ටෝකියෝවේදී සිඞ්නිගෙන් ලෝක වාර්තාවක්

931

නව ලෝක වාර්තාවක් සමගින් ඊයේ (04 වැනිදා) ජපානයේ ටෝකියෝ අගනුවර දී පැවති 32 වැනි ඔලිම්පික් ක‍්‍රීඩා උළෙලෙහි කාන්තා මීටර් 400 කඩුලූ මතින් දිවීමේ ඉසව්වේ රන් පදක්කම හිමිකර ගැනීමට ඇමෙරිකා එක්සත් ජනපදය නියෝජනය කළ ‘මැක්ලාෆ්ලීන් සිඞ්නි’ සමත් වූවාය.

තත්: 51.90 ක් ලෙස තමන් නමින්ම පැවති ලෝක වාර්තාව බිඳ හෙළන්නට සමත් වූ 21 හැවිරිදි ‘මැක්ලාෆ්ලින් සිඞ්නි’ මෙවර රන් පදක්කම දිනා ගැනීම උදෙසා සටහන් කළ තරග නිමි කාලය තත්:51.46 කි.

(2018 වසරේදී තත්: 53.60 ක් ලෙස සටහන් කළ ‘මැක්ලාෆ්ලින් සිඞ්නි’ ගේ දක්ෂතාවය අවුරුදු 20 න් පහළ කනිෂ්ඨ ලෝක වාර්තාවකි.) එහි ප‍්‍රතිඵලයක් ලෙස 2008 දී බ‍්‍රසිලයේ එම්.වෝකර් විසින් පිහිටුවා තිබුණු තත්:52.64 ක ඔලිම්පික් වාර්තාව බිඳ වැටීම ද වැළැක්විය නොහැකි විය.

2016 රියෝ ඔලිම්පික් ක‍්‍රීඩා උළෙලේ දී අවසන් පූර්ව වටයෙන් නික්ම යන්නට ‘මැක්ලාෆ්ලීන් සිඞ්නි’ හට සිදු වූ අතර එහිදී ඇය ප‍්‍රදර්ශනය කළ දක්ෂතාවයට වඩා තත්පර 05 ක පමණ කාලයක් අඩු කර ගෙන තිබීම මෙවර කැපී පෙනුණි.

මීට පෙර වෙනිසියුලාව නියෝජනය කළ රොජාස් යුලිමාර් (කාන්තා තුන්පිම්ම- මීටර් 15.67) සහ නොර්වේ ජාතික වෝර්හෝම් කර්ස්ටන් (පිරිමි මීටර් 400 කඩුලූ මතින් දිවීම තත් 45.94* නව ලෝක වාර්තා බිහි කරමින් ජාත්‍යන්තර අවධානය දිනා ගත්හ.

මෙතෙක් පැවති මලල ක‍්‍රීඩා තරග ආශ‍්‍රිතව නව ඔලිම්පික් වාර්තා බිහිකරමින් කැපී පෙනෙන්නට

එලෙයින් තොම්සන් හේරා (කාන්තා මීටර් 100*,කැමාෂෝ ක්යින් ජෙස්මින් (කාන්තා මීටර් 100 කඩුලූ* ඔල්මන් වෙලරී (කාන්තා කවපෙත්ත* යන ක‍්‍රීඩක ක‍්‍රීඩිකාවෝ මෙන්ම පෝලන්ත (මීටර් 400 ඥ 4 මිශ‍්‍ර සහාය* පිල සමත් වූහ.

නව ඔලිම්පික් වාර්තාවත් සමග කාන්තා මීටර් 100 ඉසව්ව ජයගත් ‘එලෙයින් තොම්සන් හේරා’ මෙවර මීටර් 200 තරග ඉසව්ව ද ජය ගනිමින් රන් පදක්කමට හිමිකම් කීම කැපී පෙනුණි.

2016 වසරේ පැවති අවසන් ඔලිම්පික් ක‍්‍රීඩා උළෙලේ දී ද දස්කම් අතර රැුඳෙමින් මීටර් 100 සහ මිටර් 200 රන් පදක්කම් දිනා ගැනීමට ඇය සමත් වූවාය.

මෙවර මීටර් 800 කාන්තා රන් පදක්කම 19 හැවිරිදි ‘මූ ඇතිං’ (ඇමරිකා එක්සත් ජනපදය* සතු කර ගත්තේය. ඒ සඳහා ඇයට ගතවූ කාලය මි:1.55.21 කි.

කාන්තා මිටිය විසිකිරිම ඉසව්වේ ලෝක වාර්තාවට සහ ඔලිම්පික් වාර්තාවට හිමි කම් කියන පෝලන්තයේ ‘ඒ. ව්ලෝඩාසියක්’ මීටර් 78.48 ක දක්ෂතාවයක් ප‍්‍රදර්ශනය කරමින් රන් පදක්කම දිනා ගත්තාය.

අනුරුද්ධ හේරත් බණ්ඩාර

advertistmentadvertistment
advertistmentadvertistment