ටෙලි කතා සුත්‍රයේ කාන්තා ගුවන් කාලය

392

සෑම රාත්‍රියකම, ශ්‍රී ලංකාවේ මිලියන සංඛ්‍යාත නරඹන්නන් ටෙලි කතා නැරඹීමට ඔවුන්ගේ රූපවාහිනී යන්ත්‍ර සුසර කරයි. එම ගුවන් කාලය මග හැරෙන නරඹන්නන් යූ ටියුබ් ඔස්සේ නරඹයි- මෙරට වසර තිහකට වැඩි කාලයක් පුරා ටෙලිකතා බොහෝ රූපවාහිනී නාලිකාවල ප්‍රධාන ගුවන් කාල (ප්‍රයිම් ටයිම්) හි ආධිපත්‍යය දරයි. වර්තමානය වන විට දිගු ටෙලි කතා ජනප්‍රිය සංස්කෘතියේ මුල් තැනක් ගෙන ඇත. ඒවායේ ජනප්‍රියත්වය අනුව කථාංග 200 පමණ දිගු ය. ඒවා නිර්මාණය කරන්නේ පිරිමින්, කාන්තාවන් සහ ළමුන් ප්‍රමුඛ පුළුල් නරඹන්නන් පිරිසක් ආකර්ෂණය කර ගැනීම සඳහා ය. සමකාලීන සමාජයට රූපවාහිනියේ බලපෑමේ විශාලය- එනිසා බුද්ධිමය අගතියක් ඇති කරන ‘දෘශ්‍ය’ වස්තුවක් ලෙස රූපවාහිනිය සැලකේ.

මුල් කාලීනව බටහිර රටවල දිවා කාලයේ රූපවාහිනී කතා ‘සෝප් ඔපෙරා’ නමින් හැඳින් වූ අතර ඒවායෙහි අනුවේදනීය හෝ හැඟීම්බර කතා ඇතුළත් විය. මිනීමැරුම්, ගෘහස්ථ ප්‍රචණ්ඩත්වය, ස්ත්‍රී දූෂණ, ලිංගික හිරිහැර වැනි දෑ ඇමරිකානු සෝප් ඔපෙරාවල ප්‍රධාන අංගයන් වීය- අනෙත් අතින් සෝප් ඔපෙරා ‘කාන්තාවන්ට අයත් ගුවන් කාලය’ කි- බොහෝ සෝප් ආදර කතාවලින් සිදුවන්නේ කාන්තාව අත්විඳින පුරුෂ මූලික පීඩනය පිළිබඳ අවධානය වෙනතකට යොමු කරවීම බව හඳුනා ගෙන ඇත- එසේම සෝප් සමාජ පීඩනයෙන් මිදීමට කාන්තාවන්ට සහාය වන්නක් ලෙස ද සැලකේ. කාන්තාවට තනිකමක් සහ දුකක් දැනෙන විට ‘සෝප් ඔපෙරා’ බැලීමට ඇති ආශාව උග්‍ර වේ.

ටෙලි නාට්‍ය යනු නාට්‍යමය න්‍යෂ්ටියක් සහිත ප්‍රබන්ධ ආඛ්‍යාන ලෙස සැලකුව ද එය එසේ නොවෙයි- නාට්‍යමය ගුණයෙන් හීනය- දැනට ලෝකයේ බහුලව භාවිත වන්නේ ‘සෝප් ඔපෙරා’ හා ‘ටෙලි නවලා’ යන යෙදුම් දෙක යි. ඒවායින් කියවෙන්නේ කතාන්දර ගැනය- එසේම සංවාදයට ප්‍රමුඛතාවක් ලැබෙයි- එබැවින් ටෙලි කතා යනුවෙන් හැඳින්වීම වඩා නිවැරදිය- මේවා විවිධ ගැටලු ආමන්ත්‍රණය කරන උප කථාවලින් යුක්තය. කලින් සිතා ගත හැකි නිශ්චිත විවෘත හෝ සංවෘත අවසානයක් ඇති අතර එය නරඹන්නාගේ චිත්තවේගීය අපේක්ෂාවන් තෘප්තිමත් කිරීමට උත්සාහ කරයි.

