ටෙස්ට් ලෝක ශූරයන් තෝරන අවසන් මහා ගැටුම අද ඇරැඹේ

233

කුෂාන් සුබසිංහ

පළමු ලෝක ටෙස්ට් කි‍්‍රකට් ශූරයන් තෝරන අවසාන මහා තරගය නවසීලන්තයත් ඉන්දියාවත් අතර අද (18 වැනිදා) එංගලන්තයේ සදම්ප්ටන්හි රෝස් බෝවිල් කී‍්‍රඩාගණයේදී පැවැත්වේ. ලෝක ටෙස්ට් කි‍්‍රකට් ශූරතාවලිය යටතේ පැවති තරග 17 ක් අතුරින් තරග 12 ක් ජය ගත් ඉන්දියාව ප‍්‍රසාද ලකුණු 520 ක් ද, තරග 11 ක් අතරින් තරග 7 ක් ජය ගත් නවසීලන්තය ප‍්‍රසාද ලකුණු 420 ක් ද හිමිකර ගනිමින් අවසාන මහා තරගයට සුදුසුකම් ලැබීමට සමත් වූවේය. ඉන්දීය කණ්ඩායම විරාත් කෝලි විසින් ද නවසීලන්ත කණ්ඩායම කේන් විලියම්සන් විසින් ද අවසාන මහා තරගයේදී මෙහෙයවනු ලබන අතර අද (18 වැනිදා) සිට 22 වැනිදා දක්වා තරගය පැවැත්වේ. එමෙන්ම තරගයට තවත් අතිරේක දිනයක් ලෙස 23 වැනිදා ද එක්කර ඇත්තේ වර්ෂාවෙන් හෝ බාහිර බාධකයක් හේතුවෙන් නියමිත පන්දුවාර 450 තරගයේ පළමු දින 05 තුළදී සම්පූර්ණ කිරීමට නොහැකි වුවහොත් යන උපකල්පනය මතය.

ශුරතාවය දිනා ගන්නා කණ්ඩායමට ඇමරිකානු ඩොලර් මිලියන 1.6 ක මුදලක් සහ අනුශුරතාව දිනා ගන්නා කණ්ඩායමට ඇමරිකානු ඩොලර් 800000 ක මුදලක් ද තෑගි වශයෙන් පිරිනැමීමට ජාත්‍යන්තර කි‍්‍රකට් කවුන්සලය කටයුතු යොදා ඇත.

ඉන්දියාව ලෝක ටෙස්ට් කි‍්‍රකට් ශූරතාවලිය යටතේ තරගාවලි 6 කට සහභාගි වී ඉන් තරගාවලි 5 ක් ජයග‍්‍රහණය කර ඇති අතර නවසීලන්තය තරගාවලි 5 කට මුහුණ දී ඉන් තරගාවලි 3 ක් ජයග‍්‍රහණය කර ඇත. ශී‍්‍ර ලංකාව ලෝක ටෙස්ට් කි‍්‍රකට් ශූරතාවලිය යටතේ තරගාවලි 06 කට මුහුණ දී ඉන් එක් තරගාවලියක් ජයග‍්‍රහණය කර ඇති අතර එම තරගාවලියන්හිදී මුහුණ දුන් තරග 12 ක් අතරින් තරග 02 ක් ජයග‍්‍රහණය කර ඇත. එහිදී ප‍්‍රසාද ලකුණු 200 ක් ලබාගෙන ශ්‍රේණිගත කිරීම් අතර 8 වැනි ස්ථානයේ

ශී‍්‍ර ලංකාව රැුඳී සිටින අතර බංග්ලාදේශය 9 වැනි ස්ථානයට වැටී ඇත. ලෝක ටෙස්ට් කි‍්‍රකට් ශූරතාවලිය යටතේ මුහුණ දුන් තරග අතරින් පෙන්වන ලද දස්කම් මත ඔස්ටේ‍්‍රලියාව තෙවැනි තැනටත්, එංගලන්තය හතරවැනි තැනටත් ශ්‍රේණිගත වී ඇති අතර පකිස්තානය පස්වැනි ස්ථානයේ පසුවේ. බටහිර ඉන්දීය කොදෙව්වන්ට 06 වැනි ස්ථානයත් දකුණු අපි‍්‍රකාව 07 වැනි ස්ථානයේත් පසුවේ.

අයිසීසී ලෝක ටෙස්ට් කි‍්‍රකට් ශූරතාවලියට අයත් පළමු තරගය 2019 වසරේදී ඔස්ටේ‍්‍රලියාව සහ එංගලන්තය අතර බර්මින්හැම් හිදී පැවැත්වුණු අතර එම තරගයේ ජය ඔස්ටේ‍්‍රලියාව විසින් හිමිකර ගන්නා ලදී. නවසීලන්තය සහ ඉන්දියාව අවසන් මහා තරගයට සුදුසුකම් ලැබුවද ලෝක ටෙස්ට් කි‍්‍රකට් ශූරතාවලියේ වැඩිම කඩුලූ සහ වැඩිම ලකුණුලාභීන් අතර පළමු ස්ථාන 6න් 5ක් ම හිමිව ඇත්තේ ඔස්ටේ‍්‍රලියා සහ එංගලන්ත කණ්ඩායම්වල කී‍්‍රඩකයන්ටය. මේ අතරින් වැඩිම කඩුලූලාභීන් අතර තෙවැනි ස්ථානය ඉන්දියාවේ රවිචන්ද්‍රන් අශ්වින්ට හිමි වී ඇති අතර ඔහු ලබාගෙන ඇති කඩුලූ සංඛ්‍යාව 67 ක් වේ. ඔස්ටේ‍්‍රලියාවේ පැට් කමින්ස් එහි පළමු ස්ථානයේ ද එංගලන්තයේ ස්ටුවට් බ්‍රෝඞ් දෙවැනි ස්ථානයේ ද පසුවෙති.

