදි. එතනදි මගේ කකුලෙ ඇටයක් පිපිරුව. ඒක දැණුනෙ ටික වේලාවක් ගියාට පස්සෙ. එවෙලෙ නුවර එළිය රෝහලට අරගෙන ගියත් එතන අකුරට වැඩ. මම එක් රේ එකත් අරගෙන හොරිවිල වෙද මහත්මයා ළඟට ගියා. බෙහෙත් අරගෙන කොළඹ ඇවිත් ගෙදර ඉන්නකොට චිත‍්‍රපටය කරන්න ආපු පාකිස්තානයේ අය මට ගෙවන්න තිබුණ මුදලත් නොගෙවා හොරෙන්ම මාරු වෙලා.

සටන් කලාවෙන් ඈත් වෙන්න හිතුන අවස්ථා නැද්ද?

නැහැ නැහැ. මේක පොඩි කාලෙ ඉඳන් ඇෙඟ් තියෙන දෙයක්.

මේ සටන් කලාව ඔබේ සාමාන්‍ය ජීවිතයට භාවිත කළ අවස්ථා නැද්ද?

සටන් කලාවක් ඉගෙන ගත්තාම ගහගන්න උවමනා වෙන්නෙ නැහැ. මොකද ඒකෙන් තමන්ට තමන් ගැන විශ්වාසයක් ඇති වෙලා තියෙනව. පාසල් යන කාලෙ පාරවල්වල පවා ගහගත්තා. අද කාලෙ නම් සමාජයේ දියුණුවත් එක්ක ඒ දේවල් අඩුයි.

එදාට සාපේක්‍ෂව අද ඔබේ ජනප‍්‍රියත්වය අඩුවෙලාද?

නැහැ. මගේ ජනප‍්‍රියත්වය ඒ විදිහටම තියෙනව. මාත් එක්ක වැඩිපුරම ඉන්නෙ තරුණ පරපුර. පෙරළිකාරයෝ” මමයි රජා” රන්දෙණිගල සිංහයා වගේ චිත‍්‍රපට කරන කාලෙ හිටපු තරුණයන් අද වයසට ගිහින්නෙ. ඒ අයගෙ ප‍්‍රතිචාරත් ඉහළින්ම තියෙනව. නමුත් කාන්තා පාර්ශ්වයට වඩා පිරිමිපාර්ශ්වයේ ප‍්‍රතිචාර තමයි වැඩිපුරම තියෙන්නෙ. බස් එකක නැගල යන්න අමාරුයි. දැන් මාස්ක් දැම්ම වුණත් මාව හඳුනා ගන්නවා.

මෑතකදි කළම්ඹු ටෙලි නාට්‍යයේ ඔබව දකින්න ලැබුණා?

ඒ ටෙලි නාට්‍යය කළේ අලූත් අධ්‍යක්‍ෂවරයෙක්. එයාට උදව්වක් වශයෙන් ගරු රඟපෑමකට ආරාධනා කළා. මමත් ඒකට බොහොම කැමැත්තෙන් සහබාගී වුණා. අලූත් පරපුරත් ඉදිරියට එන්න ඕනනෙ. එක සීන් එකයි මට තිබුණෙ. නමුත් ඒකෙදි ලංකාවටත් වඩා විදේශීය රටවල ඉන්න ශ‍්‍රී ලාංකිකයන්ගෙන් ඉතා හොඳ ප‍්‍රතිචාර ලැබුණා. අධ්‍යක්‍ෂවරයාත් මට කිව්වා ඔබතුමාට හොඳ ප‍්‍රතිචාර තියෙනව” ඒ නිසා අපි ඉදිරියේදී කතාවේ අතීතාවර්ජනයක් හැටියට කොටස් කිහිපයක් කතාවට එකතුකරනව කියල.

ඔබේ වෘත්තිය රඟපෑමද? සටන් කලාවද?

මට මේ දෙකම බෙදාගන්න බැරිව ඉන්නෙ. බොහෝ දෙනෙක් රඟපාන්න කතාකරන්නෙ සටන් කලාවත් තියෙන නිර්මාණයකට තමයි. අනෙක් කාරණය” රඟපාන්න ගොඩක් දෙනෙක් ඉන්නවනෙ. ඒ නිසා රංගනය ගැන ලොකුවට බලාපොරොත්තුවක් නැහැ.

ඉදිරියේදී මොන වගේ නිර්මාණ වලින් රසිකයන්ට ඔබව දැකගන්න ලැබේවිද?

‘ඇහුවෙත් නෑ කිව්වෙත් නෑ.” ‘මේක පුදුම ලෝකයක්. වගේ සිංහල චිත‍්‍රපට වලින් සහ හින්දි චිත‍්‍රපටයකත් ජවනිකාවක් කරන්න අවස්ථාව ලැබුණා. මේ වගේ චිත‍්‍රපට දොළහකින් පමණ ඉදිරියේදී රසිකයන්ට මගේ රංගනයන් දැකගන්න ලැබේවි.

මහේෂ් එදිරිසිංහ

advertistmentadvertistment
advertistmentadvertistment