ටෙඩී සිනමාවේදී සටනට කැමතිම තැන

198

ප්‍රවීණ රංගන ශිල්පියෙකු මෙන්ම සටන් කලා අධ්‍යක්‍ෂවරයකු වන ටෙඩී විiාලංකාර යනු ශ්‍රී ලාංකික සිනමාවේ තවත් අපූර්ව චරිතයක් බව අවිවාදිතය. දේශීය සිනමා නිර්මාණ පමණක් නොව හොලිවුඩ් සිනමා නිර්මාණ කීපයක් සඳහාත් ඔහු තම රංගන දායකත්වය සපයා ඇත. 1977 වසරේදී සිනමාවට පිවිසෙන ඔහු එතෙක් මෙතෙක් සිනමා නිර්මාණ 542ක් සඳහා දායකත්වය ලබාදී ඇත. මෙවර My Favorite Location විශේෂාංගය වෙන්වන්නේ ප්‍රවීණ සිනමා නළු ටෙඩී විiාලංකාර මෙරට දුටු ලස්සනම ස්ථානය පිළිබඳ කතාබහක් පිණිසය.

ටෙඩී සිනමාවේදී සටනට කැමතිම තැන

● රංගන ශිල්පියෙක් සහ චිත්‍රපට සටන් අධ්‍යක්‍ෂකවරයෙක් ලෙස මෙරට ඔබ දකින සුන්දරම ප්‍රදේශය ලෙස හඳුන්වන්නේ කොතැනද?

 මා බෙහෙවින්ම ප්‍රිය කරන ස්ථානය ලෙස ගාල්ල කොටුව හඳුන්වන්න පුළුවන්. ගාල්ල කොටුව ඇතුළෙ දකින්නට ලැබෙන පෞරාණික ඉදිකිරීම් දකින විට ප්‍රංශයට” ඉතාලියට ගියා වගේ හැඟීමක් තමයි දැනෙන්නෙ. සිනමාව සම්බන්ධකරල ගාල්ල කොටුව ගැන කතා කරනවනම් ඒ පිහිටීම එහි ඇති ඉදිකිරීම් ආදිය දකිනකොට ඒ ස්ථානය චිත්‍රාගාරයක් ලෙස හඳුන්වන්නත් පුළුවන්. හොලිවුඩ්වල තිබෙන යුනිවසල් ස්ටුඩියෝ කියන්නේ අක්කර 25ක පමණ භූමියක්. ඒ ස්ථානයේ දකින්නට ලැබෙන පසුතලවලට (LOCATION) සමාන බොහෝ දේ ගාල්ල කොටුව ඇතුළෙ තිබෙනවා. එතන තිබෙන තවත් විශේෂත්වයක් තමයි සිනමා නිර්මාණයක් සඳහා යම් පසුතලයක් අවශ්‍ය නම් ගාල්ල කොටුව ඇතුළෙ එවැනි තැන් බොහෝමයක් පවතිනවා. ඒ හේතුවෙන් සිනමාව පැත්තෙන් ගත් විටත් මගේ පුද්ගලික කැමැත්ත ගත් විටත් ගාල්ල කොටුව සහ ඒ අවට පරිසරයට මම බොහොම ප්‍රියකරනව.

 ● එම ස්ථානය මුල්කරගනිමින් රූගත කළ ඔබ රංගන දායකත්වය ලබාදුන් මුල්ම චිත්‍රපටය කුමක්ද?

 පතිරාජ එල්. එස් දයානන්ද විසින් අධ්‍යක්‍ෂණය කළ “කෝ හතුරෝ” චිත්‍රපටය රූගත කිරීම් ගාල්ල කොටුව සහ ඒ අවට සිද්ධ කළා. ඒ සඳහා මා රංගන දායකත්වය ලබාදුන්න. ඒක තමයි ගාල්ල කොටුවේ කළ මගේ මුල්ම රූගත කිරීම. ඒ චිත්‍රපටය සඳහා රවීන්ද්‍ර රන්දෙනිය” විල්සන් කරු” සුනිල් වික්‍රමගේ” රත්මලී ගුණසේකර ඇතුළු තවත් නළු නිළියන් විශාල පිරිසක් සහභාගී වුණා.

