ටෙස්ලා සමාගමේ කොටස් අලෙවි කරයි

618

ලොව වටිනාම මෝටර් රථ නිෂ්පාදන සමාගම වන ‘ටෙස්ලා’ සමාගමේ විධායක අධ්‍යක්ෂක එලන් මස්ක් විසින් ට්විටර් සමාජ මාධ්‍ය ජාලයේ තම අනුගාමිකයන් මිලියන 63කගේ මතය විමසීමෙන් පසු තමන් සතු එම සමාගමේ කොටස්වලින් සියයට 10ක් ඇමරිකානු ඩොලර් බිලියන 4ක මුදලකට කොටස් වෙළෙඳපළෙහි අලෙවි කර තිබේ. ධනවතෙකු වන මස්ක් විසින් ටෙස්ලා සමාගමේ තමන් සතු කොටස්වලින් සියයට 10ක් හෙවත් මිලියන 3.6ක ප‍්‍රමාණයක් මෙසේ අලෙවි කර ඇති බව වාර්තා වේ.

ටෙස්ලා සමාගමේ කොටස් වෙළඳපළ වටිනාකම ඇමරිකානු ඩොලර් ටි‍්‍රලියනයකට වඩා වැඩි බව ඇස්තමේන්තු කර තිබේ. සිය සමාගමේ කොටස්වලින් සියයට 10ක් අලෙවි කිරීම සම්බන්ධයෙන් ට්විටර් අනුගාමිකයන් අතර සිදු කළ ඡුන්ද විමසුමේදී ඡුන්දය භාවිත කළ මිලියන 3.5කට අධික අනුගාමිකයන්ගෙන් සියයට 58ක් එම කොටස් විකිණීමට කැමැත්ත පළ කර තිබිණි. එම මත විමසුමෙන් දින දෙකකට පසු කොටස් වෙළෙඳපළේ ටෙස්ලා සමාගමේ කොටස්වල වටිනාකම සියයට 16කින් පහත බැස තිබූ බවද වාර්තා වී තිබේ. මස්ක් විසින් සිය සමාගමේ කොටස් මෙසේ අලෙවි කර ඇත්තේ ඔහුට ගෙවීමට නියමිතව ඇති බදු මුදල ආවරණය
 කරගැනීම සඳහා බව පැවසේ.

advertistmentadvertistment
advertistmentadvertistment