කාන්තාව හා රූපවාහිනිය අතර ඇත්තේ වෙන් කළ නොහැකි බැඳීමකි- රටක දියුණුවට කාන්තාවන් සවිබල ගැන්වීම කෙරෙහි විශේෂ සැලකිල්ල දැක්විය යුතුය. තමා, තම පවුල සහ සමස්ත සමාජය නඟා සිටුවීමට ඇය මැදිහත් වෙයි. ඇය සමාජයක ජාතික සංවර්ධනයට අත්‍යවශ්‍ය වත්කමක් වේ. එවන් කාන්තාවන්ගේ අදහස්, මතිමතාන්තර සහ ආකල්ප හැඩගැස්වීමට සහ බලපෑම් කිරීමට රූපවාහිනියට හැකියාව ඇත. තාරුණ්‍යයේ රසවින්දනයේ ඇති විශාල රික්තකයක් සපුරාලීමේ මුවාවෙන් සෑම පුද්ගලයෙකු ළඟටම ටෙලි කතා පිවිසෙමින් තිබේ. තමන් නරඹන ටෙලි කතා තුළින් ප්‍රදර්ශනය කෙරෙන ඇතැම් පුරුදු බෙදා හදා ගැනීමට නැඹුරු වන අතර එය මහා සංස්කෘතියට කාන්දු වෙයි.

මෙරට කාන්තාවන්ගේ ජීවිත තුළ මෙගා ටෙලි නාට්‍ය ලෙස හැඳින්වෙන ගෘහස්ථ සෝප් ඔපෙරාවලට ඇති ස්ථානය බේදනීය වෙයි. මෙගා ටෙලි කතා පරිභෝජනය හේතුවෙන් කාන්තාවන් බොහෝ විට අපකීර්තියට පත්වෙයි. යථාර්ථවාදී නොවන සහ නුසුදුසු ආදර්ශයන්ට නැවත නැවතත් ටෙලි කතා මගින් කාන්තාව වෙත ගෙන එයි.

කාන්තාවන් ටෙලි කතාවල භාවිත කරන්නේ තමන්ගේම ආකල්ප සහ හැසිරීම් ගැන වක්‍රව කතා කිරීමේ මාර්ගයක් ලෙස බවත් එලෙස ඔවුන්ගේ නැරඹීමේ සතුට ගැන බොරු කියන බවත් හඳුනාගෙන ඇත. ටෙලි කතාවක් නැරඹීමෙන් පැන නගින අර්ථකථන කාන්තා නරඹන්නන්ගේ සතුට වැඩි කරයි.

ටෙලි කතාවල ප්‍රමුඛතම තේමාව ආදරය බව අධ්‍යයන මගින් සොයාගෙන ඇත. සමහර නරඹන්නන් ඔවුන්ගේ එදිනෙදා ජීවිතයේදී එවන් ආදර චරිත නිරූපණය කිරීමට උත්සාහ කරයි- සාමාන්‍යයෙන් ටෙලි කතාවල එන සම්බන්ධතා යථාර්ථයක් ලෙස පිළිගැනීම දක්නට ලැබෙයි. ටෙලි කතාවල යථාර්ථය සමාජයේ කාන්තාවන් විසින් හඳුනාගෙන ඇති ගැටලු පිළිබිඹු කරයි- නරඹන්නාට නිශ්චිත කථා සහ චරිත සමඟ සම්බන්ධ වීමට ඉඩ සලසයි. ටෙලි කතා මගින් කෙරෙන චිත්තවේගීය මුදා නරඹන්නන්ට යථාර්ථයෙන් ගැලවීම ලබා දෙන බව විශේෂඥ මතයකි.