 ● ඊට අමතරව ගාල්ල කොටුව කේන්ද්‍රකරගනිමින් කරන ලද වෙනත් සිනමා නිර්මාණ පිළිබඳ යම් සදහනක් කළ හැකිද?

 ඔව්… Ghosts Cant Do it කියන හොලිවුඩ් චිත්‍රපටයෙ රූගත කිරීම් සිද්ධවුණේ ගාල්ල කොටුවේ. එහි අධ්‍යක්‍ෂකවරයා වුණේ John Derek කියන පුද්ගලයා. ඔහු ප්‍රසිද්ධ චිත්‍රපට අධ්‍යක්‍ෂකවරයෙක් වගේම රංගන ශිල්පියෙක්.

 චිත්‍රපටය සඳහා නිෂ්පාදකවරු දෙන්නෙක් හිටිය. ඉන් එක්කෙනෙක් තමයි චනද්‍රම් රත්නම් මහත්තයා. ඊට අමතරව ඇමේරිකාවේ ජනාධිපතිවරයෙක් වූ ඩොනල්ඩ් ට්‍රම්ප් ඒ චිත්‍රපටයේ රඟපෑවා. 1990 වසරේදී ඇමරිකාවේදී තමයි මේ චිත්‍රපටය ප්‍රදර්ශනය වුණේ. හොලිවුඩයේ ඉඳල 200ක වගේ පිරිසක් මේ චිත්‍රපටය කරන්න ලංකාවට එනව. මාස 03ක කාලයක් ඒ අය ලංකාවෙ නතර වෙලා රූගත කිරීම් සිද්ධ කළා. සටන් නළුවන් විදිහට මා ඇතුළු ශ්‍රී ලාංකික තවත් රංගන ශිල්පීන් පිරිසක් ඒ සඳහා රංගනයෙන් දායක වුණා. ඊට අමතරව ගත්තොත් අයන් ට්‍රෑන්ගල් කියල වියට්නාම යුද්ධය සම්බන්ධ චිත්‍රපටයක් කළා. එයත් රූගත කිරීම් කළේ ගාල්ල කොටුවෙ. Yong ji කියන නළුව තමයි එහි ප්‍රධාන චරිතය කළේ. ඔහු ඔස්කාර් සම්මාන පවා දිනාගත් රංගන ශිල්පියෙක්. ඒකත් ඇමරිකානු චිත්‍රපටයක්. ඔවුන්ට වියට්නාමයට ගිහින් රූගත කරන්න බැරි හින්ද තමයි ඒ සඳහා ගාල්ල කොටුව තෝරාගන්නෙ.

ටෙඩී සිනමාවේදී සටනට කැමතිම තැන



 ● ඇමරිකාවේ ජනාධිපති ධුරයට පත්වූ ඩොනල්ඩ් ට්‍රම්ප් පිළිබඳව ඔබ සඳහනක් කළා. ඒ පිළිබඳ තවදුරටත් විස්තර කරනවනම්

 ඩොනල්ඩ් ට්‍රම්ප් කියන්නෙ සිනමාව ගැන ලොකු අවබෝධයක් සහ උනන්දුවක් තිබුණ කෙනෙක්. හොලිවුඩ් චිත්‍රපටයක් වූ Ghosts Cant Do it කියන චිත්‍රපටයේ ඔහු රඟපානවා. නමුත් අපි කවුරුවත් දැනගෙන හිටියෙ නැහැ පසු කාලෙක ඔහු දේශපාලනයට එන බවක්. චන්ද්‍ර රත්නම් මහත්තය තමයි ඒ චිත්‍රපටය ලංකාවෙ රූගත කරන්න අවශ්‍ය පසුබිම සකසල දුන්නෙ. මම දන්න විදිහට චන්ද්‍ර රත්නම් සහ ඩොනල්ඩ් ට්‍රම්ප් කියන්නෙ හොඳ හිතවත්කමක් පවත්වාගෙන ගිය දෙදෙනෙක්.

