ටොෆි, චොකලට්, ලොලිපොප්, ටැබ්ලට් ලෙස පාසල්වලට මත්ද්‍රව්‍ය රිංගලා

523

නි. පොලිස්පතිනි රේණුකා ජයසුන්දර

“මත් ටොෆි, මත් චොකලට්, මත් ලොලිපොප් සහ ටැබ්ලට් වැනි විවිධ ආකාරයට පාසල් තුළට මත්ද්‍රව්‍ය ඇතුළු වෙන්න පුළුවන්.

මේ නිසා දෙමාපියන් නිරන්තරයෙන්ම මේ පිළිබඳවත්, ඒවා භාවිත කිරීමෙන් සිදුවන ආදීනව ගැනත් දැනුවත් කිරීම ඉතා වැදගත්…..” යැයි පොලිස් ළමා හා කාන්තා කාර්යාංශයේ අධ්‍යක්‍ෂ නියෝජ්‍ය පොලිස්පතිනි රේණුකා ජයසුන්දර මහත්මිය “දිවයින”ට ඊයේ (29 දා) පැවසුවාය.

පාසල් යන තම දරුවන් ගැන දෙමාපියන් නිතර විමසිලිමත් වීම ඉතා වැදගත් බව පැවසූ නියෝජ්‍ය පොලිස්පතිනිය වැඩිදුරටත් මෙසේ ද කීවාය.

“සමාජයේ තිබෙන විවිධ අභියෝග අපිට එකවර නතර කරන්න බැහැ. ටොෆි, චොකලට්, ටැබ්ලට් ලෙසින් නොයෙකුත් විදිහට පාසල් තුළට අද වෙනකොට මත්ද්‍රව්‍ය ඇතුළු වෙලා තියෙනවා. දෙමාපියන් වශයෙන් ඔබ මේ ගැන දරුවන් දැනුවත් කරන්න. ඒවායේ ආදීනව ගැන කියාදෙන්න. දරුවා විශ්වාස කරලා අවිශ්වාසයක් ඇති නොවන විදිහට ඔහු ගැන සොයා බලන්න.

දරුවා පාසලට ගියාම, ක්ලාස් ගියාම ඇසුරු කරන යාළුවෝ කව්ද, දහම් පාසලේ ආශ්‍රය කරන යාළුවෝ කව්ද, පාසලට යනඑනකොට මොනවද කරන්නේ, මේවා ගැන නිතර විමසිලිමත් වෙන්න ඕනේ.

දෙමාපියන් දරුවන් ගැන විමසිලිමත් වෙනවා නම් දරුවන් මත්ද්‍රව්‍යවලට ඇබ්බැහි වන්නේ නැහැ. ඒ නිසා මොනතරම් කාර්යබහුල වුණත් තමන්ගේ දරුවන් ගැන දෙමාපියන් විමසිලිමත්ව කටයුතු කළ යුතුයි.

advertistmentadvertistment
advertistmentadvertistment