ටෙලිනාට්‍යවල අනාගතය කෙබඳුද? යන්න ගැන පසුගිය වසර කිහිපය තුළ බොහෝ ආසියානු විචාරකයින් කියා සිටිනුයේ ටෙලි කතා ප්‍රභේදයක් ලෙස මිය යන බවයි. එනම් පැවති උසස් ශ්‍රේණිගත කිරීම් පහත වැටෙමින් ඇති අතර ටෙලි කතා නව ගතානුගතිකත්වයක් නිරූපනය කරන බවයි. ඒවා නවීන වගේ වුවද ඒවා පිළුණු ය- ගුණයක් නැත- චුයිංගම් වැනිය- එලෙසින්ම ටෙලි කතා මනුෂ්‍ය මූලික ප්‍රශ්න සමඟ සෙල්ලම් කරයි- එම කතා ජනයාගේ චිත්තවේගීය සහභාගීත්වය අපේක්‍ෂා කරයි- ජීවිතය, ගෞරවය, යහපත්කම, ආදරය, වැනි දේට වඩා අයහපත්කම, ද්‍රෝහිකම, මරණය, අගුණය සහ පාපය වැනි තේමා මේවාට විෂය වෙයි. මෙම ටෙලි කතා වාණිජ නිෂ්පාදන ලෙස අතිවිශාල රේටින් සහිතව අපගේ ජීවිතවලට සම්බන්ධ වේ.

නමුත් අපි යන්නේ කොතැනටද? අපි ජීවත් වන්නේ ‘රූපවාහිනිය තුළින් සතුට සොයන’ යුගයක ය. බොහෝ සංස්කෘතීන්හි ටෙලි කතා ප්‍රධාන වින්දන කලාව බවට පත්ව ඇත. රූපවාහිනිය සමාජවල සංස්කෘතික සීමා මායිම් වෙනස් කරමින් යයි. රූපවාහිනිය නරඹනන්ගේ සංකේතාත්මක ලෝකය ද නිර්මාණය කර ඇත. විශේෂයෙන් කාන්තාවන් හා යෞවන යෞවනයින් ටෙලි කතාවල එන සංකේත තම ජීවන පැවැත්මට සම්බන්ධ කර ගනී.

අද දවසේ ටෙලි කතාවලින් අපට පෙන්වා දෙන්නේ සියලු ලෞකික කරදර කෙරෙහි බැඳෙන මිනිසුන්ට අත්වන ඉරණමයි. එමගින් ඛේදවාචකයක් සතුට දනවන අවස්ථාවක් බවට පත් කර ගනියි- ටෙලි නිළි චරිත ලෙස කේන්ති ගැනීමට කැමතිය- එලෙසින් ඇඳුම් පැලඳුම් කිරීමට කැමතිය- එසේම ටෙලි කතා සමාජයක ඇති සමාජ-දේශපාලන හා සංස්කෘතික වැදගත්කම පිළිබිඹු නොකරයි. ඒ වෙනුවට පුද්ගලයා තුළ නොමේරූ මනසක් හදයි- නළු නිළියන්ගේ සරාගී පෙනුම ටෙලි කතාවල වැදගත් දෙයක් ලෙස අර්ථ දක්වයි. වැදගත් වන්නේ ඔවුන් ලස්සනට සිටීම පමණකි. “පරමාදර්ශී මව” නැවත ඇගයීමට ලක් කිරීමට සිදුව ඇත. වඩාත් පරමාදර්ශී සහ අපූරු කාන්තා චරිත කාන්තා ප්‍රේක්ෂකයින්ට නව පවුල් වටිනාකම් ලබා දෙයි.

තමන්ගේම කොන්දේසි මත සහ තමන්ගේම භාෂාවෙන් ටෙලි කතා නරඹයි- ප්‍රේක්ෂකයින් යථාර්ථය පිළිබඳ මිථ්‍යාවක් සාක්ෂාත් කර ගනියි- එලෙසින් කාන්තාවක් සඳහා ටෙලි කතා චාරිත්‍රයකි. ටෙලි කතාවල එන බොහෝ කාන්තා චරිත බල රහිතව බොළඳ කරන අතර බලවත් අය දුෂ්ට ලෙස නිරූපණය කෙරේ. කාන්තාවන් වෙනුවෙන් නිෂ්පාදනය කරන ටෙලි කතා චිත්තවේගීය සබඳතාවලින් යුතුය. ඒවා සමග හඬන්නට දුක්වන්නට ඉඩ තිබිය යුතුය- ටෙලිකතා නිවෙස් තුළ පැටලිලි හදයි- සියල්ල පටලවා ඇත- එනිසාම දිගු ටෙලි කතාවක් එකට ග්‍රහණය කරගත නොහැක- මෙවන් කතා කාන්තාවන් වෙනුවෙන්ම වුවද ඔවුන් ඒවායින් සෑම විටම සතුටු නොවේ.