 ● ඉංග්‍රීසි චිත්‍රපට සඳහා ගාල්ල කොටුව තෝරා ගැනීමට විශේෂ හේතුවක් පවතිනවද?

 මම කලිනුත් සඳහන් කළ පරිදි ගාල්ල කොටුව කියන්නෙ හොලිවුඩ් චිත්‍රපටයක් පවා රූගත කිරීමේ පසුතල සහිත ස්ථානයක්. ඒක තමයි විශේෂත්වය. මේ වෙලාවෙ මට නැවත සිහිපත් වෙනව ගාල්ල කොටුවෙ රූගත කළ තවත් විදේශ චිත්‍රපට කීපයක්. ඒ නිර්මාණ සඳහාත් රංගනයෙන් දායක වෙන්න මට අවස්ථාව හිමිවුණා. ඉන් එක් චිත්‍රපටයක් තමයි ඩේවිඩ් ලීන් අධ්‍යක්‍ෂණය කළ adventure Teense Buck කියන චිත්‍රපටය. ඒ චිත්‍රපටය සඳහා මා සමඟ සොමි රත්නායක හා සුනිල් මුදන්නායකත් රංගනයේ යෙදුණ. එහි එක දර්ශනයක් තියෙනව ගාල්ල කොටුව ඇතුළෙ කරන ලද සටන් ජවනිකා කීපයකින් අනතුරුව දියට වැටෙනව. අපි ඒක කොච්චර සාර්ථකව කළාද කියනවනම් චිත්‍රපට අධ්‍යක්‍ෂ ඩේවිඩ් ලීන් අපේ හැකියාවන් පිළිබඳව පෞද්ගලිකව අපට ප්‍රශංසා කළා.

ටෙඩී සිනමාවේදී සටනට කැමතිම තැන


 ● ඔබ මේ වනවිට සිනමා නිර්මාණ කොපමණක් සඳහා රංගන දායකත්වය ලබාදී තිබෙනවද?

 චිත්‍රපට 542ක් පමණ රඟපාල තිබෙනව. ඒ බොහෝමයක් නිර්මාණ ඇතුළෙ සටන් නළුවකුගේ භූමිකාවට පණදෙන එක තමයි මම වැඩියෙන් කරල තියෙන්නෙ. ඒ වගේම ඔය නිර්මාණ 542ට සිංහල” හින්දි” ඉංග්‍රීසි පකිස්ථාන් හා දමිළ චිත්‍රපටත් ඇතුළත් වෙනව.

 ● යම් සිනමා නිර්මාණයක් ගාල්ල කොටුව ආශ්‍රිතව සිදුකරනවනම් ඒ සඳහා ඔබ දැනුත් පෙර ලෙසම ප්‍රියමනාප බවක් දක්වනවද?

 සත්තකින්ම. මම අදත් කියන දෙයක් තමයි මට ආරාධනා කරන සිනමා නිර්මාණ ඇතුළෙ යම් සටන් ජවනිකා පවතී නම් ඒ සඳහා ගාල්ල කොටුව තෝර ගන්න කියලා. මොකද සටන් ජවනිකා ගාල්ල කොටුව තුළ රූගත කරද්දී ඒ වටපිටාවේ දකින්නට ලැබෙන පිහිටීම්” ඉදිකිරීම් එක්ක ඒ ඒ සටන් ජවනිකා ආදියට ලොකු ජවයක් ලැබෙනව. ඒක මම අත්දැකීමෙන් දන්න දෙයක්.



 රුවන් ජයවර්ධන

advertistmentadvertistment
advertistmentadvertistment