ටෙහානි, අනිකා සහ නිලූක අද තරග බිමට

326

නිල වශයෙන් විවෘත කිරීමෙන් අනතුරුව ක‍්‍රියාත්මක කෙරෙන 32 වන ඔලිම්පික් ක‍්‍රීඩා උළෙලේ පළමු දිනය යෙදෙන අද (24දා* ශ‍්‍රී ලංකාවේ ටෙහානි එගොඩවෙල, අනිකා ගපූර් සහ නිලූක කරුණාරත්න තම මූලික තරඟ සඳහා පිටියට පිවිසෙති.
 
 මෙරට අංක එකේ වෙඩි තැබීමේ ශූරිය ලෙස සැළකෙන ටෙහානි එගොඩවෙල අද මෙරට වේලාවෙන් පෙරවරු 05.00 ට කාන්තා මීටර් 10 වායු රයිෆල් තරගයට මුලින්ම ඉදිරිපත් වන අතර පස්වරු 03.45 ට කාන්තා මීටර් 100 සමනල ආර ඉසව්ව සඳහා සහභාගී වීමට අනිකා ගපූර් සූදානම්ව සිටින්නීය.
 
 පිට පිට තෙවැනි වරටත් ඔලිම්පික් ක‍්‍රීඩා උළෙල නියෝජනය කරන නිලූක කරුණාරත්න අද පස්වරු 04.30 ට තම පළමු වටයේ බැඞ්මින්ටන් තරගය සඳහා ඉදිරිපත් වේ. වසර 17 ක් තිස්සේ තම අපරාජිත බව සටහන් කර ගනිමින් මෙරට අංක එකේ බැඞ්මින්ටන් ක‍්‍රීඩකයා බවට පත්ව සිටින නිලූක කරුණාරත්න පිරිමි බැඞ්මින්ටන් කේවල ඉසව්ව නියෝජනය කරමින් අද තරග වදින අතර ඔහු එහිදී චීන තායිපේ ක‍්‍රීඩකයාට එරෙහිව දක්ෂතා ප‍්‍රදර්ශනය කිරීමට නියමිතය.
 
 මේ අතරවාරයේ මිල්කා ගිහානි හෙට (25දා* පෙරවරු 11.55 ට කාන්තා ජිම්නාස්ටික් තරඟය සඳහා සහභාගී වන්නීය.
 
 ක‍්‍රීඩක ක‍්‍රීඩිකාවන් 09 දෙනකුගෙන් සැදුම්ලත් මෙවර ශ‍්‍රී ලංකා ජාතික කණ්ඩායම කායික හා මානසික ලෙස ශක්තිමත්ව සටින බවත් ඔවුන් තම උපරිම දක්ෂතාවය ටෝකියෝ ඔලිම්පික් ක‍්‍රීඩා උළෙලේදී ප‍්‍රදර්ශනය කිරීමට සූදානම්ව සිටින බවත් කණ්ඩායම් ප‍්‍රධානී ගාමිණී ජයසිංහ මහතා ඊයේ (23දා* මාර්ගගත තාක්ෂණය ඔස්සේ සම්බන්ධ වෙමින් පැවසීය. මෙම ක‍්‍රීඩක ක‍්‍රීඩිකාවන්ගේ තරග ඉසව් ගෘහස්ථව පැවැත්වෙන බැවින් ටෝකියෝ අගනුවර දහවල් කාලය තුළ එළිමහනේ පවතින සෙල්සියස් 33 ක උෂ්ණත්වය බලනොපාන බව ද හෙතෙම අනාවරණය කළේය.

 අනුරුද්ධ හේරත් බණ්ඩාර

advertistmentadvertistment
advertistmentadvertistment