වත්මන් ටෙලි කතා නරඹන්නන්ගේ ඉටු නොවූ අභිලාෂ සමනය කිරීමේ විනාශකාරී බලපෑම් කරන ක්‍රමයක් ලෙස විශේෂඥයින් හඳුන්වයි. ඒ අභිලාෂයන් ජීවිතය ජය ගැනීමට නොව අතාර්කිකව හැසිරීමට පොලඹවයි- එනම් ධනේශ්වර දෘෂ්ටිවාදය සහ පාරිභෝගික ආශාවන් නිෂ්පාදනය කිරීමේ උපකරණයකි- ටෙලි කතාවල එන චරිත වෙනත් කාන්තාවන්ටත් අනුකරණය කිරීමට පොලඹවයි- එම කතා මාලාවලට අතිශයෝක්තියක් ඇතුළත් වේ. මෙම ටෙලි කතා බලන කාන්තාවන් නිෂ්ක්‍රීය, දුර්වල, බැටකෑමට ලක් වූ සහ වධ හිංසාවට ලක් වූ හෝ කුතුහලයෙන් පෙළෙන, හා ඕපාදූප කියන්නන් ලෙස අඹයි. ඒ පිරිමි ආධිපත්‍යය යටතේ ධනවත්, අභිලාෂකාමී, කුතුහලය දනවන සහ අලංකාර කයක් ඇති අය ලෙසිනි. එනිසා ඔවුනට ටෙලි කතාවල එන චරිත අද්දර ජීවත් විය හැකිය. අවාසනාවන්ත ලෙස ටෙලි කතා බොහොමයක් සමාජය තුළ කාන්තාන්ගේ භූමිකාවන් පිළිබඳ ඒකාකාරී ප්‍රතිරූප ශක්තිමත් කරමින් සිටී. ශක්තිමත් මවක් හෝ සමාජ චරිතයක් හදන්නේ නැත- කාන්තාවන් සම්බන්ධ ටෙලි කතාවලින් වැඩිපුරම කියැවෙන්නේ ඔවුන්ගේ දුෂ්කරතා සහ ඔවුන් මත පටවන ලද හිංසනයන් ය.

බොහෝ විද්වතුන් ටෙලි කතා තුළ කාන්තාවන් හුදෙක් ලිංගික වස්තූන් ලෙස ඉදිරිපත් කර ඇති බව විවේචනය කරයි. ටෙලි කතා ස්ත්‍රීන්ගේ සුන්දරත්වය සහ ශාරීරික පරිපූර්ණත්වය පිළිබඳ ජාතියක උමතුව නිරූපණය කරයි. රූපවාහිනී කතාමාලාවල නිරූපිත කාන්තා සැබෑ ජීවිතයේ කාන්තා රූපයට අනුකූල නොවෙයි. ටෙලි කතාවල චරිතවලට අමතර ආදර සබඳතා බහුල ය. මේ අනුව, ටෙලි කතා බැලීම නරඹන්නාගේ විවාහ සබඳතාවලට බලපාන බව අනුමාන කළ හැකිය. වරදවා වටහාගැනීම් සහ නුසුදුසු හැසිරීම් මත ආදර සබඳතා සහ විවාහ දිය වී යාම නරඹන්නන්ගේ සැබෑ ලෝක සබඳතාවලට ශක්තිමත් කිරීමකි.

ටෙලි කතා අප සමාජයේ කොටසක් බවට පත්ව ඇත. එබැවින් සංස්කෘතික උරුමය ප්‍රදර්ශනය කිරීමට දේශීය ටෙලි කතා අවශ්‍ය බව අප වටහා ගත යුතුය. විනෝදාස්වාදය සහ අධ්‍යාපනය ඒකාබද්ධ කිරීමෙන් ටෙලි කතාවලට මිනිසුන්ගේ හැඟීම් ආකර්ෂණය කර ගත හැකි අතර මිනිසුන්ගේ ආකල්ප සහ හැසිරීම්වලට බලපෑම් කළ හැකි බව අවධාරණය කරයි. ටෙලි කතාවලින් ඇති කර ගන්නා මෝහනයන් ඔවුන්ගේ දෛනික ලෝකයට පරිවර්තනය කර ඇත. මනඃකල්පිත ටෙලි කතා ලෝකය ඔවුන්ගේ දුබලතාවන්ට ආරක්‍ෂාවක් සපයයි. ටෙලි කතාවල චරිත ඔවුන්ගේ පවුලේ සාමාජිකයින්ගේ ස්ථානයට පත් කර ගන්නා බව පර්යේෂණ මගින් හෙළිව ඇත.