මාකස් ලබුෂේන් (1675) ක්, ජෝ රූට් (1660) ක් සහ ස්ටීව් ස්මිත් (1341) ක් ලෙස ශූරතාවලිය යටතේ වැඩිම ලකුණුලාභී පිතිකරුවෝ වෙති. කෙසේ වෙතත් අවසන් මහා තරගයට සුදුසුකම් ලැබූ දෙපිලේ කී‍්‍රඩකයන් අරත වැඩිම ලකුණුලාභියා ලෙස නවසීලන්ත නායක කේන් විලියම්සන් ලබා ඇති ලකුණු ගණන තරග 7 කදී 759 ක් වේ. එමෙන්ම ඔවුන්ගේ මුල් පෙළ පිතිකරු හෙන්රි නිකොල්ස් තරග 9 කදී ලකුණු 579 ක් ලබාගෙන ඇත. ඉන්දීය කණ්ඩායම වෙනුවෙන් වැඩිම ලකුණුලාභියා ලෙස අයිසීසී ලෝක ටෙස්ට් කි‍්‍රකට් ශූරතාවය යටතේ රිෂාඞ් පැන්ට් ලකුණු 604 ක්

රැුස්කර ගෙන ඇත. ඒ සඳහා ඔහු තරග 9 කටත් තරග 10 කට මුහුණ දුන් චෙටෙෂ්වර් පුජාරා ලකුණු 504 ක් ද ලබාගෙන ඇත. අශ්වින්ට පසුව ඉන්දියාව වෙනුවෙන් වැඩිම කඩුලූ ලබාගත් කී‍්‍රඩකයා වන්නේ ජස්පි‍්‍රට් බුම්රාය. ඔහු කඩුලූ 21 ක් දවාගෙන ඇති අතර නවසීලන්තය වෙනුවෙන් ටිම් සවුති තරග 8 කදී කඩුලූ 42 ක් ද, කයිල් ජැමීසන් තරග 7කදී කඩුලූ 39 ක් ද දවාගෙන ඇත. මෙම කී‍්‍රඩකයන්ට අමතරව නවසීලන්ත සංචිතය ප‍්‍රවීණ කී‍්‍රඩක රොස් ටේලර්, ටොම් ලේතම්, ඩිවොන් කොන්වේ, විල් යන්ග් වැනි කී‍්‍රඩකයන්ගෙන් සමන්විත වන අතර ඉන්දීය සංචිතයට නායක විරාත් කෝලි, අජින්කෙයා රහනේ, රෝහිත් ෂර්මා, ඉෂාන්ට් ෂර්මා, ෂුබ්මන් ගිල් යන කී‍්‍රඩකයෝද ඇතුළත් වෙති.

දෙරට අතර අවසාන වරට පැවති ටෙස්ට් තරග 5න් තරග තුනක ජය ඉන්දියාවට ද නවසීලන්තය තරග දෙකක ජයග‍්‍රහණ හිමිකර ගෙන ඇත. ලෝක ටෙස්ට් කි‍්‍රකට් ශූරතාවය යටතේ දෙරට අතර පැවති තරග දෙකේදී ලද ජයග‍්‍රහණයන් නවසීලන්තය ඉදිරියේ එසේ සටහන් වී ඇති අතර එම තරග පසුගිය වසරේ පෙබරවාරි මාසයේදී පැවැත්විණි. සමස්තයක් ලෙස ලෝක ටෙස්ට් කි‍්‍රකට් කණ්ඩායම් ශ්‍රේණිගත කිරීමේ ස්ථානයේ පළමු ස්ථානය නවසීලන්තයට ද දෙවැනි ස්ථානය ඉන්දියාවට ද හිමි වී ඇත. පිතිකරුවන් ශ්‍රේණිගත කිරීමේ දෙවැනි ස්ථානය නවසීලන්ත නායක කේන් විල්සම්සන්ට ද 4 වැනි ස්ථානය ඉන්දීය නායක විරාත් කෝලිට ද හිමි වී ඇත. ටෙස්ට් පන්දු යවන්නන් ශ්‍රේණිගත කිරීමේ දෙවැනි ස්ථානයේ රවිචන්ද්‍රන් අශ්වින්ද, තෙවැනි ස්ථානය ටිම් සවුති ද, පස්වැනි ස්ථානය නවසීලන්තයේ නිල් වැග්නර් ද හිමිකර ගෙන ඇත. ලෝක ටෙස්ට් කි‍්‍රකට් තරග ඉතිහාසයේ 2425 වැනි තරගය ලෙස සටහන් වන ටෙස්ට් ලෝක ශූරතා අවසන් මහා තරගය විනිශ්චය සඳහා එංගලන්තයේ මයිකල් ගෆ් සහ රිචඞ් ඉලිංවර්ත් නම් කර ඇත. තරග තීරක ලෙස කි‍්‍රස් බෝඞ් කටයුතු කරයි.
 

advertistmentadvertistment
advertistmentadvertistment