ටෙනිස් රැජනට බි‍්‍රතාන්‍ය රැජනගෙන් සුබපැතුම්

290

ඔබේ සාර්ථකත්වය පිළිබඳව මම ඔබට සුබ පතනවා. මේ ජයග‍්‍රහණය අමරණීයයි. මෙතරම් අඩු වයසකදී මෙවැනි ජයග‍්‍රහණයක් හිමුවුණේ ඔබේ කැපවීම සහ ධෛර්යය නිසා යැයි සඳහන් කරමින් වසර 44 කට පසුව බි‍්‍රතාන්‍යයට ග‍්‍රෑන්ඞ්ස්ලෑම් ටෙනිස් ශූරතාවයක් හිමිකර දුන් එම්මා රඩුකානු ක‍්‍රීඩිකාවට බි‍්‍රතාන්‍ය දෙවන එළිසබත් රැජින සුබපැතුම් පිරිනමා ඇත.

ඇමෙරිකානු විවෘත කාන්තා ටෙනිස් ශූරතාවය එම්මා රඩුකානු විසින් පෙරේදා (17 වැනිදා) දිනාගැනීමට සමත්වූ අතර එය වසර 44 කට පසු එනම් 1977 වසරෙන් පසුව බි‍්‍රතාන්‍ය ක‍්‍රීඩිකාවක් ග‍්‍රැන්ඞ් ස්ලෑම් ටෙනිස් ශූරතාවයක් ජයග‍්‍රහණය කළ පළමු අවස්ථාව විය.

අවසන් මහ තරගයේදී ලයිලා ෆර්නැන්ඩස් වට 2-0 ක් ලෙස පරාජය කළ එම්මාගේ ජයග‍්‍රහණය පිළිබඳව බි‍්‍රතාන්‍ය මහ රැජින එසේ සුබපැතුම් එක් කර තිබිණි.

එසේම මෙම ආශ්වාදනීය ජයග‍්‍රහණය පිළිබඳ උණුසුම් සුබපැතුම් පිරිනමන බවට බි‍්‍රතාන්‍ය අගමැති බොරිස් ජොන්සන් මහතාද ට්විටර් පණිවඩුයක් මගින් සඳහන් කර තිබිණි.

ලෝක කිවන්ස් ශ්‍රේණිගත කිරීම්වල 150 වැනි ස්ථානයේ පසුවූ එම්මා 2002 වසරේ නොවැම්බර් මස උපත ලැබූ තවමත් 18 හැවිරිදි වියේ පසුවන ක‍්‍රීඩිකාවකි. එම්මාට මේ ජයග‍්‍රහණය නිසා ඩොලර් ලක්‍ෂ 25 ක් එනම් රුපියල් කෝටි 50 ක තෑගි මල්ලක් පිරිනැමිණි.

advertistmentadvertistment
advertistmentadvertistment