ටෙලි කතා මාලා සමාජය තුළ කාන්තාවගේ භූමිකාවේ යථාර්ථය නිරූපණය නොකරයි. එහි ප්‍රතිඵලයක් වශයෙන්, කාන්තාවක් ඒකාකෘති, විලාසිතාමය ආකාරයෙන් නිරූපණය කරන අතර කිසි විටෙකත් පිරිමින් මෙන් ශක්තිමත් දීප්තිමත් හා විශ්වාසදායක ලෙස නිරූපණය නොකරයි. ටෙලි කතා රචකයන්, නළුවන්, මාධ්‍ය විධායකයින් සහ නරඹන්නන් චාරිත්‍රානුකූල ක්‍රියාවලියකට හසු වී ඇත.

ටෙලි කතා සමාජ ව්‍යාපාරයක් ලෙස, ලොව පුරා කාන්තාවන්ගේ නෛතික, සමාජීය, දේශපාලනික, ආර්ථික සහ සංස්කෘතික තත්ත්වයන් වැඩිදියුණු කිරීම සඳහා කේන්ද්‍රීය විය යුතුය. ලතින් ඇමරිකානු බ්‍රසීලියානු රූපවාහිනිය බුද්ධිමත්, සමාජයට වැදගත් සහ ජාතික සංස්කෘතික ශෛලියෙන් පොහොසත් ටෙලි කතා නිර්මාණය කරයි. මෑත ටෙලි කතාවල නිලධාරිවාදී දූෂණය, මාතෘත්වය සහ පරිසරය වැනි ප්‍රශ්න කතා කර ඇත- සංවාදාත්මක භාවිතයන් සහ සංස්කෘතික අර්ථයෙන් ලතින් ඇමරිකානු නවීකරණයේ, ජාතිය ගොඩනැගීමේ සහ සමාජ සංකීර්ණ ක්‍රියාවලීන් මෙම ටෙලි කතා නිෂ්පාදනයේ ප්‍රධාන බලවේගයක් වී ඇත.

ඝානාවල සෝප් ඔපෙරා කාන්තාවන් සඳහා අතිශයින්ම යථාර්ථවාදී නොවන රූපලාවන්‍ය ප්‍රමිතීන් ඇති කරන බව ද හඳුනා ගැනෙයි. එනම් කාන්තාවන් සඳහා යථාර්ථවාදී නොවන රූපලාවන්‍ය ප්‍රමිතීන් සකසන බවයි. රූපලාවන්‍ය රූප මගින් කාන්තාවන්ට ලස්සන වීමට ඇති පීඩනය වැඩි වන බව පැහැදිලි කරයි. මෙම අපේක්ෂාවන් සපුරාලීමට කාන්තාවන්ට නොහැකි වුවහොත් ඔවුන් පිටස්තරයින් බවට පත් වෙයි. මේ ටෙලි කතා කාන්තාවන්ට කියන්නේ ජීවිතේට කැමති දේ ලබාගන්න ලස්සන හා සරාගී වෙන්න ඕනේ කියලායි. අද වන විට ස්ත්‍රීය ටෙලි කතා ක්ෂේත්‍රයේ බරපතල ලෙස අපකීර්තියට පත් වී ඇත.

රූපවාහිනී නිෂ්පාදන රටේ ප්‍රගතිය සඳහා ඉහළ මට්ටමේ ඉගැන්වීම් සහිත සංස්කෘතික වැඩසටහන් නිර්මාණය කළ යුතුය. නව පරපුරේ අධ්‍යාපනයෙන් අප ආරම්භ කළ යුත්තේ මේ දරුවන් රටේ අනාගතය වෙනස් කරන දරුවන් බැවිනි. නමුත් ඔබේ රූපවාහිනියේ පෙන්වන ටෙලි කතාවල අන්තර්ගතයට වඩා ඔබ බුද්ධිමත් වීම ද රඳා පවතී.

