ටොප් ටෙන් ජාවාරමෙකුට අගමැතිගෙන් ‘චාන්ස් එකක්’ – දූෂණ විරෝධී සංවිධානයෙන් චෝදනා

237

ජපානයේ පාවිච්චි කළ වාහන ගලවා මෙරටට ගෙනවිත් සවිකර විකිණීමේ ජාවාරමක නිතරවූ පුද්ගලයකුට නැවත වාහන ආනයනය සඳහා අවසර දීමට මුදල් ඇමැතිවරයා ලෙස අගමැති මහින්ද රාජපක්‍ෂ මහතා කැබිනට් පති‍්‍රකාවක් යොමුකර ඇතැයි දූෂණ විරෝධී හඬ සංවිධානයේ කැඳවුම්කරු වසන්ත සමරසිංහ මහතා පැවැසීය.

 මෙම පුද්ගලයා වංචාකරුවකු ලෙස පවසමින් වත්මන් ආණ්ඩුව පසුගිය කාලයේ ඉදිරිපත් කළ ටොප් ටෙන් වංචා ලැයිස්තුවේද සිටින බව පැවසූ ඒ මහතා ඔහු අද බෙස්ට් ඉන්වෙස්ටර්වරයෙක් බවට පත්කිරීමට ආණ්ඩුව සැරසෙන බවද කීවේය.

 මෙම කැබිනට් පති‍්‍රකාව අගමැති මහින්ද රාජපක්‍ෂ මහතා කියවා හෝ නැති බව විශ්වාස කරන බව පැවසූ වසන්ත සමරසිංහ මහතා මොහු ආයෝජනය සඳහා සුදුසු නැති පුද්ගලයෙක් ලෙස ආයෝජන මණ්ඩලය විසින් නිර්දේශ කර ඇති අතර උසාවිය මගින්ද මොහුට උසාවිය පැත්ත පළාතේ එන්න එපා යැයි දැනුම්දී ඇති බවද සඳහන් කළේය.

 එවැනි පුද්ගලයකුට වාහන ගෙන්වීම සඳහා කැබිනට් අනුමැතිය ලබාදීමට සූදානම් වන්නේ භාණ්ඩාගාරයට යෑමට ඇති රුපියල් මිලියන විසිපන්දහසක පමණ මුදලක් රාජපක්‍ෂලාගේ ගිණුමට යෑම සඳහා දැයි සැකයක් මතුවන බවත් කී ඒ මහතා මොහු ලබාදුන් වාහන භාවිත කරන ගම්පහ දිස්ත‍්‍රික්කයේ ඇමැතිවරුන් සිටින බවද සඳහන් කළේය.

advertistmentadvertistment
advertistmentadvertistment