ටෙලිකොම් කොටස් ගැන අධිකරණයට ප්‍රතිඥාවක්

416

ජුනි මස 15 වනදා වන තෙක් ශ්‍රී ලංකා ටෙලිකොම් සමාගමේ රජයට අයත් කොටස් විකිණීම සිදුනොකරන බව මුදල් අමාත්‍යංශ ලේකම්වරයා අද ශ්‍රේෂ්ඨාධිකරණයට ප්‍රතිඥාවක් ලබාදී තිබේ.ටෙලිකොම් ආයතනයේ කොටස් පැවරීමට එරෙහිව ටෙලිකොම් වෘත්තිය සමිති ක්‍රියාකාරිකයන් දෙදෙනෙකු ඉදිරිපත්කළ පෙත්සමක් කැඳවනු ලැබූ අවස්ථාවේදී මෙම දැනුම්දීම සිදුකර තිබුණි.මුදල් අමාත්‍යාංශයේ දී ලේකම් වෙනුවෙන් පෙනී සිටි නියෝජ්‍ය සොලිසිටර් ජනරාල්වරයා අධිකරණයට දන්වා සිටියේ මෙම කොටස් පැවරීමේ ක්‍රියාවලිය සම්පූර්ණයෙන්ම නීත්‍යානුකූල බවය.කෙසේවෙතත් මෙම නඩුව කැදවන මීළඟ ජුනි 15 වනදා තෙක් අදාළ කොටස් පැවරීමක් නොකරන බවත් ඔහු අධිකරණයට ප්‍රතිඥාව ලබාදුන්නේය.

advertistmentadvertistment
advertistmentadvertistment