ටෙලි කතා සූත්‍රය නිරූපණය කරන්නේ කාන්තාවන් ඒකාකෘති සම්ප්‍රදායික ලෝකයකි. අපගේ සමාජ සංස්කෘතික වටපිටාවක් තුළ ස්ත්‍රීන් යටත් කරන්නේ ටෙලි කතාවල එන ද්‍රව්‍යමය වශයෙන් තෘප්තිමත් ජීවන රටාවයි. කායික හා මානසික හිංසනයන්ට ගොදුරු වන කාන්තාවන් නිරූපණය කිරීමේදී පවුල් හෝ ලිංගික සම්බන්ධතා මගින් කාන්තා අනන්‍යතාවය දිය කර හරියි.

සබන් චරිත දිනපතා ඔවුන් මිතුරන් ලෙස බැලීමට නරඹන්නන් දිරිමත් කරයි. සැබෑ පුද්ගලයන් ලෙස අර්ථකථනය කරන ලද ප්‍රබන්ධ චරිත සමඟ නරඹන්නන්ගේ සබඳතා ගොඩනගා ගනියි. දිනකට අවම වශයෙන් පැයක්වත්, නරඹන්නන්ට සැබෑ මිනිසුන්ට වඩා “වඩා සුන්දර, අපූරු, වික්‍රමාන්විත, වීර” චරිත සමඟ ජීවත් විය හැකිය. දිගු කාලීනව ටෙලි කතා බැලීම මගින්, රූපවාහිනියේ රූප සමාජ යථාර්ථය පිළිබඳ නරඹන්නෙකුගේ සංජානනයට බලපෑම් කරයි.

දෙබස් කෙතරම් හොඳින් ලියා තිබේද? එයට ඇතුළත් වන අමතක නොවන වාක්‍ය ඛණ්ඩ මොනවාද? චරිත යථාර්ථවාදී ලෙස පෙනෙනවාද, කිසියම් සංවාදයක් බලහත්කාරයෙන් තිබේද? කථාව සහ ක්‍රියාව අතර හොඳ සමබරතාවයක් තිබේද? චරිත සැබෑ මිනිසුන් ලෙස පෙනෙනවාද? ඔවුන් එකිනෙකා සමඟ කටයුතු කරන්නේ කෙසේද? නාට්‍යමය හා උද්වේගකර කතාවක් කියයිද? කතාවට ඔබ චිත්තවේගීයව සම්බන්ධ වී බුද්ධිමය වශයෙන් ඒත්තු ගැන්වෙන බවක් ඔබට පෙනෙනවාද? මෙවැනි ප්‍රශ්න තමන්ම අසා දැනගත යුතුය-

ටෙලි කතාවලට අමතරව කාන්තාව පරිභෝජනය පිළිබඳ දැන්වීම්වල පෙන්වන විස්තර ඔවුන් දකියි- එසේම විකාර ටෙලි පවුල් ජීවිතය සම්මතය ලෙස පිළිගැනීම සහ චරිත හැසිරීම් හා විලාසිතා සඳහා ඇති ආශාව කාන්තාවන් තුළ මෝදුවෙයි. බලාපොරොත්තු සුන්වීම සහ සැබෑ සබඳතා සඳහා ටෙලි නැරඹීම ආදේශ කිරීම ද නිරායාසයෙන්ම සිදුවන්නකි. ආකර්ෂණීය පැවැත්මක් ලබා ගැනීමට ඔවුන් කැමතිය.

විදේශීය ටෙලි කතා සඳහා ඇති උන්මාදය නැවැත්විය හැකි දේශීය ප්‍රතිපත්ති සැකසීම සහ ක්‍රමානුකූලව ක්‍රියාත්මක කිරීම අවශ්‍යව ඇත. ජනතාවක් වශයෙන් අපගේ ජාතික අරමුණු හා අභිලාෂ සමඟ අනුකූල වන බව සහතික කිරීමට රූපවාහිනී නාලිකාවල විකාශනය වන වැඩසටහන් කෙරෙහි රජය විශේෂ උනන්දුවක් දැක්විය යුතුය.

මහාචාර්ය ආරියරත්න ඇතුගල

advertistmentadvertistment
advertistmentadvertistment